Menu Close

අසිරිමත්වූ දේකි -පළමුවෙනි කොටස

කොහෙවත් නැති පොතක් නෙවෙයි මේ!
දොළහ වෙද්දී – පළමු කොටසින් මං පොරොන්දුවක් දුන්නා. මතකයි නේද? ඒක ඉටු කරන්න ලක-ලැහැස්ති වෙද්දී, මට පුරුදු විදියටම  චුට්ටක් වටපිටාවෙත් හොයලා බැලුවා.  
‘තමුසෙගෙ ජීවිත කතාව කියවගෙන එන අපට කොහෙවත් නැති පොතක් මොකටද’ කියලා කවුරු හරි ඇහුවොත්? අනෙක වර්තමාන තත්ත්වය ගැන මං කොච්චර දැනුවත්ද? මං වහන්සේ update වුණා-නොවුණා කාරි නෑ, ලියන්නේ යාවත්කාලීන සමාජයකටනේ.

ඉතින් update වෙලා ඉන්න full try කරන ‘මැන්ටල් මං’ FB එකෙන් ගොඩක් දේවල් දැනගන්නවා! එහෙම වෙලාවක….

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මහත්තයා ‘හතේ අපේ පොතට ලුණු වැඩි වුනාලු’ කියලා ලිපියක් 2020 ජනවාරි 21 වෙනිදා රාත්‍රී 8.20ට මුහුණු පොතේ පළකොට තිබුණා. ‘හතේ අපේ පොතේ පාඨක සමාජය’ට ඒක share කරගෙන. 

ඒ ලිපිය මම දැක්කේ පෙබරවාරි හත් වෙනිදා……….
ඒ ලිපිය මං දැක්කේ පෙබරවාරි 7 වෙනිදා.

ජනවාරි 21 වෙනිදා හවස දෙකට පටන්ගෙන 5.30 විතර දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණු ඒ රැස්වීම කැඳවලා තියෙන්නේ ආයතන දෙකක් එකතුවෙලා. 
පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවයි, කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික කාරක සභාවයි ඒකාබද්ධව.

රැස්වීම ඉවර වෙලා ආව ගමන්ම; එදාම වරුණ මහත්තයා ඒ ලිපිය ලියන්න ඇත්තේ ඉතාම කාලෝචිත දෙයක් නිසා වෙන්ටෝනෙ. 
ඔන්න ඒ වෙනුවෙන් එතුමාට මගේ ප්‍රණාමය!

ඒ විස්තර සේරම ඔයාලට මුල්ම තැනට ගිහින් බලන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. මට වඩාත් වැදගත් වෙන්නේ ආචාර්යතුමා එහිදී නඟා තිබුණු ප්‍රශ්න 7යි. 
ඊට යටින්, එතුමාම ලියා තිබුණා නොවැ ‘මේ ප්‍රශ්න එකකටවත් කාගෙන්වත් උත්තර ලැබුණේ නෑ’ කියලත්.
ඔය සාකච්ඡා සම්මන්ත්‍රණ ගොඩකට යන උදවිය කේක් කාලා තේ බීලා කිරා වැටි-වැටී ඉඳලා…..
ඔය වගේ රැස්වීම්වලදී ආයතන නියෝජනය කරමින් එන ගොඩක් උගත් අයට ආපහු යන්ටත් හදිස්සි නිසාවත්ද අර ප්‍රශ්න 7 ට උත්තර දෙන්න ඉඩ නොලැබුණේ? (එහෙමත් නැතිනම් සාකච්ඡාව ඉතා උණුසුම්ව ගලාගෙන ගිය නිසාද?)

අනේ, මෝඩ මං එතැන හිටියා නම්, දෙනවා තරමක් කෙටි උත්තර 7ක්. 

මෙන්න ඒවා අනුපිළිවෙලින්. ඉඩකඩ වගේම ඔයාලගේ ඩේටා ගැනත් මට මතක් වුණු නිසයි, ඒ ඒ ප්‍රශ්නය එක්කම මගේ උත්තරයත් යොදන්නේ.

1. ජීවිතයට අදාළ හැම දෙයක් ම පාසලේ දී ම ඉගෙන ගත යුතු ද?  
  1. නැත.

2. දෙමව්පියන් කියන්නේ ගුරුවරුන් නෙවෙයි ද?   
  2. අර්ධ ගුරුවරුන්ය.

3. සමාජයේ ගුරුවරු නැති ද?   3. සිටිති.
අද කාලේ සමාජයේ ගුරුවරුන් කොච්චර ඉන්නවද? (විනී හෙට්ටිගොඩ මහතාගේ කාටූනයකි).
4. යහළුවන් අතර ගුරුවරු නැති ද?   4. සිටිය හැකිය.

5. තමන්ටත් තමන්ගේ ම ගුරුවරයෙක් වෙන්න බැරි ද?  
  5. හැකිය. එහෙත් එසේ වනුයේ තම බුද්ධියේ තරම අනුවය.

6. කවි, කෙටි කතා, නව කතා වගේ දැනුම හරහා මේ දැනුම සන්නිවේදනය කරන්න බැරි ද?      6. තරමක් දුරට හැකිය.

7. මේ දේවල් අමු අමුවේ කියන්නේ සන්නිවේදන හැකියාව නැති අය නේ ද? 
  7. (ලඝු පිළිතුරක් ප්‍රමාණවත් නැත.) ඒ ඒ සන්නිවේදකයාගේ හා ඒ ඒ ග්‍රාහක/ඉලක්ක කණ්ඩායම අනුව මෙය වෙනස් විය හැකිය.

හැබැයි, මේ ප්‍රශ්න දිහා බලපු ගමන්ම තේරෙනවා ‘ගොනා හැරෙන්නේ කෙහෙල් පැලය කන්න’ බව. 

මගේ නසරානිකමට මට එහෙම හිතුණා වුණාට චන්ද්‍රකීර්ති ආචාර්යතුමා තුන්හිතකින්වත් එහෙම නොහිතන්නත් ඇති, සමහර විට.
අපේ ළමයි ඔහොම කුණුහරුප කතා කරන්නේ නැහැ. එයාලා හොඳ ශීලාචාර…..  (4 පිටුවේ ඡායාරූපය)
අනේ දහස් වාරයක් සමාවෙන්න ඕනේ ආචාර්යතුමෝ. මට එහෙම හිතිවිල්ලක් ඇති වුණේ මෙන්න මේකයි. ඔබතුමාගේ ලිපියේ 1/3 කටත් වැඩිය වෙන්වෙලා තිබුණේ සාකච්ඡාවට සහභාගී වුණු ඇත්තන් ගැන කියන්න. ඒ විදිහට බැලුවාම කතා වුණු දේවල් ටික ගැන ලියවෙලා තිබුණා මදිත් තරම් ….

ඒ අතරේ ඔන්න අපේ පොතේ වැඩේට….

‘අසිරිමත්වූ දේකි’ මුලින්ම මුද්‍රණය වුණේ මොන අවුරුද්දේද කියලා මං හරියටම දන්නේ නැහැ. 1979 ට කලින් බව විතරයි ස්ථිරවම කිවහැකි. 
මගේ ළඟ තියෙන්නේ 1987 print එකෙන් පිටපතක්. ඒ දෙවෙනි මුද්‍රණය.

මේ පොත ‘පංච තන්තරේ’ට ඔබන්න සැරසෙනකොට මං හතේ පොත ගැන තිබුණු සාකච්ඡාව ගැන දැනගෙන හිටියේ නැහැ. අදයි; පෙබරවාරි 7 වෙනිදායි චන්ද්‍රකීර්ති මහත්තයාගේ ලිපියෙන් ඒ විස්තර දැනගත්තේ. 
(මේ පොත ගැන ඒ මහත්තයා මොනවා කියාවිද? මේ පෝස්ටුවේ ලින්ක් එකක් මං එතුමාටත් යවනවාමයි. දැනුවත් කිරීම සඳහා. ඒවා යුතුකම්නේ.)
පොත ගැන මගේ වරුණේ කියවලා…… (අසිරිමත්වූ දේකි 1,2,3 පිටු)
‘අසිරිමත්වූ දේකි’ පොත ගැන මගේ වරුණේ කියවලා, අපේ ඩ්රැකී උන්නැහේ හිත හොඳ වැඩිකමටම, මට නැව් කඹයක්ම ගිල්ලන්නත් හදලා තිබුණා “ඇයි ඉතිං ඔය පොත ආපහු පබ්ලිස් නොකරන්නෙ?” කියලා. 
මං පොත් අච්චු ගැහිල්ලට ආයෙම නොගියත් කාට හරි මේ පොත පළ කරන්න හිතුණොත්….  නැවත මුද්‍රණයක් කරනවා නම් මේ පෝස්ටුවලින් ඒක ලේසි වෙයි කියලත් හිතෙනව. 

ඒත් ඉතින් ‘වවුලගේ මඟුල් ගෙදර ගියා නම් එල්ලිලා ඉඳපං!’ කියලා කියනවනේ. පොතේ අන්තර්ගතය අස්සට මගේ චූර්නිකාවල්…. ෆොටෝ එහෙමත් ඔබනවා. 
එහෙම කරන්නේ ‘පංච තන්තරේ මගේ රටාව නොකඩවා පවත්වාගෙන යන්නයි! ඒකට තරහ නැහැනේ?

මෙන්න පොතේ තුන්වෙනි පිටුවෙන් පටන් ගන්නවා:

මේ පොත – තරුණ ජනගහන කමිටුවේවත්, අපේවත්, පුද්ගලික අදහස් රැගත් වචන මාලාවක් නොවෙයි. එය විද්‍යාත්මක පොතපතින්, සඟරාවලින්, පරීක්ෂණවලින් සහ දේශනවලින් රැස්කර ගන්නා ලද කරුණු ගොනුකර පළ කිරීමක්.
මේ පොත නියම ලිංගික අධ්‍යාපනය ලබා ගැනීමට නොඉවසිලිමත්………..
මේ පොත – ඔබත් මමත් දන්නා නමුත් හරියටම නොදන්නා; සුප්‍රකට නමුත් එතරම්ම ප්‍රකට නැති ඉතා වැදගත් කරුණු සමූහයක් ඔබ වෙත ඉදිරිපත් කරයි.

මේ පොත – ඔබ නොදන්නා දේ හෙළි කිරීමටත්, දන්නා දේ තවත් තහවුරු කිරීමටත්, විශේෂයෙන්ම අප අතර ඇති මිථ්‍යා මත දුරු කර ලීමටත් කරන ලද උත්සාහයක්.

මේ පොත – මුල් වරට පළ කරවීමේදී දයා අබේවික්‍රම, ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර, දොස්තර දියනාත් සමරසිංහ, ප්‍රභාත් මානවසිංහ, පාල පීරිස්, රන්ජන් ඉන්ද්‍රානි, ප්‍රෑන්ක් පුෂ්පනායගම්, බන්දුල පීරිස්, සුනිල් ගෝවින්නගේ, දොස්තර හේසුකු විමලරත්න හා හැරල්ඩ් පීරිස් සහාය දුන්නා.

මේ පොත – නැවතත් මුද්‍රණය කරවීමේදී තරුණ ජනගහන කමිටුවේ ප්‍රසන්න පනංගල, සනත් කීර්තිසිංහ, උපාලි ජයරත්න, නන්දනී හෙට්ටිආරච්චි, අනුර ජිනදාස, ඉන්දිරා හෙට්ටිහේවා, නිමල් දිසානායක, මර්වින් බොතේජු සමඟ 1987 ත.ජ.ක. සභාපති ඩී.ඩී. පද්මසිරි දිවා රෑ නොබලා මහන්සි වූවා.
ලිංගිකත්වය අවිවාහක අයට තහනම්ද? (4,5,6 පිටු)
මේ පොත – නියම ලිංගික අධ්‍යාපනය ලබා ගැනීමට නොඉවසිලිමත් තරුණ ඔබටයි!
තරුණ ජනගහන කමිටුව
1987. 03. 25

එතනින් තුන්වෙනි පිටුව ඉවරයි. මෙතැන (5 පිටුවේ) ඉඳලයි පොතේ අන්තර්ගතය -text එක පටන් ගන්නේ!

“අපේ ළමයි නම් ඔහොම නෑ. ඒ ගොල්ලෝ ඕව දන්නෙත් නෑ” හුඟක් වෙලාවට ලිංගික කරුණු ගැන කතා බහ කරද්දී අපේ අම්මල තාත්තල වැඩි දෙනෙක් මේ වගේ දේවල් කියනවා. ඒ ගැන ඔබ කියන්නේ මොකක් ද?

මේ වගේ කතා අපි ඕනෑ තරම් අහල තියෙනවා. ඒ වුණාට නියම ඇත්ත නම් මේක නෙවෙයි. මේ වගේ වෙලාවට ‘දෙමාපියන් ඒ අයගේ දූ දරුවන් ගැන ඇත්ත වසන් කරනව’ කියන එකත් හරි නැහැ. අපේ වැඩිහිටි අය ගැන හිතන කොට මේ වගේ කතා කියන්නේ ඇයිද යන්න අපට තේරුම් ගන්න පුළුවන්.

ඒකට ලොකු හේතුවක් තමයි ලිංගිකත්වය අවිවාහක උදවියට තහනම් දෙයක් ලෙස සැලකීමේ පුරුද්ද.
වැඩිහිටියන් හදන්නේ තමනුත්, දරුවනුත් හරිම හැදිච්චි උදවිය කියලා ලෝකෙට පෙන්වන්න!
මේ වැඩිහිටියො හිතන්නේ ලිංගික කරුණු ගැන කතා කිරීම පවා වැරදි දෙයක් කියල. ඒ හින්ද තමයි අර වගේ කතාවලින් වැඩිහිටි අය තමනුත් තම දරුවනුත් “වැදගත්” පුද්ගලයින් හැටියට මවා පෙන්වන්න උත්සාහ කරන්නේ.

එහෙනම් මේ වගේ මව්පියවරුන් කරන්නේ වැරැද්දක් නෙමෙයි කියලද ඔබ කියන්නේ?

ඒ වගේ කතා ගැන දොස් කීම හෝ වාදවිවාද කිරීම වැදගම්මක් ඇති දෙයක් කියල අප හිතන්නේ නැහැ.

නමුත් වගකීමක් ඇති අනාගත දෙමව්පියන් හැටියට “ලිංගිකත්වය හා අපේ දරු පරපුර ගැන” ඇත්ත ඇති හැටියෙන්ම අපි තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් ගත්තම තමයි ඔවුන් නියම මඟ යවන්න පුළුවන් වෙන්නේ. අන්න ඒකයි අපි කියන්නෙ.

ළමයින් ගැන අපි තේරුම් ගතයුතු ඇත්ත මොකක් ද?
ගෙදරදී කතා නොකරන, කතා කරන්නට තහනම් දේවල් ළමයි එකතු වුණාම ඕනෙ තරම්……
පාසල් යන වයසේ ළමයි තමන් හා යාළු මිත්‍රකම් දක්වන අනෙකුත් ළමයින් සමඟ බොහෝවිට ලිංගික කරුණු ගැන කතා කරන බව අප කවුරුත් දන්නව. 

ගෙදරදී කතා කිරීමට ඉඩක් නැති මෙම “රසවත්” කාරණා ගැන බොහෝ උනන්දුවක් දක්වන ඔවුන් ඒ ගැන කතාබහ කරමින් ඒවා පිළිබඳ නොයෙකුත් දේ එහිදී ඉගෙන ගැනීම සාමාන්‍ය දෙයක්.

සමහරවිට තමන් ඉගෙන ගන්න දේ ගැන ඔවුන් නොයෙක් පරීක්ෂණත් පවත්වනව.

වෙනත් පාඩමකට නම් ඔවුන් මේ තරම් උනන්දුවක් කිසිසේත්ම දක්වන්නේ නැහැ. 

මේ විදිහට ඔවුන් නොයෙක් ලිංගික කරුණු ගැන දැනුමක් ලැබුවත් ඒ දැනුම හරි දැනුමක් නම් නොවෙයි. එවැනි වැරදි අදහස් නිසා තරුණයන් නොමඟ යන අවස්ථාද බොහෝයි.
කර්තෘ අඥාත මේ වගේ චිත්‍ර ඉස්සර නම් පාලු තාප්ප-බිත්තිවල ඕනේ තරම්!
නොමඟ ගොස් අනාථ වූ හෝ අතරමං වූ තරුණන් ගැන කරන ලද සොයා බැලීම්වලදී පෙනී ගොස් තිබෙන වැදගත් දෙයක් නම් එම ගැටවර අය තුල ලිංගිකත්වය ගැන තිබෙන දැනුම වැරදි සහගත බවයි. 
ඒ වගේම ඒ දැනුම අසම්පූර්ණයි. 
ලිංගිකත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඔවුන් තුල තිබුණා නම් කිසි දිනෙක අතරමං වීමට හෝ කරදරයකට පත්වන්නේ නෑ.

එහෙනම් අප මේ ගැන මොකක් ද කරන්නේ?

ලිංගික කරුණු ගැන තියෙන වැරදි හැඟීම් නිසා නොමඟ ගිය අය හට දොස් කියමින් පත්තරයට ලිවීම, කවි සෑදීම හෝ ඔවුන්ට අවලාද කිරීම මෙම ප්‍රශ්නවලට උත්තරයක් නෙවෙයි.

අප කියන්නේ අපේ අනාගත පරපුර වන තරුණ පරපුර කෙරේ ලිංගිකත්වය ගැන ඉතා හොඳ පැහැදිලි දැනුමක් ඇති කරන්න ඕන කියලයි. 

ඒ වගේම අම්මල තාත්තල තුලත් මේ ගැන උනන්දුවක් ඇති කරන්න ඕන.
අමාරු වැඩක්? ටයිටැනික් නැවේ නැංගුරම් දම්වැල තනද්දීත් ඒක ලේසි වෙන්න නැතිව ඇති.
මේක හුඟක් අමාරු වැඩක් කියල ඔබ හිතන්න පුළුවන්. ඒත් අපි උනන්දුවෙන් මේ වැඩේ කරන්න පටන් ගත්තොත් කිසිම අමාරුවක් ඇති වෙයි කියල හිතන්න අමාරුයි.

ඒක පටන් ගන්නේ කොහොම ද?

ලිංගිකත්වය ගැන කතා කරනකොට පළමුවෙන්ම අප ගැහැනියකගේ හා පිරිමියෙකුගේ වෙනස්කම් හා හැසිරීම් ගැන ඉගෙන ගන්න ඕන.

ගැහැනියකගේ හා පිරිමියෙකුගේ ඇති වෙනස්කම් මොනවා ද?

මේ වගේ ප්‍රශ්නයකට පොත් පිංචකින් සැලකිය යුතු උත්තරයක් දෙන්න අපට පුළුවන්කමක් නෑ.
හොඳයි, කුඩා ජංගි ඇඳගෙන මූදු වෙරළක සෙල්ලම් කරන කුඩා ළමයින් පිරිසක් දෙස සිත යොමු කරන්න. 

එහෙම වෙන් කරලා හඳුනාගන්න පුළුවන් වෙන්නේ බාහිර ලිංගික…..(7,8,9 පිටු)
ඒ ළමයින් ගැහැනු පිරිමි කියල වෙන්ව හඳුනාගන්නට ඔබට පුළුවන්ද? 

බෑ. ඒ ඇයි? 
ඒකට හේතුව ඒ ළමයින් සියල්ලම හැම අතින්ම එකම වගේ පේන එකයි. 
හැබැයි ඔවුන්ගේ ඇඳුම් ගැලෙව්වොත්? 
එතකොට නම් එකපාරටම ඔවුන්ව වෙන් කරගන්න පුළුවන්.

එහෙම වෙන් කරගන්න පුළුවන් වෙන්නේ ඔවුන්ගේ බාහිර ලිංගේන්ද්‍රියවලිනුයි. මෙයට අපි ප්‍රාථමික ලිංගේන්ද්‍රිය පද්ධතිය කියල නම් කරනව.

එතකොට ලොකු අයගෙ ඇත්තේ මේ වෙනස විතරද?

නෑ. තරුණ පිරිසක් මෙම ප්‍රාථමික ලිංගේන්ද්‍රිය පමණක් වැසෙන විදිහට ඇඳුම් ඇඳගෙන හිටියොත් ඔබට ඔවුන් ගැහැනු පිරිමි වශයෙන් වෙන්කර හඳුනාගන්න පුළුවන්ද?
ඇත්තටම පුළුවන් කියල ඔබ එක පාරටම කියාවි. 

ඒ අයගේ මුහුණේ හා ශරීරයේ වෙනත් තැන්වල නොයෙක් විදිහේ වෙනස්කම් පේනව. 

ගැහැනු-පිරිමි දෙගොල්ලන්ගේ සිරුරේ කැපී පෙනෙන වෙනස්කම්……
ගැහැනියකගේ සිනිඳු සම, උස් වූ ළැම, පළල් වූ උකුල වගේම පිරිමියෙකුගේ මුහුණේ රැවුල, ශක්තිමත් මස්ගොබ හා පළල් උර දිහා බැලුවම ඔවුන්ගේ වෙනස එක පාරටම පේනව. මේ වගේ ලකුණුවලට අප කියනව ද්විතීයික ලිංගික ලක්ෂණ කියල.

ඔන්න දැන් ඔයාලා පොතෙන් පිටු 8ක් කියවලා ඉවරයි. 

ඒවා ලියලා තිබුණේ විද්වත් මණ්ඩලයක් එකතු වෙලා. 
එහෙම නැති අය මොනවද කියන්නේ? මෙයාලත් මේ සමාජයේම ඉන්න අයනේ.

හිතවත් කිංස්ලි සාන්ත එවලා තිබුණා ලස්සන මැසේජ් එකක්. 
එයාටත් කවුරු හරි එවපු එකක්. 
මේවායේ මුල හොයන රාජකාරිය මං වගේ ‘මැන්ටලේකට’ නම් මේ කපේදී කරන්න බැරි බව පැහැදිලියි. 
ඒත් මොකෝ? හදාපු කෝකියාව ඇඳිරුවේ නැතිවාට රස කෑමක් කන්න බැරිකමක් තියෙනවයැ?

ඒ මැසේජ් එක ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මහත්තයා අහලා තිබුණු 6 වෙනි ප්‍රශ්නයටත් යම්කිසි උත්තරයක් වගෙයි කියලත් හිතෙනවා…..
කාන්තාවගේ ලෝබකම හා පිරිමින්ගේ ත්‍යාගශීලී බව ගැන විවරණයක්………
“කාන්තාවගේ ලෝබකම සහ පිරිමින්ගේ ත්‍යාගශීලී බව ජීව විද්‍යාත්මකව සෛලීය මට්ටමෙන් පැහැදිලි කිරීම….😂👍👍

ගෑනු ළමයෙක් ඉපදෙනකොට ඩිම්බ නිපදවෙන්න හේතුවෙන ස්යුණිකා සෛල මිලියන 2ක් එක්ක තමා එයා ඉපදෙන්නේ. 
ඒත් එයා මුළු ජීවිත කාලෙ පුරාවටම ඔතනින් පිටතට දෙන්නේ ඩිම්බ 400යි. 
ඒ කියන්නේ ඩිම්බ දහනමලක්ෂ අනූනමදාහක් විතර එයා තමන්ගේ ළඟ තියන් ඉන්නවා. එයාට වැඩකුත් නෑ, අපිට වැඩකුත් නෑ, රටට වැඩකුත් නෑ😂👍👍👍👍

ඒත් පිරිමි ළමයෙක් ඉපදෙනකොට ඌ ළඟ එක ශුක්‍රාණු සෛලයක්වත් නෑ. 

ඒත් එයා යෞවනෝදයෙන් පස්සේ නිපදවන ශුක්‍රාණු හැම එකක්ම මුදා හරිනවා… 
කාන්තාව වගේ වරකට එක බැගින් මාසෙකට සැරයක් නෙමේ. 
වරකට මිලියන 70 බැගින් දිනකට වරක්. (මෙය පුද්ගලයා අනුව වාර 1-5 දක්වා වෙනස් විය හැක.) 

මෙහෙම ලෝබ නැතිව දුන්නට ශුක්‍රාණු හදන්න යන මහන්සිය දන්නේ ශුක්‍රධර නාලිකාව විතරයි. එක ශුක්‍රාණුවක් හදන්න දවස් 72ක් යනවා. 😢😢😢😢
ශුක්‍රාණුවක් හදන්න යන මහන්සිය දන්නේ…. 😢😢😢😢
ඒත් දෙන්න කිසිම ලෝබකමක් නෑ.❤❤❤❤…..”
ඒ FB පෝස්ටුව ඉවරයි කියලද හිතුවේ? නෑ… තව තියෙනවා…. කියන්නේ දැන් නෙවෙයි. ඊළඟට….

%d bloggers like this: