Menu Close

සෙව්වන්දි.

කාන්තිමත්, මේකුළු රොක් විය
දැවෙන දිනයක නිල්වන්.
රෝස මල් ජෝඩුවක් කවුළුව යටින් විකසිත විය
බඳුන් දෙකක්,‍ ගින්නෙන් පිරි.
කවුළුවෙන් සිසිල් ගොම්මන් නිවසේ සිට
බැළු‍‍‍වෙමි හරිත ශ්‍රීෂ්ම උයන
හා මළානික මියැදෙන පිදුරු ‍දෙස
නික්මුනේ ය සුමිහිරි ආමෝදය.
බාගදා, මහත් හා ගොරොක් හඬ
ඉහල අහසේ ගිගුම් දුන්නේ ය
එහෙත් මී මැස්සෝ ගැයූහ
මැස්සෝ ඉහළට පියැඹූහ – දිනය ඔපවත් ය.
බාගදා හඬ නගමින් දිව ගියේ ය
නීල වැහි දිය දහර
සැඩ කිරණ හා නීල ගැබ මෙහොතකට
හෙළන්තාඩු කැඩපතේ දිදුලුවේ ය
දිනය ඔපවත් ය, මිලින වූයේ ය සෙව්වන්දි
කුසීත හිස් නැමෙන්නේ ය
අතරින් පතර හිනැහුනේ ය කඳුළු
දෑසින්, ගින්නෙන් පිරි.
ඉවාන් බුනින්,
1904.
රුසියන් බසින් සිංහලයට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

%d bloggers like this: