Menu Close

නේපාලයේ ඔසප් පැල්පත් (Menstruation hut)

           ඔසප් කාලය තුල වෙනම පැල්පතක ගැහැණු ළමයින් රඳවා තැබීම නේපාල රජය විසින් තහනම් කලද තවමත් එරට ගැහැණු ළමයින් ගෙන් සියයට හැත්තෑ හතකට ඔසප් පැල්පතකට වී එම දින කීපය ගත කිරීමට සිදුව ඇතිබව බ්‍රිතාන්‍ය විසින් කළ සමීක්ෂණයකින් හෙළිව තිබේ. 
         චෞපාඩි ලෙස හැඳින්වෙන මෙම නේපාල සම්ප්‍රදායට අනුව ඔසප් වන දින වල කාන්තාවන් සහ දරුවෙකු බිහි කළ අලුත කාන්තාවන්, අපිරිසිදු සහ අවාසනාව කැඳවාගෙන එන අය ලෙස සලකනු ලබයි.      එම කාල වකවානුව තුල ඔවුන්ට නිවසට ඇතුළු වීමට, කිසිවෙකු ස්පර්ශ කිරීමට, පන්සලට හෝ උත්සව වලට සහභාගී වීමට හෝ පළතුරු, එළවළු සහ කිරි නිෂ්පාදන ඇතුළු ආහාර අනුභව කිරීමට අවසර නැත. 
                  ඔවුන් මෙම පැල්පත් “චාවු” නමින් හඳුන්වයි. මෙම පැල්පත් වලට පිටුවහල් කරන් ගැහැණු ළමයින් අධික කාලගුණික තත්ත්වයන්, සත්ව ප්‍රහාර, මාරාන්තික පාරිසරික උපද්‍රව සහ ලිංගික හිංසනයන්ට ගොදුරු විය හැකි බව බාත් විශ්ව විද්‍යාලයේ සහ කත්මණ්ඩු හි පරිසර, සෞඛ්‍යය සහ ජනගහන ක්‍රියාකාරකම් පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයෝ පවසති.

             ජනවාරියේදී, කාන්තාවක් සහ ඇගේ වයස අවුරුදු 9 සහ 12 වන පුතුන් දෙදෙනා රාත්‍රී කාලයේ නිදාගැනීමට මෙම පැල්පතක් තුල ගින්නක් දැල්වීමෙන් හුස්ම හිරවී මියගොස් ඇත. 2018 අගෝස්තු මාසයේදී චෞපාඩි පිළිවෙත් බලාත්මක කිරීම් සාපරාධී වරදක් බවට පත්වූ අතර මාස තුනක සිර දඬුවමක්ද ඩොලර් 37 ක දඩයක්ද නියම විය. 
        නීතිය ක්‍රියාත්මකවී වසරක් ගතවූ පසුත් පසුගිය සතියේ සිදුවූ 21 හැවිරිදි පර්බති බුදා රාවුට් ගේ මරණයෙන් පසු පොලිසිය විසින් ඔවුන්ගේ පළමු ඔසප් පැල්පත අත් අඩංගුවට ගනු ලැබීය. ඇගේ පැල්පත උණුසුම් කිරීමට ගින්නක් දැල්වීමෙන් පසු ඇය හුස්ම හිරවී මියගොස් ඇත. ප්‍රාදේශීය පොලිසිය කත්මණ්ඩු පොලිසියට පවසා ඇත්තේ එම කාන්තාවගේ මස්සිනා ඇයට පැල්පතේ නිදාගැනීමට බල කලේදැයි සොයා බලමින් සිටින බවයි.
           බටහිර නේපාලයේ ග්‍රාමීය හා නාගරික ප්‍රදේශ වල වයස අවුරුදු 14 ත් 19 ත් අතර ගැහැණු ළමයින් 400 දෙනෙකු සමග පර්යේෂකයෝ කතා කළහ. වැඩිහිටි කාන්තාවන් සමගද සාකච්ඡා කරන ලදී.
      ඔවුන්ගේ සොයා ගැනීම් අදවන විට ලිංග හා ප්‍රජනක් සෞඛ්‍යය පිළිබඳ සඟරාවේ සඳහන් කර ඇති අතර නීති පැනවීම් මගින් එතරම් බලපෑමක් ඇතිවී නොමැති බවත්, සම්මුඛ පරීක්ෂකයින්ගෙන් 77% කියා සිටියේ තම පවුලේ අය තවමත් එම චාරිත්‍රය අනුගමනය කළ යුතු බවයි. එමෙන්ම විවිධ ස්ථානවලට ගොස් නිදා ගැනීමට ඔවුන් බියෙන් පසුවෙන බවත් හෙළි විය.
      හින්දු ආගම හා බැඳි මෙම භාවිතයෙන් මවුවරුන් ආධාර නොමැතිව දරු ප්‍රසූතිය කලයුතු අතර, කලාපයේ දැනටමත් ඉහළ මාතෘ මරණ අනුපාතයක් පෙන්නුම් කරයි.
    මෙම පිළිවෙත අනුගමනය නොකරන බොහෝ අය බොහෝ දුරට ක්‍රිස්තියානි හෝ මුස්ලිම් පවුල් හෝ ධනවත් හින්දු පවුල් වේ. විදේශගතවූ සහ විදේශිකයන් ආශ්‍රය කළ අයද මෙය ක්‍රියාත්මක නොකරයි.
        සිය පර්යේෂණය අතරතුර බොහෝ කූඩාරම් පරීක්ෂාකල ආචාර්ය චැනන්, සාමාන්‍ය පැල්පතක් විස්තර කළේ ලෑලි වලින් සදන ලද මූලික කුඩා ව්‍යුහයක් වන අතර ගැහැණු ළමයින් එහි බිම නිදාගනී. බොහෝ විට පැල්පත් වල අගුල් නැති අතර යම්කිසි අනතුරක් වේදැයි ගැහැණු ළමයින් බියෙන් පසුවෙයි.
       ලිංගික අතවර ගැන බිය වුවත් ඔවුන්ගේ විශ්වාසයන් සමග ලිංගික හිංසනයන් මේවන් අවස්ථාවල සිදුවේදැයි සිතීමට නොහැකි මුත් එවැනි දේ සිදුවෙනවා දැයි නිශ්චිතව තීරණය කල නොහැක.
      සමහර පවුල් වල චාවූ පැල් පත් නොමැති අතර ගැහැණු ළමයින් නිදාගන්නේ එළිමහනේ, වැරැන්ඩා වන් හි සහ ගව මඩු හෝ වෙනත් සතුන්ගේ මඩු තුළය. වෛද්‍ය චැනන් හඳුනාගත් 20 හැවිරිදි එක කාන්තාවක් පවුලේ ගව මඩුවේ ගවයින් හා එළුවන් සමග එම කාලයේ නිදාගනී.
        කාන්තාවන්ට අනුව එම චාරිත්‍රය ක්‍රියාත්මක නොකලහොත් භයානක දේ සිදුවේ. පවුලේ සාමාජිකයෙක් අසනීප වීම වැනි,
     චෞපාඩි විශවාසයන් කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ මානසික සෞඛ්‍යයට විශාල හානියක් වන අතර එය මානසික අවපීඩනයට හා ආත්ම අභිමානය හීන වීමට හේතුවේ. 
      ඔවුන් අපවිත්‍ර යැයි බොහෝ දෙනෙක් විශ්වාස කරන අතර එම මිත්‍යා විශ්වාසනයන්ට අභියෝග කරණ කීප දෙනෙක්ද නැතුවාම නොවේ.
   මෙම පිළිවෙත් බලාත්මක කරනු ලබන්නේ මවුවරුන්, ආච්චිලා සීයලා ඇතුළු ජේෂ්ඨ කාන්තාවන් ඇතුළු ඔවුන්ගේ පවුල සහ එම ප්‍රජාව තුළ විවිධ වැඩිහිටියන් විසිනි.
     අනෙක් සැබෑ ප්‍රශ්ණය නම් ආගමික නායකයින් මේ පිළිබඳව දැඩිව විශ්වාස කරන අතර කිසිවෙකුට වෙනස් වීමට ඉඩ නොදීමයි.
    වැඩිහිටි පරම්පරාව මිය යන තෙක් බලාසිටිනවා හැර මෙය වෙනස් කිරීමට කළ හැකි දෙයක් නොමැති බව ආචාර්ය චැනන් පවසයි. චෞපාඩි පිළිවෙත් වලට එරෙහිව නීතිය බලාත්මක් කිරීමට දුෂ්කර වී ඇත. කාන්තාවන් තම පවුලේ අයට විරුද්ධව සාක්ෂි නොදෙයි.
 එක ගමක පොළිසිය පැල්පත් විනාශ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගැහැණු ළමයින් එළිමහනේ නිදාගැනීමට සිදුවිය.
 මෑතක් වනතුරුම සමාජ සංවිධාන සමාජ සංවිධාන මගින් ගැහැණු ළමයින්ට පිරිසිදු වැසිකිලි පහසුකම්, සබන්, ජලය සහ ඔසප් නිෂ්පාදන ලබාදීම කෙරෙහි පමනක් අවධානය යොමුකර ඇත.
  ගැඹුරින් මුල් බැසගත් සංස්කෘතික පිළිවෙත් හා හැසිරීම වෙනස් කිරීම පහසු නැත.  එහෙත් මේ සඳහා නීතිමය ක්‍රියාමාර්ග සඳහා මෙයිට වඩා යොමුවිය යුතුබව පර්යේෂකයෙකු වන ආචාර්ය තොම්සන් පවසයි.
තොරතුරු  ABC වෙබ් අඩවියෙනි


%d bloggers like this: