Menu Close

තනි වූ ලොලීටා


කාලය ගෙවී යන අතර මාධව වයසට ගිහින්. මාධවගේ ජිවිතේ ගෙවීගෙන යන්නේ ගොඩක් දේවල් අහිමි කරමින්. අහිමි වීම වේදනාකාරියි. කෙසේ වුවත් ලියන මේ කතාන්දරයත් මාධව අතින් ලියවෙන්නේ  ඒක අතකට පරණ කතාවකට සම්බන්ධව දිගුවක් විදියටත් අහම්බෙන් සිදු වුනු සත්‍ය සිදුවීමේ කතාන්දරයක් විදියටයි. 
“තනි  වූ ලොලීටා”

කාලය ගෙවුනා. ඒ කාලේ කර කර ඉදපු හැම රස්සවකටම සමු දීලා ගමේ ගෙවුණු සුන්දර ජිවිතේට සමු දීලා කොළඹ ගෙන්දගම් පුරවරයේ රස්සාවකට මාධව එන්න උනේ, ප්‍රතිපත්තියට වඩා බඩ වියත වැදගත් නිසා කියලා හිතුන නිසාම නෙමෙයි. තව කාරනා ගොඩක් තිබුනා. කොහොම උනත් කාලේ කාලා දාන එකත් දැන් ඇති කියලා මාධවට හිතුනා. මොකද තමන්ට කර ගහන්න හිටියා ආදරණිය කෙල්ලෙක්. ඒ කෙල්ලටත් යන කල දසාවක් තියෙන්න ඕනි.

ඒ කොහොම වෙතත් කොලබ (කොළඹ ) ජිවිතේ වෙනමම කතාවක්. නොහිතුව විදියට මාධව කොලබට හුරු උනා. එකත් ජිවිතේ අත්දැකීමක්. ඉස්සර අප්පිරිය කරපු කොළඹට මාධව ආදරේ නොඋනත් තවදුරටත්  කොළඹ අප්පිරියා කලේ නෑ. දියත උයන පැත්තේ ඇතුල් කෝට්ටේ පුංචි සමාගමක කොම්පියුටර් හදන්නෙක් විදියට මාධව කොලබට ඇවිත් වැඩ පටන් ගත්තා. ඒ වැඩ පස්සේ වෙනස් වෙනස් ක්ෂේත්‍ර වලට යොමු වෙලා ගියත් මාධව සතුටින් වැඩ කළා කියන්නත් පුළුවන්. හැම සති අන්තෙකම ගෙදර දුවන්න බලාගෙන හිටිය පුරුද්ද නම් අදටත් එහෙමයි. වෙලේ ගහන ක්‍රිකට් සෙල්ලම මතක් වෙද්දී දියත ආතල් ලොවෙත් එපා! මාධව එහෙමත් හිතුව.

කොහොම වෙතත් මාධව නතර වෙලා හිටියේ මාලබේ තලාහේනේ  වාසනා පෙදෙසේ රිටයර් වුන  හමුදා නිලධාරියෙක්ගේ ගෙදර.  මුල්ම දවසේ එහෙ අමුතුවට දැනුනා. ගෙදර වගේ නෑ. ගෙදර මතක් වෙලා පපුව හෝස් ගාල යන්න උනා. ඒත් මොනා කරන්නද?

හිත හදන්  නගරං ජිවිතේට හුරු උනා. මුලදී මුලදී මාධවට බිරුව ඒ ගෙදර නාකි තඩි ඇල්ශේෂන් බල්ලා පස්සේ මාධවට පුරුදු උනා. කොච්චර රෑ වෙලා ආවත් ඌ මාධවට බිරුවේ නෑ තවදුරටත්. ඒ වගේම මාධවත් ඒ ගෙදරට හුරු උනා. මගදී හම්බුවෙන “අක්කලාගේ” කඩෙන් කෑම එකක් – ඉදි ආප්ප කොත්තු එකක් වගේ මොනා හරි කෑමක් අරන් තනියම මහා කළුවරේ නොදන්නා මිනිස් මුහුණු දිහා බල බල සමහරුන්ට නොදන්නකමටම  දත් කුට්ටම පාලා හිනා වෙලා ගෙදර ඇවිත් යන්තන් වතුර ගලන ෂවර් එකෙන් නාලා, කාලා නින්දට යන එකා කාරී ජිවිතයක් ගෙවන්න පටන් ගත්තා. පුටුව වගේ කොමඩ් එකේ කක්කා බෙට්ටක් දාගන්න දගලපු අමාරුව මතක් වෙද්දී ගමේ ගෙදර පුංචි වැසිකිලිය දිවිය ලෝකේ සැප කියලා හිතුනා! යාලුවෙක් නැති, කතා කරන්න කෙනෙක් නැති, දුක සැප බෙදා ගන්න කෙනෙක් නැතිව පුදුම තනිකමක් තියන ඒ වගේ ජිවිතයක අ(ක)රුමය විදින්නම ඕනි. බෝඩිමේ ඉදපු අනික් උන් මහා සල්ලිකාර එවුන්! මාධවට උන්ට වගේ පිසා පාර්ටි දන්න සල්ලි නෑ! කොහොම උනත් ඒ කාලේ ඉවසීම හුගක් වර්ධනය උනා. ඇති නැති පරතරය හොදට දැක්කා! අත්වින්දා!  මාධවට ඒක වෙනමම අත්දැකීමක් උනා.

උදේට වාසනා පෙදෙසේ ඉදන් ඇවිදගෙන ඇවිත් තලාහේන කනත්ත ගාවින් පාර පැනලා 177, 190  බස් එකක් හෝ තලාහේන ගමේ ඇතුලේ  ඉදන් එන ලදරන්  බස් එකේ නැගලා නොදන්නා මිනිසුන් අතර තනිවෙලා බත්තරමුල්ලට ඇවිත් බත්තරමුල්ලෙන් 163 බස් ඒක අරන් එකේ ගිහින් ඔෆිස් ඒක ළඟ බැහැලා උදේම ගිහින් ඔෆිස් එකේ දොරේ යතුර අදාල තැනින් අරගෙන දොර ඇරලා අතු පතු ගාලා, මල් ටික කඩලා පහන තියලා දවසේ රාජකාරි ආරම්භ කරන්න මාධව ඉබේම පුරුදු උනා. ඔෆිස් එකේ වැසිකිලිය පවා හේදුවා. මාළු ටැංකිය සුද්ද කළා. සිමෙන්ති කොට්ට කර ගැහුවා. ලොරියේ පිටිපස්සේ කම්කරු මහත්වරුන් එක්ක බදු පැටෙව්වා. හැමෝටම  කෑම ඇද්දා. හැබැයි ඒ එකක්වත් මාධව අකමැත්තෙන් කලේ නෑ. හිනාවෙන්න මාධව පුරුදු උනා. ඒ ලැබුණු පන්නරය මාධවට කලින් නොලැබුණේ ඇයි කියන දේ විතරයි මාධව හිතන්න පුරුදු උනේ. එහෙනම් අද මාධව වෙනස්ම කෙනෙක්. ගොඩක් මීට වඩා ඉදිරියට ගිහින්.

වැඩි දුර ගියේ හිතේ හැගීම් එලියට වැටුනේ ඉබේම නිසා. කොහොම වෙතත් දැන් මාධව එනවා ප්‍රධාන මාතෘකාවට. “තනි වූ ලොලීටා” සම්බන්ධ කතාවට. 

මාධව හැමදාම ආවේ ගියේ එකම රූට් එකක. කලාතුරකින් කොල්ලුපිටියේ හෝ වෙනත් ඉදිකිරීම් පොළකට යන්න උනේ නැතිනම් සාමාන්‍යයෙන් ගියේ තලාහේන සිට බත්තරමුල්ල සහ එතැන් සිට 163 බස් එකේ නැගලා ඇතුල් කෝට්ටේ ආරාමේ ගාවට. පරණ කොටු බැම්මට යන අලකේශ්වර පාර ගාවට. ඉතින්…..

මිත්‍රවරුනි, පරණ ආදර අවතාර තමයි භයානකම. පරණ ප්‍රර්ථනා ඒටත් වඩා මහම මහා භයානකයි. ප්‍රාර්ථනාවක් කරද්දී හොදට හිතලා කරපල්ලා. මොකද ඒවා කවදා හරි ඉටු වෙනවාමයි. මොන විදියකින් හරි. ඒ ප්‍රාර්ථනාවන්, ඒ ආදර හැගීම් අනවශ්‍ය වෙලාවට මතුපිටට ආවොත් ආයේ ගිල්ලන්න හරිම අමාරුයි මිත්‍රවරුනි.

මාධවත් මේ බ්ලොග් එකෙන්ම ප්‍රාර්ථනාවක් කළා. කාලෙකට ඉස්සර. මෙන්න මෙහෙම. “ලොලීටා……. ආයෙත් එන්න….. එකම එක වරක් ඔබේරුව දකින්නට….. ආයෙමත් එන්න

මනුස්ස  ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන මොකෙක් හරි එකෙක් මේ විශ්වයේ ඉන්නවනම් අන්න ඌ මහා සක්කිලියෙක්. අනිවාර්යයෙන්ම  ඒ යකා  මාධවගේ කතා කියවන එකෙක්. ඒ මොකද මිත්‍රවරුනි, අවුරුදු ගානකට පස්සේ මාධව එදා වැඩට ගිය බස් එකට ඒ සක්කිලියා විසින් නැග්ගෙව්වා සේව්වන්දිව! එදා මාධව ආදරේ කරපු ඒ “පුංචි ලොලීට” ව. ඔව්..එකී කෙලින්ම මාධවගේ ඇස් දිහා බැලුවා. ඒ ඇස්. දකින්න තිබ්බනම් කියලා පෙරුම් පුරපු ඒ ඇස්. කාලෙකින් මාධවගේ ඉස්සරහින්ම. චිත්තරපටිවල නම් පැනපු ගමන් කට කාලා හරි හිත හදාගත්තකි. එත් මේක සැබෑ ජීවිතය. ඒ වගේම ලංකාව! සිරි ලංකාව!! ඒ රටේ කට කෑම වරදක්!!

ඒ කාලේ හිත පුරාම ආදරය කරපු ඒ සෙව්වන්දිව. මේ හැමදෙයක්ම  මදිවට ඉන්දෙව්වා හරියටම මාධව ඉස්සරහින්. මාධවගේ දකුණත තිබ්බේ ඉස්සරහ අසුනේ ඇන්ද උඩ. දැන් ඒකිගේ කෙහෙ රැලි යන්තම් ඇවිත් මාධවගේ අතේ වදිනවා. මාධව උවමනාවෙන්ම කෙස් ගහක් අල්ලගත්තා. දබර ඇඟිල්ලේ පටල ගත්තා. ඒ තමයි පලවෙනි ස්පර්ශය. තමගේ ආදරේ කරන කෙල්ලව ඉස්සෙල්ලම ඇල්ලුවම දැනෙන හැඟීම්  නොඅඩුවම දැනුනා! අවුරුදු ගානක් බලන් හිටියේ ඒක පාරක් සිපගන්න. ඒත් කෙස් ගහක් හරි ඇල්ලුවනේ. ඒ මදිද! යකෝ එදා පපුව ගැහුන සද්දෙට ඇතුල්කෝට්ටේ වැව් බැම්ම කැඩෙනවා නම් කැඩෙන්න හොදටම ඉඩ තිබ්බ. පපුව ඇතුලේ සද්දේ හරියට  ගල් කොරියක පුපුරන ගල් බෝර වගේ. මුණ ඇතුලෙන් පුරාම රතු ලේ ගලන වග මාධවට දැනුනා. ඒ පරණ ආදරේ ආයෙම ඇවිලුනා.පාහර සක්කිලියා!! ඔව්! මිනිස්සුන්ව චෙස් ඉත්තෝ වගේ එහෙට මෙහෙට අදින එකෙක් මේ විස්වයේ  ඉන්නවනම් ඌට කියන්නේ. උබ මහා සක්කිලි බල්ලෙක්!! ඇයි යකෝ ඒකිව ඒ බස් එකට නැග්ගේව්වේ.?

කොහොම උනත් මාධවට ඕනි එයාට කතා කරන්න. කතා කරන්න හිත ඇත. දහිරිය නැත. එකී ලස්සනයි. දැන් නම්  මහා ලොකු කෙල්ලෙක්. මාධවට ආරංචි වෙලා තිබ්බා තමයි  එහෙන් මෙහෙන්. එත් දැක්කම තමයි තේරුනේ ඇත්ත . ඒ සුන්දර කම නම් ඒක බින්දුවක් අඩු වෙලා නෑ. ඒ යෝදී මාධව ව අදුනගත්තද කියන්න මාධව දන්නේ නෑ. අදුනගන්නත් ඇති. එත්  එදා වගේම අදත් ආඩම්බරයි එකී. ඇස් දිහා කෙලින්ම බැලුවත් හිනාවක්වත් හිමි නෑ මාධවට!

එදා හවස් වෙනකම් වැඩ කළා. හවස ඉර එලිය වැටිලා දියවන්නා  ඔය බැබලෙනවා. දියතේ පාලමේ ලොකු අත් වැට මතට සෙවනැලි වැටිලා. නිවෙස් බලා ඇදෙන වාහන පෝලිම තදබද වෙමින් ඉදිරියට ඇදෙනවා. එදා මාධවට මෙලෝ සිහියක් නෑ. වැඩ අහවර කරලා දියතේ පාලම උඩ පදික වේදිකාවේ ඇවිදන් එන ගමන් කල්පනා කළා. මේ රෙද්ද හිතෙන් අයින් කරගන්න ඕනි. මාධව හිතුවා. සෙල්ලම් නෑ. එත් පලවෙනි ආදරය කියන්නේ හිතෙන් අයින් වෙන දෙයක් නෙමයි කියලා උබලා හැමෝම දන්නවා. ඒක කාටත් පොදුයි.

කොහොම උනත් දැන් මේක සෙල්ලමක් උනා. එකී හැමදාම මාධව එන බස් එකටම සෙට් උනා. මාධව දැක්ක නොදැක්කා පිට කෝට්ටේට ටිකට් ගත්තා. මාධව බස් එකෙන් බහිද්දී ඒ ඇස් දිහා බලලා බස් එකෙන් බැහැලා යන්න පුරුදු උනා. ඔහොම මාස ගණන් ගත උනා. එත් ඒ ඇස් මාධවව නොසලකා හැරියා. කවුළුවෙන් ඉවත බලාන සිටියත් ඇයගේ නෙත් වලට මාධවව හසු වෙන බව මාධව දැන සිටියා. ඒවත් ගෑනු ඇස්. හදවත ඇයව ඉල්ලුවේ නැතත්, කතා කරන්න, ඒ රුපය දකින්න මාධව හුගක්  ආස උනා. එයා ආවේ නැති දිනවල විපරම් කරන්නත්  පුරුදු උනා. කොහොම උනත් මාධව ටික දිනක් යද්දී ගොඩක් දේවල් සොයා ගත්තා. වැඩ කරන තැන, මුණු පොතේ පිටුව, සහ තවත් විස්තර….

කාලය ගෙවුනා. ඇය හැමදාම ඇන්දේ කළු සුදු ඇඳුම. කළු කලිසම සහ සුදු බ්ලවුස් ඒක. හවසට වැඩ ඇරිලා යන්නේ බත්තරමුල්ල ******* කාර්යාල සේවයේ. මාධවත් විශේෂ වැඩක් නැති දිනවලට දියතේ කෙහෙල් කොලේ යටට වෙලා සෙව්වන්දි දිහා බලන් ඉන්න පුරුදු උනා. දියතේ ලස්සන තවත් වැඩි කරන්නේ වෙන කවුරුත් නෙමෙයි. පුංචි සෙව්වන්දිම තමයි. ඒ දියරැළි වල හඬ නගන්නෙත් එයා!! ඒ සෙවනැලි නලවන්නෙත් එයා. හවසට චන්ඩ හිරු රැස් සෞම්‍ය කරන්නෙත් එයා! එයාගේ පුංචි හිනාවකින් මුළු පරිසරයම නිවෙනවා! ඒ හිනාව මාධවගේ පපුව ඇතුලටම දැනෙනවා. ඒ හිනාවෙන් “මටත්” එකපාරක් හිනාවෙන්න. මාධව ප්‍රාර්ථනා කරනවා! ඒ ප්‍රාර්ථනා දියතේ සුලගේ දැවටී විසිරිලා යද්දී මාධව එයා දිහා බලන් ඉන්නවා! අන්තිමට කළු දුෂ්ට පෙනුම තියන රාක්ෂ බස් ඒක ඇවිත් එයාව අරන් යනවා! මාධවගේ වෙලාව ඉවරයි.

ඔහොම කාලේ ගෙවෙද්දී මාධව දැනගත්තා. අකුණක් ගහනවා වගේ සහතිකෙටම!

එයා “ආදරේ” කරනවා!

ඒ දෙන්නගේ ලස්සන ආදරණිය ෆොටෝ එකක් එක්ක එයාගේ ඉල්ලීමට සෙව්වන්දි පිළිතුරු දීලා තිබ්බ හැටි මාධව මුණු පොතෙන් දැක්කා. ඉරිසියාව පපුවෙන් එකයි. එත් ඒ වගේම සතුටුයි. මාධව කියන්නේ ෂේක් නම් එයාට බැහැ මාධවගේ ෆියෝනා වෙන්න. මාධව විරූපී රකුසෙක්! සෙව්වන්දි සුරංගනාවියක්. එයාට හොද අනාගතයක් උරුම වෙන්න යනවා. මාධවට දැනුනා. මාධව මුණු පොත පරිශීලනය කරන ඒක නැවැත්තුවා. හිත හදාගන්නත් එපයි.

එදා මාධව දියතේ මහා රෑ වෙනකම්ම කල් ගෙව්වා. පපුව පුරා නැගෙන දුක් සිතුවිලි රැගෙන යන්න දියතේ සිසිල් සුළඟට ඉඩ දී සිටියා. රෑ බෝ වී නවාතැනට ගොස් නිදා ගත්තා. පුරුදු පරිදි රාජකාරියේ නිරත උනා. නැවත ලොලීටා නෑ.

දියතෙන් නික්ම යන දිනය උදා උනා. ඉක්මනින් කාලය ගෙවී ගිහින්. වයඹ පළාතේ රජයේ පර්යේෂණ ආයතනයක තනතුරකට මාධව යොමු උනා. සෙව්වන්දි පිලිබඳ මතකයන් දියතේ දියකර හැරියා. වයඹට ආවේ මාධව පමණයි. මතක කිසිත් නෑ. මාධව එසේ සිතුවා.

කතාව ඉක්මනින් ඉවර වෙනවා මිතුරනි. වැඩි දුර යන්නේ නැ. වයඹ ආයතනයේ නේවාසිකාගාරයේ තනි වී සිටි රැයක මාධව පැරණි මතකයන් අවදි උනා. නින්ද නොගිය පාලු රාත්‍රියක පුංචි ලොලීටා සිහි වුනා. එදා ආදරය කළ ඇගේ රුව මැවි මැවී පෙනුනා. එකමත් එක දවසක ඉර බැස ගිය සන්ද්‍යාවේ මල් ගොමුවේ  මල් නෙලූ ඈ රුව  මතක් වුවා. මල්වර වයසේ නොඉඳුල්  දණහිස් පොඩි, පුංචි ගවුම තුල සැඟවී ගිය සැටි,යලි යලි සිහි වුවා. සිතින් මවා ගත් ඇයගේ නව යොවුන් පියවුරු ගවුම් පොඩිත්තෙන් වැසී තිබුණු  අයුරු සිහි වී මාධවට සිහින් සිනහා නැගුනා!  ඒ ආදරය මිත්‍රවරුනි. වනචර කම නොවේ! ආදරය!! 

වහල් උණු සිතේ අණට මාධව විසින් ආයෙමත් මුණු පොත සක්‍රිය කළා! යතුරු පුවරුව මත ඇගේ නම සටහන් කළා. යුරේකා! මෙන්න “ඈ”.

ඔහුගේ “මනාලිය”  දකින්නට සිටියා. ඔහුගේම වූ!! වචනයේ අර්ථයෙන්ම මනා – ලියක්!  සෙව්වන්දියගේ දුවිල්ලවත්  මාධවට තවත් හිමි නෑ. මාධවට සියුම් වේදනාවක් දැනුනා. මගුල!! මොන හු**කට මේක බැලුවද ප*යා! මාධවගේ යටි සිත මාධවට දොස් කියනවා. දිගු සුසුම් පාවී ගියා. නිදි දෙව් දුව මාධව රැගෙන ඈතට ඈතට ගියා. සිහිනයෙනුත් ඈතට ඈතට  යන සෙව්වන්දි දිහා බලාගෙන මාධව හිස් බැල්මෙන්.  ඈ දෙසට දිව ගොස් ඈ අල්ලාගන්නට, මධුසමය දා ඔහුගෙන් පැහැරගෙන විත් එක්ටැම් ගෙයි සිර කරන්න. ඔහු ඇය තුලට පිවිසෙන්නට පෙර, පුංචි සුරංගනාවියට රිද්දන්න නොදී පැහැරගෙන ආරස්සා කරන්න!  මාධවගේ  පුංචි  සුරන්ගනාවියට බෑ ඒ වේදනාවන් විදගන්න! මාධවට විතරයි පිළිවන්! නොරිදා ඇයව සිහින ලොවේ දුර රැගෙන යන්න! මාධව විතරයි  ඇයව බේරා ගන්න ඉන්නේ. හපොයි! රෙද්දේ සිහින! සිහින.

කාලය ගෙවුනා! දැන් සෙව්වන්දියක් නෑ. එත් මාධව ආයෙමත්  දවසක හිතට වහල් උනා. නැවත මුහුණු පොත සක්‍රිය කළා!

සුළි සුළඟක් විසින් ඇගේ ජීවිතයේ හැමදේම  රැගෙන ගොස් තිබුනා. සෙව්වන්දි තනි වෙලා. අර පර බලල ඒකිව රවට්ටලා. අවුරුදු ගානක් පරෙස්සමින් ඉදපු සුරංගනාවියක් වගේ කෙල්ලගේ හැමදේම ඌ අරන් ගිහින්! මාධවට හැමදේම හිතාගන්න මහා වෙලාවක් ගියේ නෑ. සුළි කුනාටුවකට පස්සේ වගේ කැළඹිලා!!!
 සෙව්වන්දි නරක ළමයෙක් නෙමෙයි. සැබවින්ම ඈ යහපත් කෙල්ලක්! මොන රෙද්දක් කලාද සක්කිලි බල්ලෝ උබ මගේ ලොලීටට!! මාධව කේන්තියෙන් කෑගැහුවා! ඒ ශබ්ධ පපුව තුලින් එලියට ආවේ නම් නෑ! අහිංසක කෙල්ලෙක්ගෙ ජීවිතය විනාශ වෙලා. මේ ලෝකේ සාධාරනයක් කියලා එකක් නෑ! මොන තුත්තුකුඩියෙවත්!! රෙද්දේ සාදාරණත්වය!! මාධව තෙරුන් ගත්තා! තියනවනම් සුරංගනාවියක් වගේ  කෙල්ලෙක්ට නරකක් වෙන්න බෑ.

ඉතින්….. ලොලීටා තනිවෙලා……

මාධව කියවූ නවකතාවේ ජිවත් වන ලොලීටා මියයනවා! ඈ වෙනුවෙන් ඔහු පළිගන්නවා!

සැබෑ ජිවිතයේ,

ලොලීටා මැරී මැරී ඉපදෙනවා ඇති ! එත් ඇයට ආදරේ කරන මාධවට ඈ වෙනුවෙන් කල හැකි කිසිත් දෙයක් නැහැ!!
කොහොම උනත් ඒක අතකට මාධවගේ ප්‍රාර්ථනාව 
ලොලීටා……. ආයෙත් එන්න….. එකම එක වරක් ඔබේ රුව දකින්නට….. ආයෙමත් එන්න
නම් ඉටු උනා! උවමනාවටත් වඩා දේවල් දකින්නටත් ලැබුනා.
තවත් ප්‍රාර්ථනා…….. ?

———————————————————————
%d bloggers like this: