Menu Close

කොදෙව්වන්ට එරෙහි එක්දින සහ විස්සයි විස්ස සංචිතය නම් කරයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා වන 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මුලික සංචිතය නම් කර තිබෙනවා.

එක්දින නායකත්වය දිමුත් කරුණාරත්නටත්, විස්සයි විස්ස නායකත්වය ලසිත් මාලිංගටත් හිමිව තිබෙන අතර මාස 07කට පසු තිසර පෙරේරා මුලික සංචිතයට ඇතුලත් කර තිබෙනවා.

මේ අතර ලබන 17 වනදා පී. සරා ඕවල් ක්‍රිඩාංගනයේදී කොදෙව් කණ්ඩායම සමඟ පුහුණු එක්දින තරගය පැවත්වෙන පැවැත්වෙනවා. ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ නායකත්වය උපුල් තරංගට හිමිව ඇති අතර, 20 වනදා කටුනායකදි පැවත්වෙන දෙවන පුහුණු තරගයේ නායකත්වය ලහිරු තිරිමාන්නට හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා එක්දින හා විස්සයි-20 සංචිතය

දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, තිසර පෙරේරා, වනිඳු හසරංග, භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, ළහිරු කුමාර, ලසිත් මාලිංග, කසුන් රාජිත, ශෙහාන් ජයසූරිය, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන

Share with Friends

%d bloggers like this: