Menu Close

රෝයල් පාක්

අප ජීවත් වන්නේ අති භයානක සමාජයකය. එය අපේ වෑඩිහිටියන්ට තේරෙන්නේ නැති එක අවාසනාවකි. යුක්තියක් සාධාරනයක් නැති බනානා රාජ්‍යයක ජීවත්වීම බිය දනවන සුලු දෙයකි. ලොක්කෙක් නොවන කිසිම කෙනෙකුට ආරක්ෂාවක් නැත. වින්දිතයා විදේශීය තරුණියක් වීමත් තානාපති කාර්යාලවල බලපෑමත් නිසා මෙච්චර දුර මෙය ඇදුනත් සාමාන්‍ය ශ්‍රී ලාංකිකයකු අරභයා නම් ජනාදිපති සමා දක්වා දුර යන්නේ නැත. මුලින්ම විසදාගන්නට ධනය ඇති පාර්ශ්වයට හැක.

මෙයින් උගන්වන පාඩමනම් සොක්කන් ජීවත්විය යුත්තේ පුලුවන් තරම් ශේප් එකේය. බැන්නොත් නෙමේ ගැහුවත් ඉවසිය යුතුය.අයින් වෙලා පයින් යන්නම වෙයි. නැත්නම් කැලයකට ගොස් ජීවත්වීමට සිදුවේ. බන්ඩාරනායකලා සේනානායකලා විජේවර්ධනලා රාජපක්ෂලා ගොඩනැගූ ආශ්චර්යය එයයි. සල්ලි තියෙනවානම් ඕනැන අපරාධයක් කර බේරෙන්න පුලුවන් බවයි. බැරි එකා නිතරම සමාව ඉල්ලන්න අඩියක් පස්සට ගන්නම සූදානමින් සිටිය යුතුය.

තවත් පාඩමක් ඇත. එනම් දේශපාලනයට මූලික සුදුසුකමක්වත් අවශ්‍ය බවයි. වගකීමක් නැති පුද්ගලයෙකුට නුසුදුසු පුටු දීමෙන් ආතල් ගන්න මිස වෙන වැඩක් නම් නොවේ.එවැන්නෙකුගෙන් බලාපොරොත්තුවිය හැක්කේ කොරහත් බිදගෙන යාම පමනි.

පසුව ලියමි

රාජපක්ෂ ලාට වඩා ප්‍රේමදාසලා කුජීත නිසාත් කථාවෙන් ක්‍රියාවෙන් වැදගත්කමක් පෙනෙන අධ්‍යාපන සුදුසුකම් සහිත රාජපක්ෂ කෙනෙක් තෝරාගැනීම ගැන අවුලක් නැත. නාස්තිය දූෂනය,බලය අවභාවිතය ,ලුම්පන්කරනය ගැන කුප්‍රකට ප්‍රේමදාස නාමය ද අප්‍රිය බැවිනි. ධ්‍රැවීකරනය වූ ජනාධිපතිවරනයක සැබවින්ම ඇත්තේ දෙන්නෙක් අතර සටනක් බව අපි දනිමු. එහෙත් ඉන්පසුව  වහලුන් නොවන උගත් බුද්ධිමත් ජනතාව  එක්වී විකල්පයක් ගොඩනැංවීම අනිවාර්යය. නැතිනම් සිදුවන්නේ මාලදිවයිනට හෝ පලායාමටය.

%d bloggers like this: