Menu Close

පස්චාත් මැතිවරණය ව්‍යාධිය දරුණු අතට හැරීම…

ඉහළ පින්තූරයේ ඇත්තේ, පාර හරහා මාරුවන ඉරි වල නවතම තත්වයයි…

මේ ඉරි ලංකාව වගේ පට්ට ගෝත්‍රික රටක ඇන්දානම් අමු බයියෝ මේවා අදින උන්ගේ පතුරු බුකිය පුරා යවනු ඇත….

නිර්මාල් කීවාක් මෙන් අද ටොයියෝ හා බයියෝ මාරූ වී ඇත… ඒ බයියන්ට ඇමරිකන් සොලිඩ් ටොයියෙක් ලැබීමත්, ටොයියන්ට පත බූරුවෙක් කරේ තබාන යෑමට සිඳුවීමත් නිසාය….

අපේ බූරූ ජනතාව වෙනසට බොහෝ බියය.. සාම්ප්‍රදාය කැඩීම හෙන ඉෂූ එකක්ය….. ඒ හේතුවෙන් උන්ගේ දියුණුවද බොහෝ පසුගාමීය….

නව රජය පත් වීමෙන් පසු කොල්ලෝ පාරේ චිත්‍ර ඇදිල්ලත් ඒ වාගේම දෙයක් වී ඇත… මෙහි අඩුපාඩූ නැත්තේ නොවේ… සම හරක් චිත්‍ර අපගේ රසාස්වාදයට එකඟ නොවේ… සමහර ඒවා එකම විකාරයන්ය…. නමුත් ඒ කියා මට ඒවාට විරුද්ධ විය නොහැකිය…

සමහර පන්සල් වල ඇති චිත්‍රද, අඹා ඇති පිළිමයන්ද පට්ට ප්‍රාථමික තලයේ ඒවාය…..
සමහර බුදු පිළිමවල ඉන්නේ එච් ආර් ජෝතිපාලය.. සමහරෙක් එච් ආර් පියසිරිය…. සමහරෙක ඩලස්‍ද සමහරෙක රූපා ඉන්දුමතීය.. ඒ කියා ඒවාට මිනිසුන් වැඳුම් පිඳුම් නොකර ඉන්නේ නැතිය….

විරුවන් සිහිකිරීම සඳහා ඇති පිළිමවල ඉන්නේ අප දන්නා පුද්ගලයා නොවේ මෙසේ වික්‍ෘති කර ඇති පිළිම රට පුරා බොහෝ නඟරවල තිබෙනවාය …

එහෙත් මේ කිසිවක් මෙතෙක් ඇස නොගැටුන මහා චිත්තර කාරයන්ගෙත් අනෙක් උන්ගෙත් ඇහේ කටු ඇනෙන්නේත්, පුකේ ඉත්තෑවන් දුවන්නේත් උන් චන්දයෙන් කාපූ පරිප්පුව නිසාවෙන් මිස වෙන හේතුවක් නිසා නොවේ…

කුජීත ලෙස පැරදීම “අනපේක්ෂිත පරාජයක්” ලෙස ජයදේව උයන්ගොඩ වගේ එකෙකුටත් පෙනේ නම්, අනෙක් හාතයි බූරුවන් ගැන කතා කරන්න ඕනෑම නැතිය….

උන් හිතුවේ ඔක්තෝබර් විප්ලවයට කෙලියා සේ ව්‍යවස්ථා ජෝගි දමා එයින් තව දුරටත් බලයේ සිටින්නටය…. එහෙත් ඒ සිහිණය කුඩු වූ සමනලයින් සිටින්නේ වියරු වැටිලාය…

ඉතින් උන්ට සියල්ලම වැරදිය…

දෙහිවල පාලම යට චිත්‍රය ඊට හොදම උදාහරණයයි….. එය තනි කළු පැහැ බිත්තියක් කලේ නම් විරුද්ධ වීම සාධාරණීකරණය කල හැක… එහි තිබු කහ සහ කළු ඉරි වෙනුවට විවිධ වර්ණයන්ගෙන් වර්ණවත් වූ බිත්තියක් ඒමේ වරද කිම…..

%d bloggers like this: