Menu Close

අරුණෝදය මිහිකතට සමුදෙයි.

අරුණෝදය මිහිකතට සමු‍ දෙන්නේ ය
වැතිරෙන්නේ ය මිහි දුම මිටියාවත පතුලේ
බලමි අරණ දෙස, වැසුණු හීන් මිහි දුමෙන්
හා එහි දැල්වුණු තුඩු.
කෙතරම් සෞම්‍ය ද නිවී යාම
රැස් නිවී යන්නේ ය අන්තයේ!
කවර ප්‍රමෝදයක් සමගින් ද කිමිදෙන්නේ
වෘක්ෂයෝ තම සාරවත් රාජ්‍යයේ !
සියල්ල රහසිගත ය, අනන්ත ය
වෘක්ෂයන්ගේ සෙවනැලි වැඩෙන්නේ ය, වැඩෙන්නේ ය, සිහින සේ
සැඳෑවේ හිරු බැස යාම
වෘක්ෂයන්ගේ සැහැල්ලු රාමුව සියුම් ව පිනවයි!
සුගන්ධවත් දෙබිඩි දිවියක් සේ
ඇයට දෙගුණයක් පවන් සලන හා
මිහිකත මව සේ හැඟෙන
තුසිතය විමසති ඔවුහු.

අෆනාසියි අෆනාසියෙවිච් ෆ්යෙත්.
1858.
රුසියන් බසින් සිංහලයට,
ෆීලික්ස් ප්‍රනාන්දු.
2009.

%d bloggers like this: