Menu Close

කොරෝනා වෛරසය ගැන ජිජැක් 

84619377_197202408145585_2424896874138828800_n

 

මෙයට වඩා බොහෝ දරුණු බෝවෙන රෝග තිබෙන්නේ වුවත් අප මේ එක වෛරසයක් සම්බන්ධයෙන් මෙතරම් බිය වන්නේ ඇයි? ඉන්ෆ්ලුවන්සා රෝගය නිසා මෙයට වඩා අති විශාල පිරිසක් වාර්ෂිකව මිය යයි. එම නිසා අප මෙහි සැබෑ කරුණු ගවේෂණය කළ යුතුය. මෙහි ‘කරුණු’ සහ ‘දෘෂ්ඨිවාදය’ අතර සම්බන්ධය ආරම්භ වන්නේ කොතනද?

සමස්ත අත්දැකීමේ ඇති එක් විරුද්ධාභාශයක් වන්නේ මෙයයි. අපේ ලෝකයේ සම්බන්ධතා වැඩි වනවාත් සමගම එක කුඩා ප්‍රදේශයක ඇති වන පුංචි සිදුවීමක් නිසා ගෝලීය විනාශයක් සිදු විය හැකිය. යථාව ට එරෙහි තාක්ෂණයේ වර්ධනය නිසාම අප විශේෂයෙන් මුහුණ දිය යුතු යථාවේ අභියෝග හමු වෙයි. චීනය විවෘත ආර්ථික වැළඳ ගැනීමට පෙර මෙවැනි සිදුවීමක් මේ ආකාරයේ ගෝලීය ගැටලුවක් බවට කිසිදා පත් නොවනු ඇත.

වුහාන් වල මානුෂික අත්දැකීමෙන් දුර සුරක්ෂිත තැනක සිට මෙය කීම අවධානමක් වුවත් මෙම සිදුවීමේ කිසියම් උත්ප්‍රාසජනක විමුක්ති විභවයක් තිබේ. වුහාන් වැනි මහා නගරයක, පරිභෝජනවාදී කඩ සාප්පු වසා දමා, ජනාකීර්ණ නගර හිස්ව, මිනිසා වෙළඳපොළ යාන්ත්‍රණයේන් තාවකාලිකව හෝ ඉවත් වීමෙහි කිසියම් වේදනාත්මක සුන්දරත්වයක් නැතිද? මේ තිබෙන්නේ කල්ප විනාශයෙන් පසුව මිනිස් වර්ගයා නැවත, ස්වභාවික ලෝකය සමග සමීපව කටයුතු කළ හැකි ආකාරය ගැන රූපමය අත්දැකීමක් නොවේද? සියලු බාධා මැඩගෙන විනෝද වීම වෙනුවට ජීවිතය සඳහා අත්‍යවශ්‍ය වන නිස්කලංක බව, ඉවත් වීම, අත්හැරීම  මේ මගින් අපට හඳුනා ගත නොහැකිද?

අපට බලාපොරොත්තු විය හැකි එක දෙයක් වන්නේ මෙවැනි මහා විනාශයකින් වුවත් අනපේක්ෂිත යහපත් ප්‍රතිවිඵාක ඇති වේවා යන්නයි.

මෙම සිදුවීමේ සැබෑ තත්වය අපට සඟවනවානම් එහි බොහෝ ගැටලු තිබේ. විශේෂයෙන් අප ප්‍රවේශම් විය යුත්තේ සිය පුද්ගලික සුරක්ෂිත බව සහතික කර පොදු ජන ආරක්ෂාව කැප කරන ඉහළ නිලධාරීන්ගෙනි. කෙසේ වුවත් මේ කිසිවක් නිසා චීන ජාතිකයන්ට එරෙහි වර්ගවාදී හැඟීම් යුක්ති යුක්ත කළ හැකි වන්නේ නැත. මේ තිබෙන්නේ සැබෑ ගෝලීය සහයෝගීතාවයක් අවශ්‍ය වන මොහොතකි.

Russia Today වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

සම්පූර්ණ ලිපිය සඳහා බලන්න: https://www.rt.com/op-ed/479970-coronavirus-china-wuhan-hysteria-racist/?fbclid=IwAR3njKhVdDftwJa1kMZRF6_qZRECEo9weoGKCosQynryYw6kslsaA_xfbcc

 

 

 

%d bloggers like this: