Menu Close

– Sylvester Stallone –

ස්ටැලෝන්ගේ ජීවිතය ආරම්භ වුණේම ඛේදවාචකයක් සමඟ. මවගේ තිබුණු සමහර සංකීර්ණතා නිසා ඉපදෙද්දිම ස්ටැලෝන්ගේ මුහුණේ පහළ කොටස ( දිව , කම්මුල , තොල් ) අංශභාග තත්ත්වයට පත්වෙලා තිබුණා.

පුංචි කාලේදි ස්ටැලෝන්ට සාමාන්‍ය විදිහට කතා කිරීම ලොකු අභියෝගයක් වුණා. ඒ නිසාම ඔහු අනිත් ළමයින්ගේ විහිලුවට , කරදර වලට ලක්වුණා. පුංචි ස්ටැලෝන්ට ගෙදරත් නිදහසක් තිබුණේ නෑ. ස්ටැලෝන්ගේ අම්මා තාත්තා අතරත් ගොඩක් ප්‍රශ්න තිබුණු නිසා ඔවුන් ස්ටැලෝන්ව නොසලකා හැරියා. ඔහු පොඩි කාලේ හිටියේ කැපකරු සත්කාරක මධ්‍යස්ථාන වල. ස්ටැලෝන්ගේ දෙමව්පියන් ඉක්මනින්ම වෙන් වුණා. තරුණ වයසට එනකොට ස්ටැලෝන්ට ජීවිතය ගැන තිබුණේ කෝපයක් විතරයි.

ස්ටැලෝන්ගේ පාසල් අධ්‍යාපනයත් එතරම් සාර්ථක වුණේ නෑ. ඔහුව පාසල් 14 කින් නෙරපා දැමුවා. ඊට පස්සේ ඔහු කායවර්ධනය කරන්න පටන් ගත්තා. පසුව ඔහු රංගන ශිල්පියෙක් වෙන්න ඕනි කියලා හිතාගෙන නිව්යෝර්ක් වලට ගියා. අවුරුදු ගාණක් උත්සහ කරද්දි ස්ටැලෝන්ට සුළු සුළු චරිත රඟපාන්න අවස්තාව ලැබුණා. ඒත් ඔහුට ජීවිතය පවත්වගන්නවත් මුදල් තිබුණේ නෑ. ඔහු හැම වර්ගෙකම රැකියා කරන්න පටන්ගත්තා. සත්ව උද්‍යානයේ සිංහ කූඩු සුද්ද කරා , සිනමාශාලා වල මිනිසුන්ට ආසන පෙන්වන්න වගේ දේවල් කලා. ඔහුට ඉන්න තැනක් වත් තිබුණේ නෑ සමහර දවස් වල. නිදාගත්තේ බස් නැවතුම්පොළේ සති ගානක්. කරන්නම දෙයක් නැති තැන ස්ටැලෝන් තමන්ගේ බල්ලව විකුණුවා පවුලකට. මොකද බල්ලට කන්න දෙන්නවත් ඔහුට වත්කමක් තිබුණේ නෑ.

දවසක් ස්ටැලෝන් බොක්සින් තරඟයක් බලලා ඒ ගැන ගොඩක් උනන්දු වුණා. ඔහු මනක්කල්පිත බොක්සින් ක්‍රීඩකයෙක් ගැන කතාවක් ලියන්න පටන්ගත්තා. දවස් 3 කින් පිටපත ලියලා අවසන් කරා. ‘රොකී’ ( Rocky ) ඉපදුණා. ස්ටැලෝන් මේ පිටපත විකුණන්න හිතාගෙන නිශ්පාදකයින් ළඟට ගියා. හැබැයි ඔහු නිශ්පාදකයින්ට එක කොන්දේසියක් දැම්මා. ඒ තමයි මේ කතාවෙන් චිත්‍රපටයක් කරොත් ඒකේ ප්‍රධාන චරිතය තමන්ට රඟපාන්න ඕනි කියලා. නිශ්පාදකයින් ඩොලර් 360,000 කට පිටපත ගන්න කැමති වුණත් ස්ටැලෝන් මෙහි ප්‍රධාන චරිතය රඟපානවට කවුරුත් කැමති වුණේ නෑ. ස්ටැලෝන් ඒ වෙලාවේ ප්‍රශ්න ගොඩක හිරවෙලා හිටියේ. ඔහුගේ බිරිඳ ගර්භණී වෙලා, ඔවුන්ට ඉන්න තැනක් නෑ, වාහනයක් නෑ. නමුත් ඔහු ඒ සියල්ල අවදානමේ දාලා තව දුරටත් නිශ්පාදකයින්ගෙන් ඉල්ලීම් කරා තමන්ට මේ චරිතය රඟපාන්න අවස්තාවක් දෙන්න කියලා. පස්සේ නිශ්පාදකයින් මේ චරිතය ඔහුට දෙන්න එකඟ වුණා. එහෙත් පිටපතට කලින් දෙනවා කිව්ව මුදලෙන් බාගයක් පමණක් ස්ටැලෝන්ට දෙන්න නිශ්පාදකයින් තීරණය කරා.
මුදල් ගත්තට පස්සේ ස්ටැලෝන් මුලින්ම කරේ තමන්ගේ බල්ලව නැවත මිලදී ගත්ත එක.

Rocky චිත්‍රපටය අවසන් වුණේ Oscar සම්මාන 3 කුත් දිනලා. Rocky සහ Rambo චිත්‍රපට දැවැන්ත සාර්ථකත්වයකට පත් වුණා. Sylvester Stallone කියන අදටත් නොමැකෙන පුරාවෘත්තය බිහිවුණා.

කතාවේ අවසානය මේක නෙවෙයි. ඔහු සාර්ථක වුණාට පස්සේ ස්ටැලෝන්ගේ ජීවිතයේ වේදනාත්මක දේවල් ගොඩක් සිදුවුණා. ඔහු බිරිඳගෙන් වෙන් වුණා. ඔහුගේ පුතා ඔටිසම් රෝගයට ගොදුරු වුණා. ස්ටැලෝන්ගේ අනිත් පුතා හෘදයාබාධයකින් මියගියා.
ජීවිතය ඔහුට පහර පිට පහර දුන්නා. ඒත් ඔහු අතහැරියේ නෑ…

“ඔබට දෙයක් කියන්නම්. ලෝකය කියන්නේ හිරුගේ ආලෝකයෙන් බබලන, දේදුනු පායලා තියෙන ලස්සන තැනක් විතරක් නෙවෙයි. මේක මහා නපුරු තැනක්. ඔබ කොච්චර තද කෙනෙක් වුණත් ලෝකය ඔබට දනින් වැටෙන්න පහර දෙනවා. ඔබ එයට ඉඩ දුන්නොත් හැමදාම වැටිලා තමයි ඉන්න වෙන්නේ. වැදගත් වෙන්නේ පහර පිට පහර වැදුනත් ඒවා දරාගෙන ඔබ ඉදිරියට යන්නේ කොහොමද කියන එකයි”…
– Sylvester Stallone –

%d bloggers like this: