Menu Close

මොහොතක්_ගෙන_කියවන්න..

සාමාන්‍යයෙන් මරණ දන්ඩණය නියම වෙන සිරකරුවෙකුගෙන් නිළධාරීන් අහනවා තමන්ගේ අන්තිම කැමැත්ත මොකක්ද කියලා… ඇමරිකාවේ විදුලි පුටුවේ ඉන්දවලා මරන්න නියම වෙච්ච් සිරකරුවෙකුගෙන් මෙසේ අන්තිම කැමැත්ත මොකක්ද කියලා අහනකොට එයා ඔවුන්ගෙන් කොලයක් සහ පෑනක් ඉල්ලනවා…

ඊට පස්සේ ඔහු මෙහෙම ලියන්න පටන් ගන්නවා…

ආදර්ණීය අම්මේ…

අද මේ රටේ නීතිය සාධාරණ නම්, අද මම සමග ඔබත් මේ මරණයට මුහුණ දිය යුතුයි…
මට එහා පැත්තෙන් තිබෙන විදුලි පුටුවේ ඔබත් මා සමග සිටිය යුතුයි…
මේ විදුලිසැර ඔබටත් වැදිය යුතුයි…
ඔබද මරණයට පත්විය යුතුයි…
නමුත් අවාසනාවට මේ රටේ නීතිය අන්ධයි…
ඒ නිසා අපි දෙන්නා අතීතයේ එක්ව කළ අපරාධ වලට, අද මට තනිවම මූණ දෙන්න වෙලා…

අම්මේ ඔයාට මතකද ඒ සියළු දෙයක්ම පටන් ගත්ත විදිය…
මට යන්තම් අවුරුදු 3ක් වෙනකොට මම අයියගේ රසකැවිලි හොරකම් කළා ඔබට මතක ඇති…
එදා ඔයා මට මුකුත්ම නොකියා හිටියා… මට ඒවා ගන්න එපා කිව්වේ නෑ…
ඔයාට හොදටම මතක ඇති මට අවුරුදු 5ක් විතර වෙනකොට මම අල්ලපු ගෙදර මගේ යාලුවාගේ සෙල්ලම් බඩු විටින් විට සොරකම් කරගෙන ඇවිත් ගෙදර හැංගුවා… ඔයා ඒවා දැක්කා… ඔයා මට මුකුත්ම කිව්වේ නෑ… ඔයා ඒවා නොදැක්ක ගානට හිටියා…
අම්මේ ඔයාට මතක ඇති එතකොට මට අවුරුදු 12ක් විතර ඇති, නැන්දාගේ පුතා මගෙත් එක්ක සෙල්ලම් කරලා ඉවර උනාම මම එයාගේ බෝලේ ගරාජ් එකේ හැංගුවා… ඔයා ඒක දැකලත්, එයා ඒක හොයනකොට ඔයා
බෝලේ දැක්කේ නෑ කියලා එයාට කිව්වා…
ඔයාට මතකද මම අවුරුදු 15ක් විතර වෙනකොට ඉස්කෝලෙන් කට්ටි පනින්න ගත්තා… තාත්තට ඕන උනා මට දඩුවම් කරන්න… නමුත් ඔබ ඒකට ඉඩ දුන්නේ නෑ වගේම ඒ අවස්ථා වලදී තාත්තා එක්ක නිතරම රංඩු උනා මාව බේරගන්න… සමහර වෙලාවට ඔයා නිතරම මම කොච්චර වැරදි කළත් මාව නිවැරදි විදියට කියමින් මගේ පස්සෙන් හිටියා… ඔබ නිතරම කිව්වේ මම තවමත් තරුණයි සමහරවිට මගේ ගුරුවරු වැරදි වෙන්න ඇති එයාලා මට මොකක් හරි වැරද්දක් කරනවා ඇති ඒකයි මම පාසැලට යන්නේ නැති වෙන්න හේතුව කියලා…
ඔබ හැම වෙලාවේම මාව ආරක්ෂා කළා…
මට අවුරුදු 17ක් විතර වෙනකොට ඔයාට මතක ඇති මම ගෙවල් ලග ගෙදරකින් බයිසිකලයක් හොරකම් කළා… ඔයා ඒ ගැන කාටවත්ම කිව්වේ නෑ… මම ඒක වෙන කෙනෙකුට විකිණුවත් ඔයා සද්ද නැතුව හිටියා…
ඔයා මට ගොඩාක් ආදරය කළා… ඔව්… ඔයා මට ගොඩාක් ආදරය කළත් මාව හරි මගට ගන්න, මාව හරියට හදන්න මාව නීතිගරුක කෙනෙක් කරන්න ඔයාට ඕන උනේ නෑ… ඔයා නිතරම මාව හුරතල් කළා…
ඒක නිසා ටිකෙන් ටික පටන් ගත්ත හොරකම, වංචාව ටිකෙන් ටික වැඩි උනා… අද මම මේ විදුලි පුටුව පෙනි පෙනී මරණය අභියස ඉන්නේ බැංකුවක් මංකොල්ල කාලා, මිනිහෙකුත් මරලයි… මම පොඩි කාලෙම ඔයාට මාව හදන්න තිබ්බා… හොද මගට ගන්න තිබ්බා… හොද නරක කියා දෙන්න තිබ්බා… ඒත් දැන් ඒවාට පරක්කු වැඩියි… ඔබ මෙය කියවනවිට මම මේ ලෝකේ නෑ අම්මේ…

ඔබට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා…
මීට ඔබේ ආදරණීය පුතා…

ඔහුගේ අන්තිම කැමැත්ත අනුව ඔවුන් ඔහුගේ ලිපිය මවට ලැබෙන්නට සැලස්සුවා…

ඔබට ඔබේ දරුවාට ආදරය කරන ගමන් ඔවුන්ව නීතිගරුක කරන්න ඔබට ඕන තරම් වෙලාවක් තියෙනවා…
ඒ නිසා ඔබ ඔබේ දරුවාට ආදරය කරන ගමන් ඔවුන්ව නීතිගරුක පුරවැසියෙක් කරවීමට අමතක නොකරන්න…

උපුටා ගැනීමකි❤️

%d bloggers like this: