Menu Close

මාර්කට් යෑම

ඊයේ රෑ කීල්ස් එකට ගියා අම්මා එක්ක බඩු අරන් එන්න. ඉරිදා රෑ කියන්නේ පන්නිපිටිය කීල්ස් එකට යන්න තියෙන ජරාම දවස , මොකෝ ඒ වෙලාවට තමයි කීල්ස් එකේ සෙනග උපරිම වැඩි. ඒ තියරිය දැන දැනත් යන්න සිද්ධ වුනා ගෙදර බඩු ඉවර වෙලා තිබ්බ හින්දා. කීල්ස් එකට ගිහිං ඔන්න දැන් වාහනේ පාර්ක් කරන්න හොයනකොට කාර් පාර්ක් එකේ හැමතැනම ෆුල්. ඒක නිසා අම්මව බස්සලා මම හෙමිහිට වටයක් ගියා පාර්කින් ස්පොට් එකක් හොයාගෙන. වටයක් යද්දී දැක්කා එකම එක ෆ්‍රී ස්පොට් එකක් , ඒක තිබ්බේ අර කීල්ස් වල ගහලා තියෙන්නේ පතරංග බෝර්ඩ් එකක් උන්ගේ නම දාලා , අන්න ඒක යට. මමත් ඉතින් ඒ ස්පොට් එකවත් නැති වෙන්න කලින් ගන්න කියලා රූං ගාලා ගිහිං , ස්වුෂ් ගාලා එතනට රිවස් එකක් ගහලා එතන නැවැත්තුවා නිකන් කෙන් බ්ලොක් වගේ.

මම කලිනුත් කියලා තියෙනවනේ , මම පට්ට ක්ලම්සි චරිතයක්. හැම රෙද්දම වට්ටගන්නවා සහ හැම වැඩේම කෙලෝ ගන්නවා මගේ ගොන් කම නිසා. ඉතින් මේ අවස්ථාවේදීත් මගේ නිදන්ගත ගොන් භාවය ඔන්න අවදි වුනා. දැන් මගේ කාර් එක නවත්තලා තියෙන්නේ අර බෝර්ඩ් එක යට. මම සයිඩ් කන්නාඩියෙන් බැලුවම බෝර්ඩ් එක තියෙන්නේ කාර් එකේ වහලෙට උඩින්.. ඉතින් අව්ලක් නෑ නේ ඉඩ තියෙනවනේ කියලා මම කඩිමුඩියේ බැස්සා වීරයා වගේ කාර් එකෙන් එලියට.. හැබැයි මට අමතක වුනා මම කාර් එකට වඩා උසයි කියලා.. බැස්ස ගමන්ම වැදුනා ඔලුව අර බෝර්ඩ් එකේ “ටොයින්ග්!” ගාලා. ඒ මොන හුත්තක්ද ඒ වුණේ කියලා ඔලුව උස්සලා බලන්න ගිහිං ආයෙත් පාරක් ඔලුව වැදුනා බෝර්ඩ් එකේ “ටොයින්ග්!” ගාලා දෙවෙනි පාරටත්! දැන් ටොයින්ග් දෙකයි. මම හිතන්නේ රිදිච්ච තරමට මට චූ පොඩ්ඩකුත් ගියා. බලන් ඉන්න උන්ට නම් නිකන් චාර්ලි චැප්ලින් ගේ ෆිල්ම් එකක් වගේ පේන්න ඇති.

අර කාර්ටුන් වල වගේ “සූ…ස්” ගාලා ලොකු ගෙඩියක් මගේ ඔලුව උඩ එනවා වගේ තේරුණා මට. ඇත්තටම තාම ගොඩක් රිදෙනවා.. හරියට නිකන් ඔලුව උඩ තජ් මහලක් තනවලා වගේ ඉදිමිලා තියෙන්නේ. අව්ලක් නෑ හෙට වෙනකොට ඇරිලා යයි. කුමටද මා මී හරකෙක් වී ඉපදුනේ දෙයියනේ.. 😔



%d bloggers like this: