Menu Close

සිංහරාජයේ භූමි කොල්ලය

සිංහරාජය මෙරට ප්‍රධානතම වැසි වනාන්තරය වේ.

මනරම් පරිසරයකට හිමිකම් කියන සිංහරාජය විටින් විට පරිසරය වනසන්නන්ගේ ගොදුරක් බවට පත්වව ඇත.

සිංහරාජයේ රත්නපුරයට මායිම්ව කලවාන හතරේ කණුව බෝවිටිය තැන්න ප්‍රදේශය මෙලෙස රිසරය වනසන්නන්ගේ ගොදුරක් බවට පත්ව ඇති බව දක්නට තිබේ.

උකුස්සා අදාල ප්‍රදේශයට යන විටත් පිරිසක් එහි සංවර්ධන කටයුතු සිදුකරමින් සිටි ආකාරය දක්නට ලැබුණේය.

පරිසරය ගැන කිසිදු තැකීමක් නොකරන මොවුන් විශාල යන්ත්‍රෝපකරණ භාවිත කර තිබුණේ වසර සිය ගනනක් පැරණි රූක්ෂ ගස් බිඳ දැමීම සඳහායි.

නීතිවිරෝධී වගා බිමට පිවිසීම සඳහා ඔවුන් මාර්ගයක් ද ඉදිකර තිබේ.

මේ අතර පරිසරවේදීන් පවසන්නේ සිංහරාජයේ සිදුවන මෙවැනි කටයුතු සම්බන්ධයෙන් බලධාරීන් විටින් විට දැනුවත් කර ඇති බවයි.

එසේ නම් ලංකාවේ විශාලතම වැසි වනාන්තරය විනාශ කරන මොවුන් නීතියේ රැහැනට හසුකරගන්නේ කවදා ද ?

The post සිංහරාජයේ භූමි කොල්ලය appeared first on අටමඟල.

%d bloggers like this: