Menu Close

ඔබ නො ඒනම් !

හුදකලා නිම්නයක
ග්ලැසියරයක්ව
මිදෙමි !

ධ්‍රැවාසන්න  ගිරි විලක
හිම කුණාටුවක්ව
රැදෙමි !

ඝන මීඳුම් වලාවක
හිම තුහිනයක්ව
පාවෙමි !

වසන්තය ඔබ….
නොඑන බව
දැන දැනම
මේ රුදුරු
සිසිරයේම
ගිලෙමි !

%d bloggers like this: