Menu Close

[369] මගුල් දා මග හිටිය පියෙට්ටුවා

අවුරැදු තිස් පහක් වන තුරැම සාංසාරික සහකරැවා හමු නොවූ මගේ අන්ධකාර ලෝකයට ‘කාර් පිස්සුව’ වැහෙන්නේ හරි අමුතු විදියටය. අන්තිමට අවුරැදු 32 ඉවර වෙන්න පැය කිහිපයක් තියෙද්දී , මහා දිග කාලයක් තිස්සේ හීන දැක්ක කාර් පිස්සුව හොඳ කරගත් මට 35 වනතුරැ හිටි නිත්ය පෙම්වතා නම් මගේ කෝල්ටියයි. කොල්ලන්ට විතරක් නොව කෙල්ලන්ටද කාර් පිස්සුව හැදේ. තවමත් එය හොද නොවන පිස්සුවකි. වෙලාවට ‘ගෑනු වුනාම වාහන පදින්න හොද නෑ’ කියන ජාතියේ කිරි ඉබ්බෙකු නොබැඳ , මහ පොලවේ පය ගසා සිටිය හැකි , මගේ අසාමාන්ය ගති පැවතුම් ඉවසත හැකි සාසංසාරික සහකාරයෙකු ලැබුනේය. ‘ඔයා යනවා වේගෙ වැඩි’ කියා මගේ පරිස්සමටම නෝක්කාඩු කිව්වාට , කිසිවිටකත් ඔහු මගේ ලෝකයට කිසිදු නීතියක් දමා නැත. බැරිවෙලාවත් කාර් පිස්සුවට එක අබැටක විවේචනයක් කලානම් මේ මංගල්ලය වුව නොකෙරෙන්නට ඉඩ තිබිණ. 🤣


අද නැවතත් කාර් පිස්සුවඇවිස්සුනි. ඒ තරිදු ගේ පොත කියවීමෙනි. මේ නම් Prasanna de Mel කියවිය යුතුම පොතකි . මොකද එයාටද wolkwagon පිස්සුව උපරිමයට තියන නිසාය. පරණ වාහනයක් කවදා හෝ අප සතු කරගන්නෙමැයි තිරව අදිටන් කරගෙන සිටින අප දෙදෙනාට Tharindu ගේ පොත අමා වැස්සකි.

පොත රසය. අන්තිම කතාව ඉතාම සංවේදීය . යකඩ ගොඩක මේ තරම් ආදරයකට හැංගෙන්නට හැකි බව දන්නේ කාර් පිස්සුව ඇත්තෝම පමණකි.


%d bloggers like this: