Menu Close

කොටි කනත්ත සහ මිය ගිය සිංහ පරපුර……

පැතුම් කර්නර් විසින් රචිත යුදබිමක වෙදමහිම කෘතිය ඇසුරෙන් …..

” මුලන්කාවිල් පසුකර පුනරින් දෙසට අප ගිලන්රථයෙන් ගමන් කලේ ඉදිරි ආරක්ෂක වළල්ල ඉදිරියට ගමන් කර තිබූ නිසා අපද ඉදිරි සැරහුම් මධ්‍යස්ථානය සුදුසු තැනක් බලා ඉදිරියට රැගෙන යා යුතු නිසාය. දිනකීපයකට කලින් ඇවිලිනු යුධ භුමිය දැන් නිසොල්මන් වූයේ කොටින් සැලකිය යුතු දුරක් පසු බැස තිබූ හෙයිනි. උපක්‍රමිකව වාසි දායක සීමාවක් තෙක් ඔවුන් හැම විටම පසු බැස ගියේ වඩාත් හොඳින් ප්‍රතිසංවිධානය වී හමුදාවට බිඳ නොහැකි මට්ටමේ ආරක්ෂක වැඩ පිළිවෙලක් සකසා ගැනීමටය.

යම් දුරක් ගියවිට ඉතා අලංකාරව සෑදූ කනත්තක් විය. දර්ශනීය ලෙස තාප්ප ගසා වට කොට, ඇතුලුවීමට යම් ප්‍රමාණයේ තොරණක් සහිතව ගේට්ටුවක් දමා හොඳින් නඩත්තු කරන ලද මේ කනත්ත යුද්ධයෙන් මිය ගිය කොටි සාමාජිකයන්ගේ යැයි එහි රඳවා උන් සෙබලෙකු අපට පැහැදිලි කලේය. ලෝක යුද්ධයෙන් මිය ගිය සොල්දාදුවන්ගේ සිරැරැ වලදමා බොරැල්ල කනත්තේ තනා ඇති කොටස මෙන් එක දිගට පිලිවෙලට යායට මෙහිද මිනී වලවල්ය. ඒවාද හොදින් සිමෙන්තියේන් බැඳ මැද තීන්ත ගා නාම පුවරැ සහිතව තනා තිබුනේය. කොටි මහ විරැවන් වල දැමූ කනත්තු කිහිපයෙන් එකකි මේ.

LTTE සංවිධානය මේ වන විට අවුරැදු 27ක් වයසය. පොඩි එකෙකුට යමක් තේරැම් යන වයස 10,13 ක් පමණ යැයි අනුමාන කලවිට ආසන්නව වයස අවුරැදු 40 දක්වාවත් වූ උතුරැකරයේ වැසියන්ට LTTE සංවිධානය යනු සිය ජාතිය ආගම රකිනු වස් බිහිවී ඇති , තම ජාතිය ආගම විනාශකිරීමට උත්සහ කරන ජාතියකට එරෙහිව සටන් කරනා දේශ ප්‍රේමි සංවිධානය වෙයි.

සිංහලයා කවුරැන්දවත් දැක නැති ඔවුනට සිංහලයා ගැන කියාදෙන්නට ඇත්තේ කොටි සංවිධානය විසින්මය. අප කුඩා කාලය වන විටද කොටි සංවිධානය බිහිවී මෝරා තිබුනෙන් අපටද ඇසුනේ උතුරේ දෙමෙල්ලු , උතුරේ දෙමෙල්ලු ආදි වෛරීය ආමන්ත්‍රණයන්ය. කිසිදා මේ දෙමෙල්ලුන් දැක නොතිබුනත් ඔවුන් කෙරෙහි වෛරයක් අප්‍රසන්න භාවයක් සමාජය තුලින් අප තුල ඇති කෙරැවේය. දෙමෙල්ලුන් කෙරෙහි පහත් අන්දමින් බලන්නත්, දෙමෙල්ලුන් සමඟ ඇයි හොඳයිය නිගරැ කටයුත්තක් ලෙස දැකීමත් සමාජය තුල පිලිගත් සාමාන්‍ය තත්වයක් වූයේය.

මා 2001 වසරේ කොළඹ වෛද්‍ය පීඨයට තේරී පත්වන විට යාපනයේ පාසල් වලින්ද ශිෂ්‍යයන් 6 දෙනෙකු තේරී පත්විය. ඔවුන් හා යාලු මිත්‍රකම් ඇති කරගැනීමට අපහට වැඩි කාලයක් ගතවූයේ ඔවුනට සිංහල බස හැසිරවීම අපහසු වූ නිසාය. කැඩිච්ච ඉංග්‍රීසියෙන් අදහස් හුවමාරැ කරගත්තත් කාලක් ගතවන විට ඔවුන් අප හා බොහෝ කුළුපග මිතුරන් බවට පත්වූයේය. ඔවුන්ගේන් අසා දැනගත් පරිදි යාපනයේ සිටින විට ඔවුනගේ අදහස වී තිබුනේද සිංහලයා යනු දුෂ්ඨ, දෙමල ජාතිය කෙරෙහි වෛරයෙන් පසුවන, ඔවුන් සමූල ඝාතනය කර මේ රටෙන් දෙමල ජාතිය සෝදා හැරීමට මාන බලමින් සිටින ජාතියක් බවයි. එහෙත් සත්‍යය පුද්ගලිකව අත්දකින ලද ඔවුහූ සිය ආකල්පයන් අසත්‍ය ඉගැන්වීම් මත පදනම් වූවා බව ඉක්මනින් පසක් කරගත්⁣තේය.

සිංහලයාද දෙමලාද යුධ සීමාවෙන් වෙන්ව දෙපැත්තට වී එකිනෙකාට වෛරයෙන් මෝරා ගියේය. තමා උපන් භූමි⁣යේ අයිතිය වෙනුවෙන් දෙමල අම්මාගේ දරැවෝ කොටි සංවිධානයට බැඳුනේය. සිය මවුබිම කැබලි කර කොටසක් ඉල්ලන කොටින්ට එරෙහිව සිංහල අම්මාගේ දරැවන් යුධ හමුදාවට බැඳුනේය. මේ දරැවන් දෙදෙනාම මේ රටේ බිහිවී එකම වාතය ආස්වාස ප්‍රස්වාස කර, මේ පොලොවේම හැදෙන බත කා ජීවත් වෙන තරැණයෝය. දෙදෙනාම සිය ජාතිය ආගම වෙනුවෙන් ආයුධය අතට ගත්තේය. දෙදෙනාටම ඇත්තේ එකම දේශප්‍රේමය ය. වෙනසකට වූයේ දෙන්නා දෙපොලේ වීම පමණි. සිය ජාතියට රටක් ඉල්ලා මියගිය කොටි සමාජික සෙබලාද, සිට රටේ ඒකීය භාවය වෙනුවෙන් මියගිය හමුදා සෙබලාද මියගියේ ජාත්‍යාලයෙනි. දේශප්‍රේමයෙනි.

මානූෂීය පසුබිමක සිට බැලීමට සිය මනස සකස්කර ගත හැකි ඕනෑම කෙනෙකුට මෙහි ඇති පොදු සාධකය සොයා ගැනීමට හැකි වනු ඇත්තේය. එය මේ රටේ බිහිවන දෙමලාගේ හෝ සිංහලයාගේ ජාත්‍යාලයයි. දේශප්‍රෙමයයි. එලෙස සිය ජාතිය වෙනුවෙන් දිවිදුන් දෙමල පුත්‍රයාටද සිය ජාතියේ ගෞරවය හිමිවිම සාධාරණය. මුලන්කාවිල් හි තැනූ කනත්ත එම විරැ කොටි සැමරීම වෙනුවෙන්ය.

පරන්තන් මුලතිව් පාරේ අයිනක අප කඳවුරැ ලා සිටියේ විශ්වමඩුවට කිටිටුවෙනි. යම් වැසි බර දිනයක් වූයේන් අවට තෙත බරිතය. මඩය. ඔබමොබ ගිය ට්‍රැක්ටර් ඇදී ගිය පාර , රෝද එරී යාම නිසා කාණුමෙන් වලවල් හෑරී ඇත. සටන් බිම තරමක් නිහඬය.

කලබලයක් නැතිව වැස්සේම ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට සෙමින් ඇදී එන ට්‍රැක්ටරය දිහා මා දෑස් දිගු කර බලා සිටියේය. දින දෙකකට කලින් පැපොල සෑදී සිටියත් ඉදිරි ආරක්ෂක වළල්ලේන් ඉවත් නොවී බෙහෙත් බිබී එහිම රැඳී සිටි මා බලවත් ශාරීරක අපහසුතාවයෙන් පසුවූයේය. ඉදිරි ලාම්පුද දල්වා පැමිණි ට්‍රැක්ටරයේ රියදුරා වැහි කබා ඇඳ සිටියද තෙතබරිත වී සිටියේ එම වැහි කබාය ඔහු ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් නොවූ නිසාය.

ට්‍රැක්ටරය ඇවිත් අප සිටි ස්ථානයෙ නතර වූයේය. එහි තුවාල කරැවන් නොමැති බව තේරැම් ගත් මා මදක් ඉවත්වූයේ පැපොල බෝවීම වලක්වන අටියෙනි.

අප සැරහුම් මධ්‍යස්ථානයේ දකුණු පසින් මිය ගිය සෙබලුන් තබන ස්ථානයට ට්‍රැක්ටරය රිවස් කෙරිණ. කුඩයක් ගත් යුධ හමුදා පොලිසියේ ක්‍රෝප්‍රල් විජේ ට්‍රැක්ටරයට නැග්ගේය. තවෙකෙකුගේ උදව්ද ඇතිව ටේලරයෙන් යමක් එහි බෑවේ මූණ හා නහය පුලුටු කරගෙනය. ඈත් වූ තහඩු දෙකක් අතරින් මෙය බලා සිටි මා ක්‍රමයෙන් එහි ලංවූයේය.

” සර් බොඩි එකක් ගෙනත් තියෙන්නේ. කාඩ් එක දාලා ලෑස්ති කරමු” කෝප්‍රල් විජේ එසේ කියා සිරැර ඉටිකොලය මත දිග හැරීයේය. ආරක්ෂක වළල්ලෙහිදි මියයන සියලුම සෙබලුන්ගේ සිරැරැ මා වෙත ගෙන එයි. ඒවා නීරීක්ෂනය කර තුවාල විස්තර සටහන් කර මරණය සහතික කල යුතුවෙයි. අනතුරැව ඒවා කලු ඉටිකොලයෙන් ඔතා සීල්කර ගුවන් මගීන් අනුරාධපුරයේ පිටත් කරනු ලබයි. එම සිරැරැ කෙලින්ම මල්ශාලාවට යොමුවන අතර මරණ සහතිකය නිකුත් කරන්නේ මා සැපයූ ලියව්ල්ල පාදක කරගෙන ආරක්ෂක අමාත්‍යාංශයේනි.

මා වැස්සේම සිරැරට ලංවූයේ සෙබලෙකු විසින් ඇල්ලු කුඩයකට යටිනි. සිරැරේ පරීක්ෂා කිරීමට යමක් නොවීය. එහි මඩය. පණුවන් ය. හඳුනා ගැනීම සිදුකලේ බෙල්ලේ වූ ටැග් එකෙනි. මීට දින කීපයකට කලින් කොටි සීමාවේ මිය ගොස් තිබූ සෙබලා කොටි විසින් එහිම වල දමා ඇත්තේය. එහෙත් ඉදිරි ආරක්ෂක වළල්ල එම සීමාවෙන් ඔබ්බට තල්ලුවූ බැවින් එතරම් ගැඹුරට වලා දමා නොතිබූ මේ සිරැර අනෙක් සෙබලුන්ට හමුවූයේය.දිරා යමින් තිබූ සිරැර ඔවුන් ගොඩ ගත්තේය.

ට්‍රැක්ටරයෙන් පැමිණි තෙත බරිත සෙබලා මාගේ වික්ෂිප්ත භාවය අවබෝධ කරගත්තේය. ” රට වෙනුවෙන් මැරිච්ච අපේ කොල්ලෙක් සර්. හමුදා අචාර නැතුව, මිනිස්සුන්ගේ ගෞරවය නැතුව නිකම්ම වලලන්න දෙන්න බැ. මිනිය කුණු වෙලා තමයි. හැබැයි කෑල්ලක් හරි අපි ගෙදරට යවනවා. ඒ ගෞරවය ඒ හැමෝම මිනිසුන්ට හිමියි. ජීවිත කාලයටම”

This book is translated to English as ” a Healer in the War Zone”.

%d bloggers like this: