Menu Close

228. ආදර සිපිරිගෙය තුල

ඝන අහස කලුවර

වසා ඇති බොහෝ 
නිම්න කදු මාරක අනතුර…
තරු එලිය පවා රවටන
පාවෙන කැට කැබිලිති
අත පොවන සැනෙක බාඳුර…
දුක් දොම්නසින් පෙරවුන
එකම පොඩි කෙම්බිම 
නුඹ මා පෙමින් සිරකල…
අතැර කොයි යම්ද තනිකර
මියෙමි ඔබ දෙපා පාමුල
අවසන් සුසුම සිරකර….

~~~මන්ජි 

%d bloggers like this: