Menu Close

මෝඩ, සාමාන්‍ය ජනතාවද…, උගත් කුහකයින්ද…?

මේ රටේ ජනතාව මෝඩ හා ඇන්දිය හැකි පිරිසක් ලෙස සම හරක් හිතාගෙන ඉන්නවාය..

මාතලන්ට නම් ඒ ගැන ඇත්තේ වෙනස් අදහසක්ය….

උන්ගෙන් වැඩි පිරිස උපාධිධාරීන් හා උගතුන් යැයි කතා කියා ගන්නා පිරිසය…

උන් කෙතරම් මෝඩයෝද යන්න මෙතෙක් කලක් අපට පෙන්නෙවේ අටපට්ටමයාගේ දොරමඩලාවය….

එහෙත් මෙවර මැතිවරණයේදි… අටපට්ටමයාගේ රැකෝඩ් එක කැඩුවේ….

කොලොන්නේ හා ජෙප්පෝය….
කොලොන්නේ පීචංම වී ගිය අතර….
ජෙප්පෝ යාන්තමින් තුන බේරාගත්තෝය…

නාගා ග්‍රේට් පොරකි…. නාගාද මේ මා කියනා දෙය ඉතා හොදින් අවබෝධ කර ගත්තෙකි…
ඌ ඉන් හොදට හම්බ කරගත් අතර, ඉදිරියේ මහ චන්දයේදිත් තවත් ගානක් කඩා ගැනීමට පාරද කපා ගත්තේය…

ඌ බුකියේ උගත් මේනියා මී හරකුන් නොව මෙල්බර්න්වලට මෙරටින් අපනයනය ලද මී ගවයින්ට අමතරව ගාමිණි විජේසීහ වැනි පුහු මාන්නක්කාරයින්ගේද බටර් නැතිවම ඇරියේය……

සාමාන්‍ය ජනතාව මෝඩයින් නම්, මේ රටේ ආන්ඩු පෙරලි කිසි දිනෙක සිඳුවන්නේ නැත….

අනෙක් කරුන නම් සෑම පන්තියකටම හා කුලකයට අයත් මධ්‍යස්ත මතධාරීන්ගේ ප්‍රමාණය සීඝ්‍ර ලෙස වර්ධනය වීමයි…

මේ මැතිවරණය තුල හා ඉන් පසුව ඇතිවූ ක්‍රියාකාරකම් දෙස බැලීමේදී ඉතා පැහැදිලිව පෙනෙන කාරනය නම්, තරුණ පරපුර ආකර්ෂණය කර ගැන්මට ඝෝඨාභය සමත් වී ඇති බවයි…

එය විශේෂිත කරුණක් වන්නේ, මහින්ද රාජපක්ෂ ගෙදර යැවීමට හේතූ වූ පාදඩ පන්තියේ උන් සියල්ලමද ඇතුලේ තබාගෙන මෙම ජයග්‍රහණය ලබා ගැනීමයි..

එහෙත් එමගින් කියන්නේ… එම පාදඩ පන්තිය හා ගමනක් යෑමට ඔවුන් තුල ඇති කැමත්තක් නොව… උන්වද පාලනය කරගෙන රට කරවීමේ හැකියාවක් ඝෝඨාභය සතුව ඇතයි යන විශ්වාසයයි….

මේ රටේ මිනිස්සු කම්මැලි මෝඩ මිනිසුන් නොවේ, එය රට කරවූ කාළකන්නි දේශපාලුවන් හා අධිපති ජඩමාද්ද්දියකාරයන් විසින් දුප්පතකම හා හිඟන මානසිකත්වය උත්කර්ෂයට නැගීමෙන් ඇතිකරනා ලද මහා කැත මළ මූසල කාළකන්නි මානසිකත්වයකි..

පෑඩ් එක පවා නොමිළේ ඉල්ලන්නේ එවන් අමනයිනි.. උන් බලාගෙන සිටින්නේ සියල්ල ආන්ඩුවෙන් ලබා දෙන තෙක්ය… විශේෂයෙන් ජෙප්පන් සිතන්නේ රමණය හැර ඉතිරි සියල්ල රාජ්‍යයෙන්ම සැපයිය යුතු බවයි…

වාසනාවකට නව පරපුරේ අති බහුතරය මේ මතයේ නැත….

ඝෝඨා වටා එක්වූ තරුණ පරපුරේ ස්වේච්ඡා ක්‍රියාකාර්කම් දිරවා ගත නොහැකි එවන් අමනයින් අතර බුකි පකීර්ලාගේ  පමණක් නොව, කළාවට අධිපති දෙවිවරුන් සේ සිටි උන්ගේද රෙදි ගැලවී පුකේ ඉත්තෑවා දුවන්නෝ බොහෝ වෙත්….

ඝෝඨාභය සතු යුතුකම වන්නේ තමා වටා එක් රොක්වූ ජනම් එක රැකගැන්ම පමණක්ම නොව අනෙක් පිරිසද තමන් වටා රොක් කර ගැනීමයි…

මේ රටේ ජනතාව කම්මැලි මෝඩ ජනතාවක් නොවනා බවත්, අවස්ථාවක් දෙන්නේ නම් ජීවිතය ඉතා සුළු කාලයකින් ජය ගන්නා පිරිසක් බවත් එවන් ජනතාව හා වසර ගනනක් විදේශයන්හී ජීවත් වූ මා අත්දැකීමෙන්ම දනිමි…

කළ යුත්තේ ඔවුන්ට අවස්ථාවක් ලබා දී දෙපයින් සිටවීම පමණි….

සුබසාධන රාජ්‍ය සංකල්පයෙන් මිදී…

ලොව ශ්‍රේෂ්ඨතම ජනතාවක් සිටිනා රටක් බිහි කිරීමට මේ වසර පහ හොදටම ප්‍රමාණවත් වේ..

%d bloggers like this: