
ලියන්න පුළුවන් වෙලාවට ලියන්න ඕන කියල හිතුන නිසා තව පොස්ට් එකක් ලියන්න හිතුනා. අද මට උදේ නැගිට්ට ගමන් මතක් උන දෙයක් තමයි එක්තරා කාලයක් තිබුන බ්ලොග් ලියන එක කියවන එක උණක් වෙච්ච. ඒ කාලේදී මිනිස්සු පිස්සුවෙන් වගේ බ්ලොග් ලිව්වා. සමහරු බ්ලොග් දෙක තුනක් ලිව්වා. අපි ඔෆිස් වල වෙලාවක් අපු ගමන් යන්නේ අලුතෙන් ආපු පොස්ට් කියවන්න. බ්ලොග් දර්ශක තිබුනා ඔක්කොම බ්ලොග් එක තැනකින් කියවන්න පුළුවන් විදියට.