Menu Close

බන්දුල සෑර්ගේ ඉකෝන් පන්තිය හා පැනඩෝල්

ඉස්සර බන්දුල සෑර්ගේ ඉකෝන් පන්තියේ නම් ඉගැන්නුවේ ..

ටැස් අඩු කලාම පැනඩෝල් අඩු වෙන්න ඕන කියලා…

හැබයි එයාම කියලා දුන්නා….

ඉල්ලුම වැඩි උනාමත් මිළ ඉහළ යනවය කියලා….

පස්සෙ කාළෙක භාවිතයෙන් පොලිටිකල් සෑන්ස් ඉගෙන ගන්න කොට තේරුනා…

භාන්ඩයක සියළු වියදම්, වෙළද කොමිසන් හා ලාබය හැරුන කොට, පොලිටික්කන්ගේ කොමිෂන් එකත් භාන්ඩයට හෝ සේවාවට එකතු වෙනවය කියලා…

එයිටාමතරව ඖෂධ වෙළදාම මාෆියාවක් බවත්, වයිජ්ජවරුන්ගේ පොරින් ටුවර් හා කොමිසොන් එකත් මිළට එකතු වන බවත්..

එතකොට දැන් පැනඩෝල් කාඩ්ඩෙකේ මිළ වැඩිවීමට හේතූ කීපයක් තියෙන්න පුලුවන්…

1. මානසිකව ඇද වැටී ඔළුවේ කැක්කුම් සැදී නන්නපෝල් වී සිටිනා අලි බයියන්ගේ හා තුන පමණක් බේරා ගත් පිරිස පෙනඩෝල් වැඩිපුර භාවිතය නිසා ඉල්ලුම වැඩිවීම..

2. ලෝක වෙළද පොලේ පැනඩෝල් මිළ ඉහළ යාම….

3. නව රජය අපහසුතාවයට පත් කිරීම සදහා සහල් මාෆියාව මෙන්ම රාජිත හෝ මහරාජා හෝ සජිත් හෝ එජාපය විසින් කල ක්‍ෘතිම වැඩිවීමක්…

4. නව ඇමතිනිය හෝ ලේඛමාගේ කොමිසොන් ගෙවීම සඳහා කල වැඩි කිරීමක්….

එහෙත් එය මේ හේතු හතරෙන් එකක් නොවේ නම්,

රුපියල් 2500 කින් හොදින් කා බී හැමිනෙන්නත් කියා දුන්නාක් මෙන්…

මෙම මිළ වැඩි වූ සමීකරණය අපට පහදා දෙන්නේ නම්,

ටැස් අඩු කලත් බඩු මිළ ඉහළ යෑමේ ක්‍රමය අපටද අනෙක් අයට කියා දී…

ආන්ඩුව කිච වීම නවතා හැකි බව සඳහන් කරමින්…

පෝට්ටුව පර නොවේවා කියා ප්‍රාර්ථනා කරමින්…,

ඔබෙන් සමුගන්නා මා…

© ආර්ථික විජ්ජා මහාචාර්ය මාතලන්

%d bloggers like this: