Menu Close

232) කිරුළු පැලදි කොරෝනගේ කෙරුවාව

හැඩ වැඩ කොරෝනා

දැන් ලෝකේ හැම තැනකම කතාවන මාතෘකා අතර මුල් තැනක තියෙන්නේ කොරෝනා වයිරසය. ඒ අදාල වයිරසය අළුත් නිසාත් , එහි හැසිරීම පිළිබඳ තවමත් සම්පුර්ණ අවබෝධයක් පර්යේෂකයන් අතර නැති වීමත්, දිනෙන් දින වයිරසයේ බලපෑම පැතිරීම සහ ඒ ඔස්සේ සිදුවන මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වීමටත් වඩා, මාධ්‍ය මගින් ලබා දෙන ප්‍රචාරයන් ඊට හේතු වෙනවා.


ප්‍රධාන සහ පිළිගත් ජනමාධ්‍ය අදාල සෞඛ්‍ය අංශ වල උපදෙස් අනුව යමින් තොරතුරු ලබා දුන්නත් , එවැනි ප්‍රධාන මට්ටමේ නොවන මාධ්‍ය සහ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ තුලින් පැතිරෙන සමහර ව්‍යාජ තොරතුරු නිසා පවතින අවදානම සහ ඒ ආශ්‍රිත බිය  තවත් වැඩි කරන තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. ඒ බියට වඩා ප්‍රධාන කරුණ වන්නේ වැරදි තොරතුරු සමාජ ගත වීම තුල , යම් අවස්ථාවක මෙය වසංගත තත්ත්වයකට පත්වීමේ තත්ත්වයකදි එය පාලනයට ලොකු බාධාවක් වෙන්න පුළුවන් මේ කියන වැරදි මතවාද.

අන්න ඒ නිසා හිතුනා මුලින්ම මේ විදියට දැනට පැතිරෙන වැරදි තොරතුරු කිහිපයක් පිළීබඳව ඇත්ත කතා කරන්න. ඊට පස්සේ කොරෝනා වයිරසය පිළිබඳ ඔබ දැන ගත යුතු තොරතුරු ටිකක් කතා කරන්නම්. මේ කතා කරන්නට අවශ්‍ය තොරතුරු ලබා ගන්නේ පසුගිය දින කිහිපය පුරා අප වෙත කැනඩා  විසින්අප වෙත ලබා දෙන සෞඛ්‍ය වැඩසටහන්  ඔස්සේ දිනපතා ලබා ගන්නා දැනුම සහ මෙවැනි අවදානම් අවස්ථාවක් ලෙස 2009දී H1N1 ලංකාව තුල පැතිරෙත්දි , එම රෝගීන්ට ප්‍රතිකාර කිරීමටම සැකසුනු කරාපිටිය ශික්ෂණ රෝහලේ ඒකලන ඒකකයේ මුල්ම කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස වසර ගණනාවක් පුරා මෙවැනි අකීකරු වයිරස සහ බැක්ටීරියාවන් සමඟ සටන් කළ රෝගීනට ප්‍රතිකාර ලබා දෙමින් ලද දැනුමත් සමඟිනි.

කතා අංක 1- ඇතුල පිටට දාන කොරෝනා
මේ දිනවල සමාජ මාධ්‍ය තුල පැතිරෙන පහත දැක්වෙන පිංතූරය සහිත ලිපි මගින් කියැවෙන්නේ කොරෝනා වයිරසය සමඟ එන ගැටළු තුල මුහුණු වැස්මක් භාවිත කරන ආකාරයි. කෙසේ වෙතත් මේ තොරතුර සම්පුර්ණයෙන්ම වැරදියි

කිසිම විටෙක මෙබඳු මුව වැස්මක් , මෙහි කියන පරිදි ඇතුලත පිටතට සිටින සේ නොපළදියි. හේතුව මෙම මාස්ක් වල තාක්ෂණික සැකසුම ඇත්තේ මේ කියන ආකාරයට ඇතුලට පිටටත් , පිටත ඇතුලටත් සිටින සේ පැලදීමට නොවන නිසාවෙනි.

හරි මේ කතාව වැරදි නම් මොකක්ද හරි දේ කියල බලමු නේද?

මුලින්ම කියන්න ඕන , මෙවැනි වයිරස් වසංගත තත්ත්වයකදී මෙම සාමාන්‍ය මුහුණූ වැසුම් (මෙහි Medical masks ලෙස හැදින්වුවද පොදුවේ මේවා හදුන්වන්නේ Surgical masks ලෙසයි)  මගින් වයිරසය පැතිරීම සහ වයිරසය තමා වෙතට ඇතුළු වීම “යම් ප්‍රමාණයකට“ සීමාකරගත හැකි වුවත් එමගින් සම්පුර්ණ ආරක්ෂාව ලැබේ යැයි විශ්වාස කර අනෙක් ආරක්ෂක උපක්‍රම ( ඉදිරියේදි කතා කරනවා) අනුගමනය නොකිරීම “වයිරසයට අත වැනීමකි“.

දැන් අපි ටිකක් කතා කරමු මේ Surgical mask වල කෙබඳු තාක්ෂණයක්දැයි භාවිත වන්නේ. අපි මෙතැනදි කතා කරන්නේ වෙළඳපලෙන් මිළදී ගත හැකි හොඳ තත්ත්වයේ surgical mask එකක් පිළීබඳවයි.
මෙබඳු මාස්ක් එකක ප්‍රධාන ස්ථර තුනක් තිබෙනවා. (සමහර අවස්ථා වල දෙකක් ලෙස හඳුනගන්නත් පුළුවන්) එයින් වර්නවත් ස්ථරය , සාමාන්‍යෙයන් නිල් හෝ කොළ පැහැයට හුරු පැහැගන්වල තිබෙන කොටස හදල තිබෙන්නේ ජලය අවශෝෂණය නොකරගන්නා ද්‍රව්‍යයකින්. ඒ කියන්නේ මේ ලේයර් එක මත දියර බිඳිති ඇලී පවතින්නේ නැති තරම් තව විදියකින් කිව්වොත් ඒක fluid repellent layer එකක්. දැන් එතැනින් ඇතුලට ගියාම තිබෙන්නේ තූනී , නමුත් පෙරහනක් ලෙස ක්‍රියාකරන ස්ථරයක් , මේ filter එක බැක්ටිරීයා සඳහා නම් යම් ඉහළ මට්ටමක බාධකයක් ලෙස ක්‍රියාත්මක වුනත් , වයිරස සඳහා හැකියාව ඊට අඩුයි, නමුත් යම් වාසියක් නැතිවා නොවේ. සමහර අවස්ථා වල මේ ෆිල්ටර් ලේයර් එක, වෙන් කර නොහැකි ලෙස පළමු ලේයර් එකට ඇලී තිබෙන්නට පුළුවන්. ඊළඟට ඇතුලෙම තියෙන්නේ සුදුපාට ස්ථරය , ඒක තෙතමනය උරාගන්න සැකසී තිබෙන්නක්, මාස්ක් එක පළඳගෙන හුස්ම ගනිත්දි ඒ සමඟ එන තෙතමනය රැඳී පැවතීම ගැටළුවක් වෙන නිසා ඒ එන තෙතමනය උරාගන්නයි මේ සුදුපාට ලේයර් එක තනා තිබෙන්නේ.

හරියට දාගන්න කොරෝනා එන්න ඉස්සර