Menu Close

විද්‍යාත්මක සංකල්පයක් සරල ක්‍රීඩාවක් මගින් ඔප්පු කිරීම …….

 කලකට පෙර සිටි ලෝකප්‍රසිද්ධ විද්‍යාඥයින් බොහෝ දෙනෙකු,   මරණින්පසු දිව්‍ය  ලෝකයේ උපත  ලබා ඇත.

එහි ඉතාමත් සුහදව කෙළිදෙලෙන් ජීවත්වන ඔව්හු  ඉඳහිට හෝ  විද්‍යාත්ක සොයාගැනීම් ගැනද උනන්දුවක් දක්වති.
එක්  දිනක් මේ සියලු දෙනාම කතිකා කරගෙන “ හැංගි මුත්තන්”  ක්‍රීඩාව  කිරීමට තීරණය කළහ.
ඔවුන් අතර සිටි පැරණිම විද්‍යාඥයා වන නිව්ටන්, සියලු දෙනාම රැස්කර, ඔවුන්  1…2…3…4..ආදී වශයෙන් ගණන් කරසැඟවුණු  අය   සොයන්නා”  තෝරා ගත්තේය
සොයන්නා” ලෙස තේරුණේ  මෑතදී ඔවුන් අතරට එකතුවූ   අයින්ස්ටයින්ය. 
අයින්ස්ටයින්  ඇස්  වසාගෙන,  1 සිට ……….100 දක්වා ගණන් කරනඅතරඅනිකුත් සියල්ලෝම අහු මුළුවල  සැඟවීමට දුව ගෙන ගියහ
මුල්ලක සැඟවී සිටීමට නොගිය නිව්ටන්ඇස් පියාගෙන සිටින  අයින්ස්ටයින්  ඉදිරියේබිම  රට හුණු කෑල්ලකින්  යමක් ඇඳ  එය මැදට වී නිශ්ශබ්දව සිටියේය.
100 දක්වා ගණන් කිරීම අවසන් කළ අයින්ස්ටයින්ඇස්  හැර බලන  විටමතමා ඉදිරිපස සිටගෙන  සිටින නිව්ටන් දැක මහ හඬින් “ I found Newton. He is OUT …..” යයි  කෑ ගැසුවේය
සැඟවී සිටි සියල්ලෝම වහා එතැනට  පැමිණියහ.
සිටි තැනින් නොසෙල්වුණු නිව්ටන්තමා                                  ‘OUT’ නැති බවත් තමා නිව්ටන් නොවන බවත් තරයේම කියා සිටියේය.
එසේනම්  බව විද්‍යාත්මකව ඔප්පු කරන ලෙස සියල්ලෝම ඔහුට  බලකර සිටියහ
මගේ ඔප්පු කිරීම හොඳින්  අසා ගන්න’ යයි කී නිව්ටන් මෙසේ විස්තර කළේය.
මා මෙසේ සිටගෙන සිටින ස්ථානය හොඳින්   බලන්නමා සිටින්නේ  හරි හතරැස් කොටුවක් මධ්‍යයේ
එය මීටර් එකක් දිග සහ පළල ඇති,  හරි හතරැස් කොටුවක්.   නැතහොත් එය වර්ග මීටර්  එක කොටුවක්
භෞතික විද්‍යාත්මකව මම මෙහි සිටීම වර්ග මිටරයට නිව්ටන් එකයි 
(One Newton per meter squared) 
හෝ ( 1N / m2 )’ 
ඔබ කව්රුත් දන්නා ආකාරයට 
One Newton per meter squared = 1 Pascal’ 
මේ නිසා භෞතික විද්‍යාත්මකව“ හැංගි මුත්තන් ක්‍රීඩාවේ                   පළමු  වටයෙන්  ‘ OUT ‘ වන්නේ   මෙහි සිටින                  
 පැස්කල්  මිස නිව්ටන් වන මා නොවෙයි.’
මෙය ඇසූ  පැස්කල්ට කට උත්තරත් නැතිවිය.

‘Pascal is out in the first round’ කියමින් කවුරුත් ඔල්වරසන්    දුන්හ.!  

Definitions :  
One Newton (1 N) is the force needed to accelerate one     kilogram of mass at the rate of one meter per second per      
second in the direction of force applied

One Pascal (1 Pa)is equivalent to one Newton  (1 N) of          force applied over an area of one meter squared (1 m2)
                                                                                                                නිව්ටන්  හරි……!     

%d bloggers like this: