Menu Close

දේශපාලනය නිසා අහිමිවන ආදරය

                            දේශපාලනය නිසා අහිමිවන ආදරය

මම හංසපූට්ටුව පොත ලියලා ඒකේ පිටපතක් මගේ මිත්‍ර දීප්තිට දෙනවා. ඒක බලලා එයා කියන කතාවේ මතක හිටින්නේ මට එක අදහසයි. ඒ කියන්නේ තවත් මගේ නිර්මාණ ස්වත්‍රන්ත්‍රවිය විය යුතුයි කියන එකමයි වගේ හැගීමක්. අසූවේ මුල හැමදාම වගේ අපේ සන්ද්‍යාකාලය ගෙවෙන්නෙ කොහේ හරි කලාව හෝ දේශපාලනය සම්බන්ධ තැනක. එතන අසූව දශකයේ යම් ශුවිශේෂ කල්ට් එකක් හැදෙනවා. එකේ අමතක කළ නොහැකි චරිතයක් තමා දීප්ති කුමාර ගුණරත්න. මේ සටහනට එයාගේ මේ මොහොතේ දේශපාලනය මට අදාල නැහැ කියන කාරණය මුලින්ම කියන්න වෙනවා. මම කතා කරන්නේ අපට දේශපාලනය නිසා අහිමිවුන දීප්ති කුමාර නැමැති කව්‍යක්කාරයා ගැන.
ඇත්තටම 80 මුල මට දීප්තිගේ කලාව අගයන්නේ කේ. කේ සමන් හෙවත් සර්පයා. මට බලන්න ලැබුනේ නැහැ එයාගේ මුල් කෙටි චිත්‍රපටය. එයා මුලින්ම කරනව “රාම රාජ්‍යය” කියලා කෙටි චිත්‍රපටයක්. සර්පයා යම් කලා කෘතියක් ගැන කියාගෙන යන විදිහ ඒක බලනවාට වඩා වෙන එකක්. මම තාම ආසයි ගජමන් පුවත බලනවාට වඩා කේ කේ සමන් එක්ක ගජමන් පුවත නාටකය ගැන කතා කරන්න. ඉතින් මම රාම රාජ්‍ය එදා බලන්නේ සර්පයාගේ දෘෂ්ටි විතානයට පින්සිද්ධ වෙන්න. කොහොම උනත් දීප්ති කියන්නේ ලාංකේය දේශපාලන තලයේ වැදගත් කාර්ය භාරයක් කළ අයෙක්. ඒක නිසා නෙවේ අපි රාම රාජ්‍ය නැවත බලන්න නව පරපුරට නිදහස් කරන්න කියනනේ. දීප්තිගේ කලාව සම්බන්ධ තිබ්බ මගුලකට මම ලව් නිසයි.

අතිත මිනිසුන් සමකාලිනකයන් ගැන නිහඬව සිටියා වගේ අසූවේ අපට ඒක කරන්න අයිතියක් නැහැ. දීප්තිගේ “ඊඩන් උයන” කියන කෙටි කතා පොත මට ගෙනත් දෙන්නෙත් සර්පයාමයි. ඒක මාර විදිහට මට පත්තියම් වෙනවා. ඇත්තටම මගේ සමකාලිනකයෙකුගේ කෙටිකතාවක් මගේ ආදර ගීතයක් බවට පත්වෙනවා කියන එක මාර ආදරයක්.

පස්සේ දීප්ති “නිරුවත් නමින් “ මාර ස්වතන්ත්‍ර නාට්‍යයක් කරනවා. ඔව් විරාගයේ අරවින්දවයි පිටස්තරයා පොතේ මර්සර්වයි විද්‍යුත් විච්චේදනය කරනවා. බ්‍රෙෂ්ට්ගේ දුරස්තකරන සිද්ධාන්ත සමග පින්තූර රාමු වේදිකාව අතික්ක්‍රමණය කලේ සිද්ධාන්ත වශයෙන් ලෙත්තමිකීගේ පුන්තිලා කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඒත් ලාංකේය ආධ්‍යාත්මික ලකුණ ඉක්මවමින් දීප්ති අපේ අධ්‍යාත්මික ලෝකයේ පින්තූර රාමු වේදිකාව නිරුවත් නාටකටයන් ඉවර කර දානවා. මට මතක විදිහට එදා නවරත්න ගමගේ නැමති පොඩි කොල්ලා සංගීතයෙන්ද යම් සලකුණක් තබනවා.
ඔව් එතනින් පස්සේ දීප්ති ගොඩෝ ඒනකන් – නැතිනම් ගොඩෝ උන්නැහේ එනකම් කියන සැමුවල් බෙකට්ගේ නාටකයේ අනුවර්තනයක් වේදිකාවට ගේනවා. තව දුරටත් දීප්තිගේ කලාව ගැන තිබි ප්‍රතිභාව වනනවාට වඩා මම එයාට මල්මිටක් දෙන එක වඩා නිවැරදියි.
වාමාංශික දේශපාලනය නිසා අපට හොඳ වෙද්‍යවරයෙක් වෙන්න තිබ්බ විජේවීර නැතිවුනා කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඒ වගේමයි හොඳ ඉන්ජිනේරුවෙක් වෙන්න තිබ්බ චම්පික රණවකත්. වික්‍රමභාහු කරුණාරත්න ගැන කතාකරලා වැඩක් නැහැ. මට දැනෙන විදිහට ටික කාලයකට පෙර ලස්සන බ්ලොග් සහ පොත් ලියපු කරුණාරත්න පරණවිතානත් මතකයට එනවා. දීප්ති ගැනත් ඒ ටිකම කියන්න වෙන ඒකක් නැහැ.මොකද මේක දැක්කට පස්සේ එයා ආයෙත් නිර්මාණයක් නැවත කරාවි කියලා දැනෙන නිසා.
සටහන
ජගත් මාරසිංහ
13 02 2020 

%d bloggers like this: