Menu Close

111. මට ඒ ඇතී

සිනා වරුසා නෙතින් වස්සා
කොහේ හෝ නුඹ පිපේ නම්
දිදී සැනසුම් සුවෙන් සතුටින්
කොහේ හෝ නුඹ රැඳේ නම්
මට ඒ ඇතී – සැනසිය හැකී
දිවි ඇති තුරා – මට ඒ ඇතී …

දුරින් ගව් ගානක් හැබෑවට
ඈත හිටියත් නෑ වගක්
එකට එක ළඟ ඉඳ සිනාසේ
ආකහේ අර තරු දෙකක්
ඒ තරු අපේ – සිත් යයි හැගේ
පෙරටත් වඩා – සෙනෙහස දැනේ …

හිටිය තැන නැවතී හදේ ඔබ
එන්න එන්නම උණුහුමයි
ජීවිතේ හරි පාර කී ඇස්
වලට හැමදා මං ණයයි
සුළගේ පවා – සිහිලක් දැනේ
ඒ ආදරේ – සුවඳයි හදේ …

Inspired by:
“Stars are seen together,
yet they are so far apart,
true friends may not meet or speak every day,
but they are always linked heart to heart.”
(True friendship quotes)

%d bloggers like this: