Menu Close

ලොව වෙනත් කොහේවත් නැති ජපානයේ ඇති අරුම පුදුම දේ!

ලිපි ගණනාවකින් කිව හැකි දේ එක ඡායාරූපයකින් තත්පරයකින් කියන්න පුළුවන්. ඒ වගේ ඡායාරූප 30ක් තමා මේ සමඟ පළවෙන්නෙ. ජපානයේ සංචාරයක යෙදෙන්න මේ ඡායාරූපවලින් ඔබට පුළුවන්. මේ ඡායාරූප චාරිකාවේ දී ලෝකයේ වෙනත් කොහේවත් නැති අරුම පුදුම දේවල් ජපානයේ දී ඔබට දැක ගත හැකියි. මේවා දකින විට ඔබට හිතෙන්න බැරිකමක් නෑ මේ වෙනත් ග්‍රහ ලෝකයක ඇති රටක ඒවාය කියා.

1. ජපානයේ බීම කෑන්වල මුදුණේ අන්ධ අයට කියවිය හැකි වන පරිදි බ්‍රේල්වලින් එහි විස්තර දක්වා තියෙන බව.

2. පසුගිය ලෝක කුසලාන තරඟාවලියේ දී ජපානය තරඟ වැදුණු දා තරඟය අවසානයේ දී ක්‍රීඩා ලෝලීන් තරඟයෙන් පසු පිටියේ ‍රැ‍ඳී සිටිමින් එය සම්පූර්ණයෙන් පිරිසිදු කළ අයුරු.

3. ජපානයේ බොහෝ වැසිකිළිවල බිත්තියේ ‘බේබි සීට්’ ඇති බව.

4. ඔබ දෑත් සෝදන ජලය ඊළඟ වතාවේ වැසිකිළිය සෝදා හැරීමට යොදා ගත හැකි වැසිකිළි ඇති බව.

5. ජපානයේ ජලාපවාහන කානු පද්ධති කොයි තරම් පිරිසිදු යත් ඒවායේ කොයි මසුන් ජීවත් වන බව.

6. ජපානයේ කුඩා දරුවන් පවා කෘතගුණ දැක්වීම අරමුණු කර ගෙන තම පාසල පිරිසිදු කර ගැනීමට වෙහෙසෙන බව.

7. ජපානයේ ටොරියු සුබාෂා දුම්රිය තුළ විනෝද ගමන් යද්දී දෙපා දෝවනය කළ හැකි ජල ටැංකි තබා ඇති බව.

8. රුසියාවේ පැවති ලෝක පාපන්දු තරඟයේ දී 2-3කට බෙල්ජියමට පරාද වූ ජපන් පිල ඔවුන් රැඳී සිටි තැනින් නික්ම ගියේ රුසියන් බසින් ‘තැනක් යූ’ සටහනක් තබමින් බව.

9. ජපානයේ අධිවේගී බුලට් දුම්රිය කොතරම් වේගයෙන් ගියත් සීරුවෙන් බව මේ කාසියෙන් පෙනෙයි.

10. ජපානයේ වැසිකිළි පද්ධති භාවිත වන ආකාර දැක්වෙන ඉලෙන්ට්‍රොනික පුවරු ඇති බව.