Menu Close

කොරෝනා

අප කොරෝනා වෛරස් ගැන බියවී සිටිමු. එහි වරදක් නැත. සූදානම් සරීරෙ කියල පිටපොට ගහගෙනම සිටීම නරකක් නැති බැවිනි. එහෙත් අප බියවිය යුත්තේ බිය විය යුතු සැලකිල්ලක් දැක්විය යුතු අනුපිලිවෙලටමද 
නැත අප බිය වන්නේ අප බිය විය යුතුයැයි මාධ්‍ය මගින් අපට නිර්දේශකරන ඒවාටය.මගේ මතය නම් අප කොරෝනාට වඩා බිය විය යුතු දේවල් සැලකිල්ලක් දැක්විය යුතු දේවල් තිබෙන බවයි.
කොරෝනා වැලදී ඇත්තේ ප්‍රධාන වශයෙන්ම චීනුන්ටය. චීනය බලවත් රටකි. එහි තිබෙන සමාජ දේශපාලන සුවිශේෂ ආකෘතියට අනුව මෙවැනි රෝගයක් පාලනය කිරීම එතරම් අපහසු නැත. කියුබාව ඒඩ්ස් පාලනය කළ ආකාරය එක්සත් ජාතීන්ගේද පැසසුමට ලක්විය. චීනයේද තිබෙන්නේ කියුබාවේ ,පැරනි සෝවියට් දේශයේ මෙන් දේශපාලන ආකෘතියකි. අනෙක් අතට චීනය ලෝකයේ දෙවන ආර්ථිකයයි. මිලදී ගැනීමේ හැකියාව අතින් ලෝකයේ පලමු ආර්ථිකයයි.ඔවුන් මෙය පාලනය කරගනු නොඅනුමානය.

 හැම චීනාටම කොරෝනා නැත.ප්‍රවේසම් වීම වෙනම දෙයකි. එහෙත් මෙය අනවශ්‍ය ගෝනිබිල්ලෙක් මවාගෙන  අපට දුෂ්කර අවස්ථාවල උදවු කල චීනාගේ සිත රිදවීමද  සුදුසු නැත.චීනෙක් දැක්ක හැටියේ පනකඩාගෙන දුවමින් ඔවුන් බසයට නැග්ග විට ඉන් බසිමින් ඔවුන්ට කඩේකට වත් එන්න නොදෙමින් නටන නාඩගම පුදුමාකාරය. ඊටත් වඩා චීන ජනතාවගේ ආහාර සංස්කෘතියට අපහාස කිරීමට අපට අයිතියක් නැත.


කොරෝනා වලට වඩා අපට බලපාන සෞඛ්‍ය ගැටලු  නැද්ද

අපට ඩෙංගු ගැන වගේ වගක් නැත. ඩෙංගු අපට හුරුය. එහෙත් කොරෝනා අපට හුරු නැත. වචනයත් නුහුරුය.
අප ජරාව හා වසවිස මිලදී ගෙන කමු. කල්තබාගන්නටත් රසය වැඩිකිරීමටත් නොදාන වසක් නැත. එලවලු පමනක් නොව පොලොස් කෑල්ලක්වත් බයක් නැතිව මිලදීගන්න බැරිය. නියාමනයක් පරීක්ෂාවක් කිසිත් නැත.

රෝගවලටත් වඩා බිය විය යුත්තේ ණය කන්ද ගැනයි. දූෂිත දේශපාලනඥයන් හා නිලධාරීන් ගැනයි. කොමිස් ගැනීමේ අරමුනින්ම ප්‍රොජෙක්ට් හදන ආකෘතිය ගැනයි .දූෂිත දේශපාලනය හා ව්‍යාපර හා බැදුන පූජක පැළන්තිය ගැනයි. කෙටියෙන්ම කීවොත් සිස්ටම් එක ගැනයි.

හොරුන්ට චීනය පතිරූප දේශයක් නොවේ.තම  කොමියුනිස්ට් පක්ෂයේම හොරෙකුට වුනත් චීන රජයෙන් ලැබෙන්නේ ලැබිය යුතු නියම සැලකිල්ලයි. එනිසා හොරෙක් හොරකමක් කරන්නේ දෙවරක් නොව සියවරක් සිතාබලාය. චීනය එරට හොරුන්ට සලකන විදියෙන්ම කොරෝනාටත් සලකනු ඇත. බලා සිටිමු.
%d bloggers like this: