Menu Close

නෑනා නැතත් කල දවසක් ….. -දෙවෙනි කොටස

ආධ්‍යාත්මික ආදරයම…. (Orchis Italica – Naked Man උඩවැඩියා මල් දෙකකි.) 

මම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම lost in love, නැත්නම් fallen in love. අනික් අතට මම අඩු ගානේ මේ අවස්ථාවේදී මගේ කුඩුකේඩු, පටු නොවටිනා එදිනෙදා ජීවිතයෙන් මුක්තව ආධ්‍යාත්මිකව ආදරයම වෙනවා.


ඒත් ඊට පස්සෙ වෙන දේ අපි දන්නවනෙ?
දොස්තර මහත්තයාටම පංච තන්තරේ බාර දෙන්න බැහැනේ. නර්මදා ගැන ඉතිරි හරිය කියවන්න කලින් නිදිටත් තියෙනවා, කිව යුතු ටිකක් කියන්න. මං බයේ හිටියේ…. මේ පීලි පැනිල්ලටත් ඔබ දොස් කියාවිද කියලා.
අඩුවක් පුරවන්න ගත්තා වගේම, මේ ලිපිය මටත් හුඟාක් ක්‍රමවලින් අදාළ වෙනවා.

හංගාගෙන ඉන්න ආදර කතන්දර නැත්තේ කාටද?

මේ වගේම හැංගුණු; හංගාගෙන ඉන්න ආදර කතන්දර මටත් තියෙනවා. (මං මේ හාදයාට වඩා චපලයි. ‘කතන්දර’ කියලා බහු වචනෙන් කියන්නේ ඒකයි. ඒත්…) එහෙම තුවාල වුණු හදවතකට මෙහෙම දේවල් තේරුම් ගන්න අමාරු නැහැ.

ඒත්…. මං නම් ඒ බරවලින් නිදහස් වෙන්න හිතලවත් නැහැ. එතකොට අනෙක් අයට අසාධාරණයක් කළා වගේ විය හැකි නිසා; සාන්ද්‍රණය තනුක වෙයි වගේ හැඟෙන නිසා…… ඔන්න ආයෙමත් අයස්මන්තට….
මට ඕන වෙනවා නර්මදාව හැමදාටම තියාගන්න.
කොටු කරලාමාගේ තාර්කික විචක්ශන දැනුමේ ප්‍රමානයට කපා කොටා නර්මදාව මට්ටු කරන්න. මානසික රූපයෙන් පිටතට පැමින නර්මදා ඇත්ත නර්මදා හැටියට හැසිරුනොත් මම කලබල වේවි; බිය වේවි.
ආයෙ දිව්‍යමය මම පිළිබිඹු කරන්න කෙනෙක් නැති වෙන නිසාවෙන් මම ඊර්ශ්යා හා කෝප සහගත වේවි. කොහොමහරි අපි එකිනෙකා මට්ටු කලාට පස්සේ වියලි නීරස ජීවිත ගත කරාවි; ආයෙමත් වෙනත් අයගෙන් අපේ පිලිබිඹු දකින තුරු
මම නර්මදාගේ ගේ ප්‍රතිරූපය එක්ක වසර ගානක් ජීවත් වෙනවා 1983 ඉඳල.

හද දෙවොලේ පූජනීය කුටීරයක, තිර ගණනාවකට එහායින්…….

වෙන කිසි කෙනෙක්ට ලං වෙන්න බැරි, හද දෙවොලේ තිර ගනනාවක් පිටුපස, පූජනීය කුටීරයක භක්තිමත්ව වෙසෙනවා. ඊට ඇතුල් වන මම පහනක් දල්වා සුවඳ දුම් ගල්වා මොහොතක් සිත ඒකාග්‍රව ඉඳ, ගෞරවය පුදකරන බැතිමතෙක් පරිද්දෙන් දවසකට වතාවක්වත් නර්මදාව සිහි කරනවා.

දශක තුනහමාරකට අධික කාලයක් පුරා විසිරුනු, නෑ සියකුගේ මඟුල් ගෙදරක, මල ගෙදරක, එහෙම නැත්නම් බන ගෙදරක, කතා කරන්න නොලැබෙන, ඈතින් දකින්න ලැබෙන විනාඩි සොච්චම් අතලොස්සක හමුවීම් කිහිපයකට පමනක් උරුමකම් ඇති මම, ඒවා ආලෝචනය කර, තිරයෙන් තිරය වසා, ආපසු ගොඩ බහිනවා පියවි ලෝකයට.
1996-1998
ඇල් හේන දිගේ, පාන වගේ.කොයි යනවද නෑන මගේ 
නෙත් සඟලින් කියාපන්කො, අනේ නෑනො කියාපන්කො, මට නොකිව්ව ලස්සන ගීතේ

වෛද්‍ය සිසුවෙකුව හිටි මම හදිසියේ කොහේ හෝ යමිං ගමන්….
මම වෛද්‍ය ශිෂ්‍යයෙක්.    
හදිසියේ කොහේ හෝ යනිං ගමන් මම ඇගේ නිවසට ගොඩ වැදුනා. එතකොට කිට්ටු නෑයෙක්ගෙ මල ගෙයක්, ආසන්න දිනකදි අහවර වෙලා.
නර්මදා ඇහුවා; අපි යනවා සොහොනට; අයියත් එනවද?
මම ඈත් ඇගේ අම්මාත් පස්සේ වැටුනා. අපි යන්න උනා ගේ අසලින් වෙලට බැස, නියරක් දිගේ.
කලුවර වැටීගන එන වෙලාව. කිරි වැදී බර උන වී කරල්වලට අත තියාන යද්දිතට තටඅනුකරනයෙන් සද්ද නැගෙනවා. අහස රෝස රතු පාටයි; දැවැන්තයි, ඈතට ඈතට සිතිජය තෙක්ම. කිසිම තාර්කික තේරුමක් නැති සිත්තමක් බඳු අහස මට කතා කරන්න තතනනවා වගෙ. ලියැදි කලු ගැහීගන ආවා. පලින් පල දිය කඩිති කලුවරේ රතු පැහැයෙන් දිලිසුනා.
දැන් මට ඇයගේ කම්මුලක දාරයක් පමණක් දර්ශනය වෙයි!
ඇගේ මූනෙන් මට පෙනෙන්නේ කම්මුලේ දාරයක් පමනයි, ඉදිරියට වක් උන කෙස් රොදක් එක්ක. ඇගේ නයි පෙනයක් බඳු වරලස යට අග්ගිස්සේ කොන්ඩ බෝලයක්.
අපි කවුරුත් කතා නොකර ගියා වෙල අද්දර කමත අසල සොහොනට.
ඉතා උස බෙලි ගහක් තිබුනා අසල; මම පුදුමයෙන් දිහා බලාන හිටියා.
සැරසිලි බාගෙට සුලඟේ ගසාගෙන ගොස් තිබූ සොහොනේ අපි ඉටිපන්දම් පත්තු කර පසේ එබුවා.
ඇගේ මව සිහින් හඬින් ඉකි බින්දා. නර්මදාටත් ඇඬුනාතැන් තැන්වල වැටී වියලෙමින් තිබුනා කදුරු ගෙඩි. ඒවා ගෙන දෙකට පලා ඉරටු කොට ගසා සෙල්ලම් ඉත්තෑවො හදා නර්මදාට දෙන්න හිතුනා මට. මාව සිහි වෙන්න.
1999
මගේ ලොකු නංගි එවකට පේරාදෙනිය විශ්වවිද්යාලයේ ශිෂ්‍යාවක් අවසන් වසරේ. කියන්නේ නවාතැන විජේවර්ධන නේවාසිකාගාරයේ. මම සේවය කළේ පොලොන්නරුව මහරෝහලේ. මම සීමාවාසික වෛද්‍ය පුහුනුව අවසන් කලා විතරයි.
මොකක්ද අමුත්තක් දැනී මම ඈට ඇමතුමක් ගත්තා. කටහඬ හරි නැහැ.
Director සර් මීටිමක….. ඉතින්….
තමුසෙට මොකද?
මට සනීප නෑ ඕයිහොඳටම කැස්සහතියත් වගේ

 අපි කතා කරන විදිහඅදටත්
 විස්තර කළ රෝග ලක්ශන සනිටුහන් කර ගත් මම එකෙල මෙකෙල වෙවී ඉඳිද්දි ඖෂධවේදී සමන් මහතා (දැන් එහිම ප්‍රධාන ඖෂධවේදීතුමා) කලබලයෙන් එහෙ මෙහෙ යනු දුටුවා. 
මොකෝ සමන්?” 
බෙහෙත් හිඟයක් තියෙනවා ඩොක්ටර් අයෙශ්වටේටම කෝල් කලා. නාවලපිටියේ  surplus stocks තියෙනවාඅදම ගිහින් ගේන්න ඕනේඩබල්කැබ් එක ගන්න රික්වෙස්ට් කරන්න ඕනනෙඩිරෙක්ටර් සර් ගොඩ වෙලාවක් තිස්සේ මීටිමකනෙ.”

ඔයා නාවලපිටියේ යනවද?” 
ඔව්.” 

පොලොන්නරුවට ගිහින් එතැනින් නුවරට යන්නට…..

පේරාදෙනිය හරහා?”

නැතුව ඉතින්? කොහොමටත් නුවර ජෙනරල් හොස්පිට්ල් එකටත් යන්න ඕන. මගේ බෙහෙත් වගයක් එහාට දෙන්න ඕන” 
අදම එනවද?” 
ඔව් ඩොක්ටර් ඇයි?” 
නැහැ මගේ ලොකු නංගිට සනීප නැහැ. පේරාදෙනියෙ. මමත් එන්නද? හෙට මම oncall නේ; අනිවාර්යයෙන් උදේ මෙහෙ ඉන්න ඕන” 
අයියෝ යමු ඕක මොකද්ද? අපි ඉක්මනට යමු එහෙනම්.
නංගිගේ රෝග ලක්ශන අනුව සමන් සොයුරාගෙත් උදව් ඇතුව බෙහෙත් හදාගත් අපි පිටත් උනා නාවලපිටියට
අපේ ගමන් මඟ පොලොන්නරුව ->නුවර රෝහල-> නාවලපිටිය රෝහල-> පේරාදෙනිය විශ්වවිද්යාලය->  ආපසු පොලොන්නරුව රෝහල.
මම ඔහේ ඇවිදිමින්, ගහකින් ගිලිහුණු කොළයක් වගේ ……….
මඟ දිගට හැලි තේ බොමින් බඩ ඉරිඟු කමින් හමුදා මාර්ග බාධකවල නවත්තමින් නුවර රෝහලට ඉක්බිති සමන් යුහුසුලු උනා, ඔහුගේ පළමු රාජකාරිය සමග stock transfer; audit handling,…
අතරෙ මම ඇවිද්දා ඔහේ, රෝහල ඉදිරිපිට, ගහකින් ගිලිහුන කොලයක් පරිද්දෙන්
මා ඉදිරියේ නුවර හන්තාන පාර තියුනු වංගුවක් ගන්නවා. වෙලාව හවස 4- 5 වගේ. මේ නුවර නිම්නය වට කරගත් කඳු වලල්ලට එපිටින්, අපට නොපෙනී ඉර බහින යාමය.

පොලොන්නරුවෙන් පැමිනි මට සීතල යහමින් දැනෙන්න උනා. රෝගී නේවාසිකයන් බලන්නට හිතාදරයන්, මල්ලක බත් පැකට් එකක්, දොඩම් වැනි පලතුරක්, පැනි බීම බෝතලයක් වැනි දෙයක් තරව ගෙන, ක්‍රමයෙන් පෝලිම් ගැහුනා, ගේට්ටුවට අධිගෘහිත ආරක්ෂක නිලධාරීතුමන්ලා දෙස බලමින්.

දෙනෝදාහක් මැද්දේ මට ඇයගේ කොපුල් තලය මත වැජඹුන කියුඹුලතාව පෙනුණා……….

මඟ එක් පසෙක කෑම පැකට්, පලතුරු, ප්ලාස්ටික් සෙල්ලම් බඩු විකුනාගන්න හදන පදික වෙලෙන්දෝ. පාර ක්‍රමයෙන් ජනාකීර්න උනා; වැඩ ඇරී, හනික ගෙවල් දොරවල් බලා යන්නට බසයක්, දුම්රියක් අල්ලන්නට යන්නවුන්ගෙන්. ඔවුන් මේ කඩ පේලිය අස්සෙ කෙටි අඩි පාරකින් බෑවුමක් බැස අතුරුදන් උනා නුවර ටවුම දිහාවට.

අතරේ, පුහුනුවක් අවසන් වූ යුවතියෝ සමූහයක්, එක පොදියට යන්න උනා, කෙටි අඩි පාර දිහාවට. නේවාසිකාගාරයට යනවා වෙන්න ඇති.
අතරේ මම දුටුවා; කම්මුලක් මත ඉදිරියට වක් උන කෙස් රොදක් සහ යන්තමින් උඩට වක් උන නැහැයක්. දෙනෝදහක් මැද්දේ!
තත්පර කීපයක් ඇතුලත, වැටීමට ඇති අවදානම මඳකුදු නොතකා වේගයෙන් කඩ පේලිය මැද්දෙන් සෙනග ඈත් මෑත් කරමින් ඇදුනා මම තීව්රව පල්ලම් බහින අඩි පාර දිගේ.
හිටි පියේම ඉද්ද ගැහුවා වගේ නැවතිලා අපි දෙන්නා………………..
නර්මදා!
යුවතිය නැවතුනා.
අයියේ ඔයා?! කොහෙද මේ? ඔයා පොලොන්නරුවෙ නේද?
අපේ නංගිට සනීප නෑ නර්මදා. ඉතින් මම පේරා යනින් ගමන්. වැඩකට නුවර ඉස්පිරිතාලෙට ආවා…”
අපි කතා කලා; කුලුපග යාලුවෝ වගේ. නැවතුන තැන්වලම ඉද්ද ගැහූ සේ නැවතිලා. මට මතක නෑ අපි මොනව කතා කලාද කියල. මම අවුරුදු පහලොවකටම ඇති වෙන්න දිගටම කතා කලා වෙන්න ඕන.
මෙයා ඉස්සරහ මම මෙච්චර නිර්භීත උනේ කොහොමද?
පළමු දසුනේදීම ආත්මයෙන් ආත්මයක් හඳුනා ගැනීම……….
ක්‍රමයෙන් කතා කරන්න දෙයක් නැති උනා මට. පෑදෙන නිශ්ශබ්දතාවෙ විපිලිසර වෙන්න බිය උන මම මොකක් හරි මාතෘකාවක්, ආරංචියක්, නෑදෑ ඕපදූපයක් මොලේ කලත්තමින් හොයන්න උනා.
මාතෘකා නෑ!
මම නිශ්ශබ්දයි. නර්මදා යාන්තම් හිනා වේගන බලා ඉන්නවා
අපි දෙන්නා මැද්දෙන් හා දෙපැත්තෙන් අනික් යුවතියන් එකා දෙන්නා පල්ලම බැස්සා
උන් ඇගේ මිතුරියෝ වෙන්න ඇති, අපි දිහා බැලූ තක්කඩි බැලුම්වල හැටියට

මගෙ දෙකන් රත් වෙනවා දැනුනා. මෙහෙම වෙලාවට මම රතු වෙනවා
ඇය හරිම සංසුන්ව බලා උන්නා………
සන්සුන්ව මගෙ දිහා බලාන හිටියා. මෝඩියක් නෙමේ.
නිහඬතාව
එහෙනම් මම යන්නම්.” එහෙම කිව්වෙ මමද, නර්මදාද? මට ඇත්තටම මතක නෑ. කවුරු කිව්ව උනත් මොකද එක අතකට?
හරියට මහගම සේකරයන්ගේබෝඩිමපොතේ එනප්‍රේමවන්තයෝකතාවෙ වගෙ අපි වෙන් උනේ.
ඊට පසු මම, , අපි දෙන්නාගෙ දරු පවුල්, කඩින් කඩ හමු උනත්, නොයෙක් දේ වෙනුවෙන් හදිසියේ කතා බහ කලත්, නුවරදි සිදු උන ඒකාත්මික වීම ආයෙ සිදු උනෙ නෑ කවදාවත්.
2019
හමාර කීම;
මස්සිනාගෙ සෙනෙහස නෑනා විසින් සැහැල්ලුවට අරන් තියෙන්නෙ. ත්‍යාගා එන්. එඩ්වඩ්, ස්වර සංගති සීමා ඇතුලෙ ඉඳ, කට හඬේ තානය (Tone) මනාව හසුරුවමින් පවසනවා.... 

මස්සිනාගෙ මුළු ලෝකයම කඩාගෙන වැටිලා………….
එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට
ඇල කන්ඩියේ ඉඳගෙන අත වැනුවාට
මගෙ හිතු මනාපෙට මම බහ දුන්නාට
නාඬන් මස්සිනේ පෙර පින් නැතුවාට..
මස්සිනාගෙ මුලු ලෝකෙම කඩා වැටිලා; ඔහු ඇගේ ඇස් දිහා එක එල්ලේ බලාගන චෝදනා කරන්න දිරියක් නැතිව, අසල බිම බලාගන…. නෝක්කඩු තානයෙන් අබේවර්ධන බාලසූරියගෙ මුවින් පැවසෙනවා දැනෙනවාද ඔබට?
හැදුවේ ගෙපැල මට තනියෙන් හිඳින්නද?
බාලේ ඉඳන් බැඳි ආලේ බිඳින්නද?
රෑ තුන් යමේ මේ හැටි දුක් දෙවන්නද?
හීනෙන් මිසක හැබැහින් එක් නොවන්නද?
ඒත්, අපේ කැප කිරීම්, විඳවීම් කුල කියන්නා සේ දිග ඇරීමෙන් තවෙකෙකුගේ සෙනෙහස කවදාවත් දිනන්න බෑ. දින්නත් ඒක තාවකාලික, කෘතිම ජයග්රහනයක්; බලහත්කාරකමක්.
නෑනාට දැන් මිදෙන්නයි ඕන, සාමකාමීව.
නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි
සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි

සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි………
සෙනෙහස, ධනයෙන් බලයෙන් ආදේශ කරන්න බැරි උනත්. හැබැයි ඈට ඇති සෙනෙහස ඔහුගෙන් ගිලිහී යනවාටත් සූදානම් නෑ.
පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි
කුරහන් කපන දා මා සිහි කරන්නයි
මේ මගේ අත්දැකීම් ඔස්සේ පදම් උන මගේ ආකල්ප නම් පාට කන්නාඩියෙන් මේ ගීතය මම දකින විදිය. ත්‍යාගාගෙ තානය පටිගත කිරීම් අතරෙ වෙනස් වෙනවා; මුල්ම කාලයේ ඒවායෙ බැරෑරුම්; පසු කාලයේ ඒවායෙදි සැහැල්ලු කෙලිලොල්. පසු පටිගත කිරීම්වලදි අජන්තා රනසිංහගෙ පද මාලාවටත්, සරත් දසනායකගෙ සංගීතයටත් සාධාරනය උනා යැයි හිතෙනවා.
II. කාල් යුංග්
ඔහු පහුගිය සියවසේ විශ්ලේශක මනෝ විද්‍යාවෙ මහත් විප්ලවයක් කල විද්‍යාඥයෙක්. ඔහුගේ සම්පූර්න මිනිසා සහ සම්පූර්න ගැහැනිය පිලිබඳ
පර්යේශන මම මහත් අභිරුචියෙන් කියවන්න වෙනවා.
හැම පිරිමියෙකු තුළම ගැහැනියකුත්, හැම ගැහැනියකු තුළම පිරියෙකුත් හැංගිලා ………….
සෑම පිරිමියෙක් තුලම සැඟවුන ගැහැනියක් ඉන්නවා
මෙම ස්ත්‍රී සංරචකයටඇනිමාලෙස ඔහු නම් තිබ්බා
එසේම සෑම ගැහැනියක් තුලම විදාරනය නොවූ පිරිමියෙක් වසනවා
මීට තැබූ නම වන්නේඇනිමස්’.
මූලික ගෝත්‍රික සමාජවල අද මෙන් ගැහැනිය හෝ පිරිමියා වශයෙන් දැඩි ලෙස වෙන් වූ භූමිකා මිනිසුන්ට තිබුනේ නෑ. රාජ්‍ය හා ආගම් විසින් ගැහැනුන්ව හා පිරිමින්ව බෙදා වෙන් කර, සුවිශේශ හැසිරීම් හා කල හැකි හා කල නොහැකි කාර්යයන් නියම කලා විය හැකියි.
උදාහරනයක් ලෙස, පිරිමින්ගෙන් සමාජය බලාපොරොත්තු වන්නේ කාය ශක්තිය භාවිතය, දැඩි බව, යුද්ධ කිරීම, දඩයම් කිරීම, කාර්යයන් සැලසුම් කොට නිසි ලෙස සම්පූර්න කිරීම, හැඟීම්බර නොවීම වගේ දේවල්.

ස්ත්‍රී පුරුෂ වශයෙන් කෙරෙන බෙදීම එතරම්ම නිරවද්‍ය එකක්ද?
ගැහැනියගෙන් නම්? අහිංසක සුකුමාල හැසිරීම, කෝප නොවීම, ආදරය අනුකම්පාව මූලික හැසිරීමෙන් ජීවත් වීම වගේ දේ.
නුමුත් මේ බෙදීම ස්වභාවික නෑ. ගැහැනිය හෝ පිරිමියා තුල ඇති විරුද්ධ ලිංගික සංරචකයට එලියට අවුත් ප්‍රකාශ වීමට අවශ්‍යයි
ඒත් සමාජ ජීවිතය තුල එය අස්වාභාවික අසාමාන්‍ය දෙයක් ලෙස හංවඩු ගැසිය හැකියි.
වෙනුවට වෙන්නේ මොකද්ද? අපට විදාරනය කරන්න බැරි පිරිමියාගේඇනිමාවෙනත් ගැහැනියක මතින් දිස් වීමත්, කාන්තාව සිය පුරුෂමයඇනිමස්පිරිමියකු තුල දිස් වීමත්; තමාට ප්‍රකාශ කිරීමට අකැප විරුද්ධ ලිංගිකත්වය හඹා යන අපි පුද්ගලයාව අයිති කර ගන්නවා

කාලයාගෙ ඇවෑමෙන් එම පුද්ගලයා අප මෙන්ම අතිසාමාන්‍ය කිසි වෙනසක් නැති පෘතග්ජනයන් බව දුටිත්ම, රොමාන්තික ආදරය ලෙස අප වන්දනාමාන කරන ඉන්ද්‍රජාලමය වකවානුව අවසාන වෙනවා!
හින්දු ‘අර්ධනාරි’ සංකල්පයත්, කාල් යුන්ග්ගේ ‘ඇනිමා -ඇනිමස්’ සංකල්පයත් සසඳා බැලුවොත්……..
හරි පුදුමයි; අපි ඉහත දුටු අතීත පෙරදිග හිංදු සංකල්පවලත් දැන් සාකච්ඡා කල මෑත බටහිර විද්‍යාවේත් ගැහැනිය, පිරිමියා, ආදරය ගැන කියන දේ අතර මහත් ගැලපීමක් ඔබ දකිනවාද මම දකින විදියට?
III
මේ කොහොම උනත් මම මගෙ නර්මදාව අන්වීක්ෂයක් යට තබා විච්ඡේදනය කරන්න සූදානම් නෑ. යුගයෙන් යුගය අපි ඈත් වෙවී යනහැටි පහන් සංවේගයෙන් බලා ඉන්නවා මිසක. සමහර විට මේ මගේ සිතුවිලි චේතනා මානසික විඳවීම් අද වනතුරු කවදාවත් ඈට දැනිලා නැතිව ඇති. ඒක තමා වඩාත්ම විය හැකි යතාර්ථය. එය එසේම වෙච්චාවෙ.
ඈත් ඇගේ නෑ සිය හිතාදරයිනුත් පත්තිනි ගම්බාර දෙවියෝ රකීවා!
මමද?
මම නෑනා මස්සිනා, වෙල් යායවල් ගැන කියවෙන ගීත වල ගිලෙනවා,…රෝගීන් බලන අතරේ යන්තමින් සිවුරුහන් බාමින්, ශල්‍යකර්ම කරන අතරේ මගේ දුරකථනයෙන් විසිරෙන ගීත වලින්
නෙත් සඟලින් කියාපන්කො අනේ නෑනො කියාපන්කො (ප්‍රේමදාස මුදුන්කොටුව – කුමාරි බෝතොට) 
අනේ මස්සිනේ, අනේ මස්සිනේ, ඔන්න බලන්, මං එනවෝ ඔබේ පැලේ ලැගුම් සොයා (නන්දා මාලනී) 
ඇල් හේන දිගේ පාන වගේ කොයි යනවද නෑන මගේ(ප්‍රේමදාස මුදුන්කොටුව – කුමාරි බෝතොට)
සුදු නැන්දා ඇයි ගේ දොර වැසුවේ(ගුනදාස කපුගේ) 
රූකඩ මඩු යාග පොලේ(වික්ටර් රත්නායක) 
අකුරට යනවයි කියලා(එස්. කරුණාදාස – කමලානී පෙරේරා) 
මතකද සිරි දලදා වැන්දා- මල්කාන්ති සනත්ගේ ගීත යුග්මය 
ගම හැරදා සිදාදියට දීග ගියත් නෑනෝ- (විල්බට් ඇන්තනි) 
තෙල් ගාලා හිස පීරන් නෑනෝ- (සුනිල් සාන්ත) 

ඒ අහිංසක ප්‍රේමය මෝදු නොවී කැකුළක් විදිහටම මිලිනවී ගියේ….
ඔන්න හිතට ආව ප්‍රශ්නයක් මෙතැනම ලියනවා. ඒ අහිංසක ප්‍රේමය මෝදු නොවුණේ; කැකුළක් විදිහටම වියැළී ගියේ ‘සහලේ ඥාතිත්වය’ නිසාද?
දොස්තර අයස්මන්ත පීරිස් වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වෙන්නත් කලිනුයි, මේ කොටන මැට්ටාට තේරුම් ගියේ නෑනා – මස්සිනා විවාහත් විද්‍යානුකූලව අනුමත කළ නොහැකි බව. තජකයට පිං සිදු වෙන්නයි මට ඒ දැනුම ලැබුණේ. 
වෛද්‍ය ශ්‍රියානි බස්නායක, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, මහාචාර්ය කොල්වින් ගුණරත්න වගේ උගතුන්ගෙන්. හැබැයි එහෙම ලැබුණේ දැනුමෙන් තෝරාගත් කොටසක් විතරයි.
අපට තිබුණේ ජනගහණ වර්ධනය පාලනය කෙරෙන වැඩ සටහන්වල සම්පත් දායකයන් වෙන්න විතරයිනේ; දොස්තරවරුන් වෙන්නයැ?
තවත් එකම එක දෙයයි කියන්නේ. නෑනා-මස්සිනා ගැන ගෑවිච්ච සිංදු සේරම වගේ එකතු කරපු මේ හාදයාට ‘නන්දා මාලනී’ ගයන ‘දීග නොගිය පුංචි නෑනො – උඹත් ඇවිත් රබාන ළඟ වාඩි වෙයන්කෝ’  ගීතය හිතා මතාම අමතක වෙලා වගේ. 
නැතිනං නෑනා දීග ගිහිං නිසා අමතක කරලා වෙන්නැති෴

%d bloggers like this: