Menu Close

සයිබර් අහස සැරසූ ලොකු ඇස් අයිතිකාරිය

left human hand

දවස තිස්සේම කැරකෙමින්

කෙඳිරිල්ලක් නඟන විදුලි පංකාව

උණුසුම් සුසුම් සලන

හිතට හරි සංකාව

ඉඳහිට කතා කළ නුඹ

මකා දැමුවේ හුදෙකලාව

අඩක් විවරව තිබූ ජනේලය

ගෙනාවේ කිසිදාකවත් නොලැබුණු

ලෙංගතු හුළඟක පහස

ඉතින් හිතවතිය,

මට මේ දැනෙන්නේ කුමක්දැයි

පැහැදිය හැක්කේ නුඹටමය

දැන් මගේ සවන් ඉල්ලන්නේ

නුඹේ කටහඬය

ලේ කඳුළු ගලා බොරපාට වුණු මගෙ දෙනෙතේ

හටගත්තා වූ නැවුම් අපේක්ෂාව

නුඹේ ඇහිපිල්ලමක් යටට වී

ගුලි වී සිටීමය

නුඹෙන් ගිලිහෙන කඳුළු බිඳුව මමය

නැවතත් උත්පත්තිය ලබා

නුඹේ නැහැයෙන් පිටවෙන

සුසුමත් මමය

එලෙසින් නුඹේ වේදනාව වී

මම පිටමං වෙමි..

නැවත මම පැමිණෙමි

දැනටමත් අපි,

පෙම්වතුන් වී හමාරය !


– රැහැන් මාරා –

%d bloggers like this: