Menu Close

එජාපෙට මක්කා වෙයිද….?

සාමාන්‍යයෙන් කීමට කියන්නේ එජාපේ ඉන්නේ ටොයියෝ කියලාය….

එහෙත් ඒ කතාව පට්ට පල් බොරුවක් බව දැන් සිද්දවෙන සිදුවීම් වලින් පේනවාය….

ඇත්තටම ටොයියන්ට දැන් රාජ්ජ නායකයෙක් සිටි…. ඒ ඝෝඨාභය රාජපක්ෂය….

ජනාධිපති මැතිවරණයේදී එජාපේ කිරි ටොයියන්ගේ සහාය ලැබී තිබුනේ ඝෝඨාභය රාජපක්ෂටය යන්න අද ප්‍රසිද්ධ රහසකි….

එජාපයේ ඉන්නා අමු බයියන් හා එක්ව සජිත්  ප්‍රේමදාස විසින් එජාපේ නායකත්වය තම පියානෝ මෙන් බලෙන් ලබා ගන්න ගියද, වැඩේ ලේසි වෙන්නේ නැති බව ඉතා පැහැදිලිය…..

ඒ අතින් රාජ්ජ පාලනයේදී පට්ටම ෆේල් චරිතයක් වූවද, පක්ෂ නායකත්වයේදී රනිල් ඉන්නේ ජේ ආර් ට වඩා බොහෝ ඉදිරියෙනි….

රනිල්ගේ කැමැත්ත කිරි ටොයියකුට පක්ෂ නායකත්වය ලබා දීම බවද ඉතා පැහැදිලිය…

එය බොහෝ විට ජේ ආර්ගෙන් නොලැබුනු, දිසානායක පවුලට ලැබීමේ සම්භාවිතාවය බොහෝ ඉහළ අගයක පවති… එය කරූ හෝ නවීන් විය හැක..

රනිල් විසින් සජිත් උපනායකයා කරන්නේ මේ හේතුවෙනි…

මෙහිදි නන්න පෝල් වී සිටින්නේ රනිල් නොව සජිත් ප්‍රේමදාසය… රනිල්ට නැතිවෙන්න දෙයක් ඇත්තේ නැතිය… රාජපක්ෂලා විසින් ඔහුගේ ජීවිත කාළය පුරාම ඔහුට රජෙක් මෙන් සළකනු ලබන්නේය…

ඒ නිසා …. බලේ උන්නත් නැතත්, රනිල්ට කිසි අවුලක් ඇත්තේ නැතිය….

දැන් එක්කෝ සජිත් නව පක්ෂයක් පිහිටවිය යුතුය…. මහ මැතිවරණයක් කටේ තබාගෙන එවන් තීරණයකට යාම අනුවන ක්‍රියාවකි… එසේ පිහිටවුවහොත් අති බහුතර එජාප බයියන් පිරිසක් ඔහු වටා එකතු වෙන එකත් බොරු නෙමේය.. සිඳුවිය යුත්තේද එයය.. එහෙත් මාතලන් විසින් කළින් සඳහන් කල හේතුව එයට එරෙහිව එන්නේය..

අනෙක් කරුන නම්, එසේ වෙන් වූවත් නොවූවත්, එක්සත් ජාතික සන්ධානයේ සැට්ටෙක ගෙන ඇති තීරණයයි..

සුළු පක්ෂ බොහෝමයක් ප්‍රකාෂ කොට ඇත්තේ…., මහ මැතිවරණය වෙනම තරඟ කරනවා කියාය..

එය ඉතා නැනවත් තීරණයකි… බොහෝ විට ඔවුන් ඝෝඨාභයයගේ 2/3  බලය ලබා ගැනීමේ බලාපොරොත්තුව ඉටු කරනු ඇත. රාජපක්ෂ බයියන් මොන මොන දෑ කීවද, අප අකමැති වුවද, රටේ සීඝ්‍ර සංවර්ධනය සඳහා එය අත්‍යාවශ්‍ය සාධකයක් වන්නේය…

එවිට ඔවුන්ගේ සහාය සජිත්ට කිසිසේත් නොලැබෙනාතර, ඔවුන් ඝෝඨාගේ බලය තහවුරු කිරීමේ කැම්පේන් එකක් ගෙනියනු ඇතිය…

පට්ට ආතල් එක කියන්නේ මෙය ඉතා හොදින් තේරුම්ගත් සාජිත් බයියෝ,  දැන්ම සිටම ගේමට බැස ඇත්තේ සිනාසී මියයන ස්ලෝගන් එකක් එක්කය…

ඒ…. ” ඝෝඨා ජනපති, සජිත් අගමැති” කියාය…

මේ ගොන් වහන්සේලාට නොතේරෙන කරුණ නම්, එමගින් පෝට්ටුවේ චන්ද තවත්ව ඩිවෙනවා කියනා එකය…

එනයින් බැලු විට සාජිත්ට රනිල් ලබා දී ඇත්තේ, දෙපැත්තම ගිනි ගන්නා ළණුවක් නොව, සේවා නූලක්ය….

කොහෙන් ගියත් සජිත් පුපුරණු ඇත්තේය…

එහෙත් එයටද සොලියුසොන් එකක් තියෙනවාය.. එනම් අඩියක් නොව අඩි සීයක් පස්සට යන එකය..

එනම්ර, රනිල්  දෙන දෙයක් කා වෙන දේ බලාන ඉන්නා එකය.. එතුල සජිත්ගේ ගමන රැකුනද…

සජිත් සමඟ උන් අමු බයි පිස්සු බලු රැලට අත් වෙනා ඉරණම ගැන… සජිත් සමඟ උන් ඉල්ලාගෙන කෑ අනෙක්  පිරිස් වලට අත්වූ ඉරනමම වන්නේය…

ඒ වගත් මෙසේය….

%d bloggers like this: