Menu Close

බලා හිදීම

බලාසිටීම 
එය කෙතරම් වෙහෙසකර දැයි විටින් විට ජීවිතයට කියා දෙන්නට තරම් කුරිරු වු සසර ගමනක් ගෙවා ඇවිත් බව පසක් වෙන හැම මොහොතකදිම …. 
නුඹ බිය නොමැති බව වදනින් කියා දිරියෙන් හැම දෙයකටම මුහුන දෙන කල ඉතින් කදුලැලි සගවාගෙන ඉමි නුඹට සවියක්ම වී සිටින්නට ….
බැදීමක වටිනාකම නොදන්නා බොහෝ හිත් අප හිත් රිදෙව්වද “මං නිසා මේ දේ වුනා නේ ” සිතින් වැටෙනා හැම නිමේෂයක දකින්නට ආසම කරන ඒ හිනාවෙන් මුව පුරා ඔයත් ඔය දුක් විදින්නේ මම නිසා නේදැයි අසන නුඹ තමයි මගේ මුලු ලෝකයම.
(මා දැස් ඇර නොබැලුවා නම් , සීත සුදු කලාපයේ අතරමං වුනානම් ලොවේ කතා කෙලෙසකද වෙන්නේ කියා මවා ගැනීම පවා අපහසුය මා හට නම්)
නිමේෂයකදී ඕනෑම දෙයක් සිදුවිය හැකි බව උගත් පාඩම් අතරට එක් කල ඒ නපුරු තත්පර කිහිපය අපේ ජීවිත වලට කියාදුන් අනේකවිධ පාඩම් අතර තව තවත් ආදරය කිරීමට ඉගෙන ගනිමින්.
ආදරය කියන වදන පුරාවට ගැබ් වූ ආදරය ජිවිතය මතින් විදගනිමින්…
            
  අත්වැල් බැදන් එක මග යන්න එන්නෙමි මා නුඹ සමග ❤️,නමුදු FZ මත නම් කිසිම දිනයක යලි නොයන්නෙමි….ත්‍රීවීල් යන මගක 😉
((2019 වසරේ සීත දෙසැම්බර් මස ඇරඹීමෙන් පසු උදා වූ තෙවෙනි දින ශල්‍යාගාරය අසල හිදිමින් දිල්ගේ තත්ත්වය තේරුම් ගැනීමට උත්සාහ කරනා විටකදී ලියුවකි….))

%d bloggers like this: