Menu Close

නුඹ නැතුව නුඹ එක්ක.. 💜

අහස් ගැබ වෙලාගෙන මේඝයක ලකුණු
මගේ සිත වෙලාගෙන මතකයක් මැකුණු
තුරු පෙලක තීරයෙන් එහා හිඳ නැගුණු
පුන් සඳට දුර වීය අප අතර බැඳුණු….
ජීවිතය අරුමයකි තෙලිතුඩක මැවුණු
කාලයක් පැන ගිහින් මට හොරා ගෙවුණු
නුඹ ඒ ද නොම වේ ද සිත සිතා තැවුණු
අඳුර අද දුර ගිහින් මා ද හැර දැවුණු….
අබලන්ව වැතිරෙන්න තුරු හිසක් සොයලා
වියළි කතරක පවස වැසි දියට පුදලා
ගිනි ගහන කතර දිය මතම යළි දැවිලා
නුඹ නැතුව නුඹ එක්ක ගව් සියක් ගෙවිලා….
කතර නම් නිම වී ය ගිනි වැල්ලෙ දැවිලා
තුරු හිසක් නැත අතැර විෂඝෝර රැඳිලා
මේ කතර මම තනිව නුඹ නැතුව ඇදිලා
එනවිටත් නැවතුමේ නුඹ නැහැනෙ රැඳිලා….
ගෙවුණු ගිරි දුරු කතර වෙහෙස නම් නොවුණු
වැටුණු ලුණු දිය කඳුළ වැහි දියට පෙඟුණු
නුඹට ලියු කවි සේම තෙලි තුඩින් දෙවුණු
මා ගිහින් නුඹ දුරක ආලයෙන් මිදුණු….!
– මානි – 


%d bloggers like this: