Menu Close

අහේතුක 💔

සබඳ,
අහේතුක කඳුලැලි දරුණුය

ඉහල තුරු හිස් වටා ලියලුනු
තුරු පතක සෙනෙහසින් නැළවුණු
පුංචි පස්පෙති මලක් නොකියූ
කතන්දර බොහොමයි …
නුඹ සවන් දුන් පරිමාව අල්පයි..

හෙන හඩින්  පුපුරනා ඉකි බිඳු
දරා හිනැහෙන සියුම් පෙති පෙළ
සිනා සි වැසූ රිදුම් දාරා
නිදි බැරිව හිනැහෙයි…
නුබ දුටුවාද සැක එයි …

නිහඩවම නැග බිදෙන රළ ගෙඩි
සමුදුරක් සේයා දුන් මනස් තුල
නොකියාම බිදෙනා සිතුවිලි
මොර ගැසුව මතකයි..
නෑසුනා සේ නුඹ නික්මෙනා යුරු
බැලූ බව මතකයි…

සබඳ
මේ අහේතුක කඳුළැල්ල
මහා දරුණුයි..

#මානි 

%d bloggers like this: