Menu Close

කොවිඩ් නයින්ටීන් නිසා රග්බි තරගාවලිය කල්යයි.

ලෝක ශූරතා සත්සාමාජික රග්බි තරගාවලියේ හොංකොං සහ සිංගප්පූරුවේ පැවැත්වීමට නියමිතව තිබූ අදියර දෙක කල්දැමීමට තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

ඒ මේ දිනවල පැතිර යන කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන්.

ලෝක ශූරතා සත් සාමාජික රග්බි තරගාවලියේ 7වන අදියර හොංකොං හිදී පැවැත්වීමට නියමිතව තිබුණේ අප්‍රේල් මස 3 වැනිදා සිට 5 වැනිදා දක්වායි.

නමුත් කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් එම අදියර ඔක්තෝබර් මස 16 වැනිදා දක්වා කල් දමනු ලැබුවා.

ඊට අමතරව තරගාවලියේ 8වන අදියර අප්‍රේල් මස 11 සහ 12 යන දෙදින තුළ සිංගප්පූරුවේදීයි පැවැත්වීමට නියමිතව තිබුණා.

නමුත් එම අදියර ඔක්තෝබර් මස 10 වැනිදා දක්වා කල්දමා තිබෙනවා.

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් මේ වසරේ හොංකොං සහ සිංගප්පූරු අදියර දෙක ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට කටයුතු කළද ලබන වසරේ සිට එම අදියර දෙක සුපුරුදු පරිදි අප්‍රේල් මාසයේ පවත්වන බවයි සංවිධායක මණ්ඩලය කියා සිටියේ.

Share with Friends

%d bloggers like this: