Menu Close

ඇඳුම් ඇන්දවීමට හා ගැලවීමට යාම

මේ පින්තුරේ තියෙන්නේ ඉස්ලාමික රටක් වන මාල  දිවයිනේ බ්‍රිතාන්‍ය සංචාරක කාන්තාවක් ඇඳගෙන හිටිය වැරදි (බිකිනි ඇඳගෙන මුහුදු වෙරළේ යාම යුරෝපීය රටවල් සාමාන්‍ය  දෙයක් නිසා ඇය එසේ ගියා  වෙන්න පුළුවන්) ඇඳුම නිසා හිරිහැර කරමින් අත් අඩංගුවට ගන්න හැටි. මට මේ දෙය යි ලංකාවේ සිංහල මනුස්සයා බුර්කාව  ඇඳපු කාන්තාවට  හිරිහැර කරපු එකයි දෙකම එකයි. දෙතැනදීම පිරිමි යනවා ගෑනිට අඳින  හැටි කියල දෙන්න.  දැන් කියන්න එන්න එපාමාල දිවයින  ඉස්ලාමික රටක් නිසා සුදු ගෑනි වැරදි කියල.එයා නොදැන රිසෝට් එකෙන් එලියට යන්න ඇති. හිමින් සීරුවේ ඒ ගැන පැහැදිලි කරල ගිහින් දැම්මනම්  අහවරයි. නාඩගම් නටන්නේ නැතිව.

අනිත් එක  ලංකාව ඉස්ලාමික රටක් නෙමේ, ඒ වගේම අන්තවාදී රටකුත් නෙමේ. දෙතැනම ගෑනිට ඇඳුම් අන්දන්න යන එකයි ගලවන්න යන එකයි තමා වැරදි.

මෙතැන ලොකුම  ප්‍රශ්නේ අපේ වාමාංශික යාළුවන්ගෙන් . උන් ඔක්කොම හෙන විරුද්ධයි බුර්කාව  තහනම් කරනවට. මම නම් පක්ෂයි. ඇස්  දෙක සිදුරක් තුලින් යන්තම් පෙනෙන්න ඉඩ දීල තියෙන ඒ ඇඳුම මට නම් පීඩිත බවේ  සංකේතයක්. ගැහැණුන් ව අමුතු ජාතියක් කරලා  උන්ව හිර කරල තියෙන ඇඳුමක්. හැබැයි සමහර ගැහැණු කැමැත්තෙන් අඳිනවා වෙන්න පුළුවන්. එංගලන්තේ රැඩිකල් ඉස්ලාමික තරුණියෝ  අඳිනවා තමයි. නමුත් වැඩි හරියක් විඳින්නේ පීඩාව. මගේ ඉරාන ජාතික  යහළුවෝ නිතර ඒ ගැන කියල තියනවා. එනිසා මම හිතන්නේ නිජාබයට හා නිකාබයට  ඉඩ දුන්නත් අර මර්දනකාරී ඇඳුම තහනම් කරන්න ඕනේ කියල.

වාමාංශික යහළුවෝ හරියට “ගුරු ගීතය” ගැන කතා කරනවනේ. ගුරු ගීතයේ වෙන්නේ අර පීඩනයට පත්වෙලා ඉන්න ගැහැණු ලමයව  වාර්ගික පීඩිත භාවයෙන් මුදවා ගන්න එක. කට්ටියට ඒක ත් අමතකයි. දැන් ගුරු ගීතය හරිද බුර්කාව  හරිද?

https://metro.co.uk/2020/02/07/british-woman-grabbed-police-wearing-bikini-maldives-12197750/

%d bloggers like this: