Menu Close

89 දි පනපිටින් සැමියාව මැරුවා. ඒ පණ පිටින් ගිනි තියලා. මැලේසියාවේදී පුතා මැරුණා ද? මැරුවාද? දන්නේ නැහැ.

 පුත්තු හතර දෙනෙකුගේ හා වැඩිමහල්  දියණියකගේ මවක් පියශිලි.
   ඈ ගේ කථාව.

 ” 1989 දෙසැම්බර් 22 ජනතා විමුක්ති පෙරමුණේ මගේ සැමියාට පිහියෙන් ඇනලා පණපිටින්ම ගිනි තියලා මැරුවා. ඒ අකුරැස්සේදී. සැමියා එක්සත් ජාතික පක්ෂයේ ඇමති දයානන්ද වික්‍රමසිංහගේ ගෙදර ඉන්නකොට තමයි මේ අපරාධය උන් කළේ. 

 සැමියාගේ නම සුමනදාස කොඩිතුවක්කු.  ඔහු  කළේ බේකරි රස්සාව. ප්‍රේමදාසගේ ආණ්ඩුව මට රුපියල් පනහක් දුන්නා. එච්චරයි මිනිමරුවෝ කවුද කියලා හෙව්වේ නෑ. කිසිම යුක්තියක් ඉටු වුනේ නෑ.

මම දරුවෝ පස් දෙනාව අරං මගේ දෙමවුපියන් ලඟට ආවා.  ඔවුන් හිටියේ ඉඳුරුවේ. මම ළමයි පස්දෙනව මගේ අම්මට බලාගන්න දීලා පස් වතාවක්ම රට ගිහිල්ලා බැලමෙහෙවරකම් කරලා ළමයින්ව උස්මහත් කළේ.

ලොකු පුතා හමුදාවට බැඳුනා. දැන් ආබාධිත රණවිරුවෙක්. ඔහු විවාහ වුණේ ගෝමරන්කඩවල. මම එහි පදිංචියට ආවා. ආණ්ඩුවෙන් දුන්න අක්කර බාගේ වගා කරගෙන මම දැන් ජීවත් වෙනවා.

මම රට ඉන්නකොට තමයි මගේ බාල පුතා සුජීව මැලේසියාවට ගිහිල්ලා තිබුණේ.  මම රට ඉඳලා ඇවිල්ලා ඔහුට කිව්වා ගෙදර එන්න කියලා. එනවා එනවා කිව්වට ආවේ නෑ. ඔහු දක්ෂ කෝකියෙක්. එහෙම හෝටලයක් පටන් අරගෙන ගියා කියලා තමයි දැනගන්නට ලැබුණේ. 2019 ජනවාරි 02 දා ඔහු කිව්වා මට ගෙදර එන බව දැනුම් දුන්නා. ජනවාරි පළවෙනිදා මට එහේ ගෑනු කෙනෙක් කතාකරලා කිව්වා පුතා මැරිලා කියලා.

මම දේහය ගෙදර  ගෙන්න ගත්ගතා.  මල්ශාලාව කිව්වේ අභ්‍යන්තර කොටස් කිසිවක් නෑ කියලා.  මොලේ ඇස් කිසිවක් තිබුණේ නැහැ කියලා කිව්වා.  පුතාගේ මරණය සැකයි. විදේශ සේවා එකට කීප වරක්ම ගියා. එක එක දේවල් කිව්වා මිසක් කිසිම දෙයක් ඒ ගැන හොයලා බැලුවේ නෑ. දැන් අවුරුද්දකට කිට්ටුයි තාමත් මම බලාගෙන ඉන්නවා මගේ පුතාට මොකද වුනේ කියලා දැනගන්න.”

 මේ එක මවකගේ කතාවක්ග.මෙවන් කතා එකක් නෙමෙයි සිය ගණනක් අහන්න පුළුවන් මායිම් ගමට ගියාම.

%d bloggers like this: