Menu Close

එළවලු ගණන්ද

යහපාලනේ කරනවා කියල ඇවිල්ල කරපු මගඩි වලටයි විකාර වලටයි උන්ට ඔහොම වෙලා මදි කියන හැඟීම තවම තියනවා. ඒත් ඉතින් අළුත් කට්ටියට දීපු හනිමූන් කාලේ ඉවර වීගෙන යනව වගේ ඈ .

පොහොට්ටුවට සාඩම්බරයෙන් චන්දෙ දීපු මල්ලිගෙන් ඇහුවා දැන් මොකද එළවලු ගණන් නේද කියල?  එයා කියනවා
” ඔව් ගණන් නම් තමයි. ඒ මේ ගංවතුර යි දිගටම වහින එකයි  වගේ දේ නිසානේ “. කියල.
“එතකොට ආණ්ඩුවේ වැරැද්දක් නැහැ. ඉස්සර ඔයා යහ පාලනේට බනින්නේ එළවලුයි ඇතුළු හැමදේම  ගණන් කියල.” මම ඇහුවා.

“අපෝ උන්නම් කිසි දෙයක් කෙරුවේ නැහැ. දැන් මේ ආණ්ඩුව තවම ආව විතරයි නේ.ප්ලෑන් එකට වැඩ.”

එවෙලේ තමා  මට කල්පනා වුනේ ප්ලෑන් එක.

  මේ එළවලු ගණන් යවන්නේ නිකන් නෙමේ කියල. කල්පනාකාරීව කරපු සැලසුමකට. දැන් බලන්න. ලංකාවේ එළවලු  කියන්නේ රසායනික පොහොර භාවිතා කරලා, අවශ්‍ය පමණට වඩා  කෘමි නාශක අර නාශක මේ  නාශක ගහල හදපුව. ඕව කාල පිළිකා හැදිලා නොයෙකුත් ලෙඩ රෝග හැදිලා මැරෙන්නේ. ඉතින් ඔය එළවලු කන්න දීලා මිනිසුන්ට ලෙඩ හැදුනම නිදහස් සෞඛ්‍ය සේවයටමයි පාඩු. එනිසා ඉස්සෙල්ලම් කරන්න ඕන දේ තමයි එළවලු ගණන් යවන එක.

අර 3% අනුර කුමාර දිසානායක කිව්වා වගේ දඹුල්ල වගේ ආර්ථික මධ්‍යස්ථාන වල නාස්තිය අඩු කරන්න වගේ වැඩ කරන්න හොඳ නැහැ.    බෙදා හැරීම  වගේ දේවල්  හරියට කරන්න  ඕනෙත් නැහැ. ප්ලෑන් එක අඩාල වේලාවන් අනුරය ඕව දන්නා  එකක්ය.
දැන් එළවලු ගණන් ගියාම මොකද  වෙන්නේ. ආර්ථික ඔස්තාද් මහත්තය කිව්වා වගේ එළවලු මිල බහිනවා. ඇයි මිනිස්සු ගන්නේ නැහැනේ.  දැන් පොහොට්ටුවේ ලක්ෂ හැට නමය දන්නා නිසා ඒ දේශප්‍රේමී ජනතාව ඔය එළවලු කොහොමත් ගන්නේ නැහැ. ඒවා අරගෙන කන්නේ කවුද ? දේශ ද්‍රෝහී ටොයියෝ ටිකයි අර 3% දේශ ද්‍රෝහී කණාටු ජෙප්පෝ ටිකයි. ඒවා කාල  උන්ට එක එක ලෙඩ හැදෙනවා. හැදිලා උන් ඔක්කොම මේ දෙරණ තලෙං නැති වෙලාම යනවා.

ඊට පස්සේ ඉතුරු වෙන්නේ කවුද? මේ රටට ආදරය කරන පොහොට්ටුවේ ජනතාව.
ඊට පස්සේ ඕන විධිහට කෘමි නාශක ඉහින්නේ නැති එළවලු වගා කරලා සුවඳල් හාලෙන් බත් උයල කෑව හැකි අපේ දේශ ප්‍රේමි ජනතාවට.

පොඩ්ඩක් ඉවසන්න විතරයි තියෙන්නේ.

%d bloggers like this: