Menu Close

ඔබට කොරෝනාද???

මේ දිනවල චීනය පුරා Corona (කොරෝනා) නමින් මාරාන්තික වෛරසයක් පැතිර යයි. මෙම වෛරසය මේ මොහොත වන විටත් යුරෝපය සහ ආසියාතික රටවල් දරුණු ලෙස ඉතා වේගයෙන් ආක්‍රමණය කරමින් පවතී. සාර්ස් වෛරසයටත් වඩා වේගයෙන් ව්‍යාප්ත වන මෙය විද්‍යාඥයින් විසින් ලෝක ජනගහනයෙන් කෝටි 06 ක් වත් ආසාදනය කරන බව දැනටම පුරෝකතනය කර තිබේ.

ඇමෙරිකාව, ප්‍රංශය, දකුණු කොරියාව, සිංගප්පූරුව, තායිලන්තය, ඕස්ට්‍රේලියාව, නේපාලය, ජපානය, කැනඩාව, ශ්‍රී ලංකාව යන රට වලින් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් නිශ්චිතවම හඳුනාගෙන ඇත. සංචාරක කර්මාන්තය හා විදෙශිකයින් සම්බන්ධ වී ඇති මහා පරිමාණ ව්‍යපෘති ගණනාවක් ඇති ශ්‍රී ලංකාව තුළ ද මෙම කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් පවතී.

ඉතින් දැන් මේ අපි අපගේ සුරක්ෂිතභාවය සලසාගත යුතු කාලයයි. ඔබද එම කොරෝනා වෛරසය පිළිබඳ මේ මොහොතේ හොඳින් දැනුවත් වීම සමාජ යුතුකමකට වඩා සමාජ වගකීමකි. එම නිසා ඔබද මෙම වෛරසය පිළිබඳව හොඳින් දැනුවත් වී අන්‍යයන් ද දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

%d bloggers like this: