Menu Close

දෙවියන් ගේ ප්‍රයිවෙට් සෙකට්‍රි



පාස්කු දිනයේ හිමිදිරියේ දෙවියන් ගේ ප්‍රයිවෙට් සෙකට්‍රි දෙවියන්වහන්සේට කෝල් එකක් දුන්නේය​. තවමත් නිදිමතින් සිටි දෙවියන්වහන්සේ දුරකථන රිසීවරය ගත්තේ කම්මැලි ලෙසිනි 

යියෙස් …. දෙවියන්වහන්සේ සවන් දීමට සූදානම් විය​

” සර් සහරාන් කියලා පොරක් පාස්කු දවසේ පල්ලි වල බෝම්බ පුපුරවන්න ප්ලෑන් කරලා තියනවා කියලා දේව රේඩාර් එකට වැටිලා තියනවා. සර් මොකද කරන්නේ ? දෙවියන් ගේ ප්‍රයිවෙට් සෙකට්‍රි ඇසීය​. 

ඉතින් මොනාද කරන්න ඕනේ ? දෙවියන්වහන්නේ තරමක නෝක්කාඩු ස්වරයකින් ඇසීය​.

සර් මේ පල්ලි වල බෝම්බ පිපුරුනොත් සර් ගේ බැතිමතුන් මාර ගානක් මැරෙයි. ඒක සර් ගේ නමටත් හොඳ නැහැ. මම සහරාන් කාරයාගේ බෝම්බ නිෂ්ක්‍රිය කරවලා දාන්නද ? ප්‍රයිවෙට් සෙකට්‍රි ගරුසරු ඇතිව යාප්පුවෙන් ඇසුවේය​. 

දෙවියන්වහන්සේට තරහා ගියේය​. 

” මේ තමුසේ ඉදිමෙන්නේ නැතිව ඉන්නවා. උන් ඕන දෙයක් කර ගනී. මට ඔය රටේ කේස් වලට අත දාලා එපා වෙලා තියෙන්නේ ” දෙවියන්වහන්සේ කීවේය​. 

” සර් එහෙම නම් මම අර පඹයට පොඩ්ඩක් ඉන්ෆමේෂන් එකක් යවන්නද ? ප්‍රයිවෙට් සෙකට්‍රි යළි යාප්පුවෙන් ඇසුවේය​. 

” ඕනේ නෑ , ඕනේ නෑ. දෙවියන්වහන්සේ නොඉවසිලිවත් ලෙස කීවේය​. පඹයට ඉන්ෆමේෂන් එක ගිහිල්ලා තියෙන්නේ. මෑන් කරන දෙයක් කරයි” මෙසේ කියමින් දෙවියන්වහන්සේ  දුරකථන රිසීවරය තිබ්බේය.
%d bloggers like this: