Menu Close

ඒ උයන

තමන් රිසි තැන උපන්
අසංවර ලෙස හැදුන
රෝස කටු පඳුරු ය,
මෘදු ක්ෂුද්‍ර  සිහිනයන්
සුලඟ මත අතහරින
දාස්පෙතියා මංජරී ය,
හිතේ ඇමිණුන කටු ය
ඇහේ පිරෙනා කඳුළු ය,
අනේ!! මම ඔබේ
අත්ගුණෙන් මල් දැරූ
ඒ කුඩා මල් උයන ය..

සංචාරයේ යන විහඟුන්
පැමිණ විමසනු පමණි
සැපදුක,
රැගෙන යනු නොහැකි දෝ මා
ඔබ ඉගිල යන තැනකට,

ඔබ සිටවූ බෝගන්විලා පැළ
උල්කටු වලින් හද පාරණ,
ඔබ සොයා එනු නොහැක
දුක කියා කවි ලියන්නට නොහැක,
අත්හල උයනක් ව
ඉඩදෙමි වැවෙන්නට
රිසි ලෙසට ශෝකයේ වල්පැළ..

%d bloggers like this: