Menu Close

හතේ අපේ පොත


නාලන්දා විද්යාලයේ මඩිතියවල සරණපාල හාමුදුරුවෝ ඒකාලයේ ප්රකට හිමි නමකි. සරණපාල හාමුදුරුවෝ 1979 අපගේ 7 ඩී පන්තියෙ පන්ති භාර ගුරු භවතා විය​.

සරණපාල හාමුදුරුවන්ට තරමක් දුරට කොළු මාන්දම වැළඳී තිබූ අතර එය පාසලේ ප්රසිද්ධ රහසක් විය​. වරක් AFS හරහා ඇමරිකාවෙන් සුදු කොල්ලන් දෙදෙනෙකු නාලන්දාවට ඉගෙනුම සඳහා ආවෝය​. මේ විදේශීය සිසුන් දෙදෙනාට නවාතැන් පහසුකම් සෙවීමට විදුහල්පති ධර්ම ගුණසිංහ මහතා ඒ මේ අත යන විට සරණපාල හාමුදුරුවෝ ගුණසිංහ මහතාගේ කාර්යාලයට වැඩම කොට මෙසේ කී සේක

” ඔය ඊතන් ළමයටයි කැමරන් ළමයටයි ඕනෙනං අපේ පන්සලේ ආවස ගේ ලෑස්ති කරලා දෙන්න පුලුවන් . මගේ නෑනේ ඔය ඇමරිකන්කාරයාය රුසියන්කාරයාය කියලා භේධයක් “

මෙය ඇසූ ගුණසිංහ මහතා ” නෑ ඒ ළමයි දෙන්නාට අපි ඉන්න ගෙවල් දෙකක් හොයලා දුන්නා ” කියා කීවේය​.

පසුකාලයක මඩිතියවල සරණපාල උපැවිදි වූ බව අපට ආරංචි විය
%d bloggers like this: