Menu Close

සැඟවී ගියාදෝ සෙනේ !

සැනකෙළි සමය ඇරඹී ඇත.බැලූ බැලූ අත සැරසිලිය..රාත්‍රියට මුලු නගරයම දිව්‍යලෝක වෙස් ගන්නා සෙයකි.කඩ සාප්පු වලත් මහ මඟත් හිස් ලූ ලූ අත දිව යන මිනිසුන්ය..ගැහැනුන්ය..ඒ සියල්ල දැකීමත් විඳීමත් වෙහෙසකරය.හිත බල කරන්නේම කොහේ හරි නිස්කලංක තැනක තනි වෙමු කියාය.

ඉතින් සීරුවට ගැහෙන සිතිවිලි වත්තන් කරන් මම රෑ අහස යට තනිවෙමි.පාලුවට ගිය රෑ අහසෙ වෙනදාට වඩා තරු එකදෙක මෝඳු වී හිනැහේ.උදුවප් හීතල ගත පුරා දැවටෙද්දී හිත පුරාවට ඔයා එන එක නවත්ත ගන්න තමා අසීරුම.ඉතින් රෑ අහස පුරා ඔය ඇස් මවාගන්න මට මහ වෙලාවක් යන්නෙ නෑ.ඔයාව නොදැක මේ ගෙවී යන්නෙ කී වෙනි දවසද කියල හරියටම මට කියන්න පුලුවන්… ඒත් වැඩක් වෙන්නෙ නෑ ඒ ඉලක්කම මාව සංතාපයෙන් සංත්‍රාසයට පත් කරනව.

 ඇත්තටම ඇයි දෛවය අපිව මුණගැස්සුවේ…? ඇයි මං ඔය ඇස් වලට වහ වැටුනෙ…? ඇයි අපි අපිට ආදරෙයි කිව්වෙ…?  හමුවීම් වෙන්වීමි යාම් ඊම් විතරක් උරුම ජීවිත වල මේ ප්‍රශ්න වලට ඔයා ළඟවත් මා ළඟවත් උත්තර නෑ තමයි. ඒත් ඇයි ඔයාට බැරි මේ තරම් දුරින් දුරස් වෙලා ඉන්නවා වගේ මගේ හිතිනුත් යන්න…? ඔයා දන්නවද දවසට කී පරක්…කී පාරක් මට ඔයාව මතක් වෙනවද කියල…ඉලක්කමින් කියන්නද…? නෑ ඕනෙ නෑ …ඇයි දන්නවද ඒ ඉලක්කම ඔයාව සංත්‍රාසයෙන් සංතාපයට  පත්කරාවි.

සමහරවිට මාව උන්මන්තක කරපු ඔය මනමාල පාට ඇස් දෙකේ මා ගැන ආදරයක් සෙනෙහසක් හෝ ප්‍රේමයක් නොතිබෙන්නට ඇති.මම ඔය ඇස් බැල්මට රැවටුනා වෙන්නත් ඇති.ඒත් ඒ රැවටීමට මම ආදරෙයි.ඔයා මට පෙම් කිරීම හෝ නොකිරිම ඔයාගේ වැඩක්.ඒත් ඔයාට රැවටීම ඔයාට වහවැටීම ඔය ඇස් වලට ලෝබකම් කිරීම මගේ අයිතියක්.

ඔයා දන්නවද…මේ බවයේ මට අහිමි මට අයිති නැති කිසි දෙයක් මම යලිඳු බවයක පතන්නේ නෑ.ඉතින් …මේ සංසාරයේ හමුනොවේනම්  තවත් කිසිම සසරක අප හමුවිය යුතු නෑ.
 ඒත් හැම රෑකම, හැම හීනෙකම ඔයා ඉන්න.

………………………………………………

%d bloggers like this: