Menu Close

නිදන කාමරය සිනමාහලට ගෙනයාම

Film එකක් බලනවා කියන්නේ එකිනෙකාට වෙනස් වගේම ආවේණික අත්දැකීමක්. අපි හැමෝටම තියෙනවා Film බලන්න ආවේණික ක්‍රම. සමහරු කැමතියි පුටුවක පහසුවෙන් වාඩිවෙලා බලන්න. තවත් සමහර අයට සිනමාශාලාවකම චිත්‍රපටය බලන්න ඕනේ. එහෙම වුනොත් විතරයි හරියට Film එක “Feel” වෙන්නෙ කියලයි ඔවුන් කියන්නෙ. නමුත් සියලුම චිත්‍රපට සිනමාහලකට ගිහින් බලන එක ප්‍රායෝගික නොවන නිසා ඒකට විවිධ ක්‍රම අපි හැමෝම පාවිච්චි කරනවා. විශේෂයෙන්ම Computer එකක නැත්නම් DVD එකක් දාල TV screen එකක, එහෙමත් නැත්නම් Home theater system එකක, මේ විදිහට චිත්‍රපට බලද්දී පහසු ඉරියවුවකින් ඉඳගෙන නිදහසේ චිත්‍රපට බලන එක බොහෝ දෙනෙක් කරන දෙයක්. මෙන්න මේ සංකල්පයම සිනමා ශාලාවට ගෙනගිය පුවතක් ගැනයි මේ තොරතුර.

ස්විස්ටර්ලන්තයේ සිනමාහලක් “නිදන කාමරය සිනමාහලට” කියන් සංකල්පයෙන් යුතු විශේෂිත සිනමා ශාලා පරිශ්‍රයක් නිර්මාණය කොට තිබෙනවා. මේ සිනමාහලේ සාම්ප්‍රදායික පුටු වෙනුවට යුගල ඇඳන් සවිකොට තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කොට තිබුනේ. මේ VIP සිනමාහල ජර්මානු ස්විට්සර්ලන්ත දේශසීමාවට ආසන්නයේ පිහිටි Spreitenbach ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. විශේෂිත නිදන ඇඳන් සහිත VIP ශාලාව යුගල ඇඳන් 11කින් යුක්තයි. යුගල ඇඳ, සුවපහසු කොට්ට සහ එහා මෙහා කළ හැකි head sheets සහිතව මේ ශාලාව නිමවා තිබෙනවා. ඇඳ අසල bedside table දෙකක් නිර්මාණය කොට තිබෙන්නේ ප්‍රේක්ෂකයාට සම්පූර්ණ නිදන කාමරයක සිට චිත්‍රපටය නරඹනවා වැනි හැඟීමක් දැනවීම සඳහාමයි. අළු පැහැයෙන් සහ beige වර්ණයෙන් මෙම ආසන (ඇඳන්) නිර්මාණය කොට තිබෙනවා. සෑම දර්ශනයක් අවසානයේම ඇඳ ඇතිරිලි ආදිය මාරු කිරීමට සේවක මණ්ඩලය කටයුතු කරන බව සමාගමේ අධ්‍යක්ෂවරයා පවසා තිබෙනවා.

ෆ්‍රෑන්ක් 49ක් (USD 48.50) මුදලකට මේ VIP සිනමාහලේ චිත්‍රපටයක් නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලැබෙනවා. ඊට අමතරව තවත් ෆ්‍රෑන්ක් 19.50ක මුදලකට අවශ්‍ය කෑම බීම සියල්ලම ලබාගෙන නිදහසේ චිත්‍රපටය නැරඹීමේ අවස්ථාවද ලබාදී තිබෙනවා.

මෙම VIP bedroom සිනමාහලට අමතරව තවත් VIP සිනමාහලක් එම පරිශ්‍රයේම නිර්මාණය කොට තිබෙන බව සඳහන්. එහි සාමාන්‍ය ආසන වෙනුවට සුවපහසු Sofa භාවිතා කොට තිබෙනවා. එයත් වෙනස්ම හැඟීමක් ප්‍රේක්ෂකයාට ගෙනදෙනු ඇති බවට ඔවුන් විශ්වාසය පළකරනවා. ආසන 350කින් යුතු මේ සිනමාහලට අමතරව ළමයින් සඳහාම වෙන්වුණු විශේෂිත ශාලාවක්ද නිර්මාණය කොට තිබෙනවා. Bean bags යොදා නිර්මාණය කොට ඇති එම ශාලාවද දරුවන්ට වෙනස්ම සිනමා අත්දැකීමක් ගෙනදීමට සමත් වනු ඇති.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවෙත් SOFA යොදා සැකසූ ඇති සුඛෝපභෝගී VIP සිනමාහලක් නිර්මාණය කොට ඇති බව ඔබ දැනටමත් දන්නවා ඇති. One Galle Face සාප්පු සංකීර්ණයේ PVR cinemas සමාගමේ සිනමා ශාලා සංකීර්ණය තුළ එවන් පහසුකම් සහිත VIP සිනමා හලක් නිර්මාණය කොට තිබෙනවා. නිදහසේ චිත්‍රපටයක් රසවිඳින්න වෙනස්ම අත්දැකීමක් විඳගන්න ලංකාවේදීත් ඔබට දැන් අවස්ථාව තිබෙනවා.

Share

%d bloggers like this: