Menu Close

හොංකොං චීන ජාතිකයන් සඳහා නිරෝධායන නීති පනවයි

මාරාන්තික නව කොරෝනා වෛරසය මර්ධනය කර ගැනීමේ උත්සාහයක් ලෙස හොංකොං චීනයේ ප්‍රධාන භූමියෙන් පැමිණෙන ඕනෑම කෙනෙකුට අනිවාර්ය සති දෙකක නිරෝධායනයක් ආරම්භ කර තිබේ.

අමුත්තන් හෝටල් කාමරවල හුදෙකලා විය යුතුය, නැතහොත් රජය විසින් පවත්වාගෙන යනු ලබන මධ්‍යස්ථාන වෙත යා යුතුය. ආපසු පැමිණෙන හොංකොං වැසියන් තම නිවෙස් තුළ රැඳී සිටිය යුතුය.

නව නීති උල්ලංඝනය කරන ඕනෑම කෙනෙකුට දඩයකට හා සිර දඬුවමක් නියම වේ.

හොංකොං හි වෛරසය වැළඳුණු පුද්ගලයෝ 26 ක් වාර්තා වී ඇති අතර එක් අයෙකු මියගොස් තිබේ. චීනයේ ප්‍රධාන භූමියේ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 34,546 ක් වන අතර මරණ 722 කි.

%d bloggers like this: