Menu Close

මිහිදුම් සළු…

“වෙල් එළියේ, ලදු කැළයේ
ඇළේ, දොළේ
මඩ වගුරේ
දුවපැන
කෙළිදෙලෙන්  ගත කළ
අපේ ළමා විය
සුවදැති මතකයකි
සැමදාම සිත
සුවපත් කරවනා…………….

පොත් පත් අතරේ
පරිගනකයේ‍
රූපවාහිනියේ
ජංගම දුරකතනයේ  සිරවූ
සිත්පිත් නැති රොබෝ වැනි වු
අපේම දරුවන්ගේ ළමා විය
අමිහිරි මතකයක් නොම වේද
ළමා වියටත් වෛර කරවනා……………”


මේ අරුත්බර පද පේළිය මගේ හිතවතියකගේ. ඇය ඇලුතෙන් වියුණු සටහන් වියන්නට එකතු වුණ කෙනෙක්. මේ තියෙන්නේ ඇගේ ‘මිහිදුම් සළු’ වියුණු සටහන් අඩවිය.

https://mihidumsalu.blogspot.com/

මිහිදුම් සළු අතර සිසිලස විඳගන්න ඔබත් යන්න. වදනකින්, සටහනකින් ඇයට දිරියක් වෙන්න.

ඔබ සැමට ප්‍රීතිමත්, සුබ 2020ක් වේවා! 🙂 <3 

%d bloggers like this: