Menu Close

කෝච්චියේ අද මේ කොයි යන්නේ …. රුපවාහිනී ළමා ගීත…..අනුරුද්ධ වැලිගමගේ

Image result for viceroy special"
හොස්….හොස්හොස්හොස්
හොස්….හොස්හොස්හොස් …..
අගුරුයිකෑවේ වතුරයි බීවේ ..
දැන්දැන් ඩීසල් වලිනුයි යන්නේ .
හොස්….හොස්හොස්හොස් .
හොස්….හොස්හොස්හොස් …..
පාලම්කීයක් දැන් පහු කෙරුවද
 දියඇලි කීයක් ඔබ දැකගත්තද
 බිංගේ අතරින් රිංගා යනවිට
 චුට්ටක්වත් බය හිතුනේ නැතිවද
හොස්….හොස්හොස්හොස් …..
හිරුහා හිනැහෙන තේ වතු මැද්දෙන්
 කරලින් පිරි කෙත්වතු රැස අතරින්
 උඩරට මැණිකෙට පට කුඩ සොයමින්
 කොළොම්පුරට දිව ගියාද විගහින්
හොස්….හොස්හොස්හොස් …..
මහහඩ නගමින් හූ හඩ දෙන්නේ
යකඩයකා යන නම ලැබ ගන්නේ
 පුංචි ළමුන් රැස වාඩිකරවාගෙන
කෝච්චියේඅද මේ කොයි යන්නේ
හොස්….හොස්හොස්හොස් …..
අනුරුද්ධ වැලිගමගේ

Image result for sri lankan trains canadian locomotives
%d bloggers like this: