Menu Close

කෙසෙල් පිලිබඳ ගැටලුවක්…මෙය කූට අර්ථ නිරූපනයක්ද ?

       Face Book  සටහනක තිබුණු, පහත දැක්වෙන ඡායාරුපය දැක, මට මේ ගැන තවදුරටත් සොයා බැලීමට සිතුනි. මට පෙනෙන ආකාරයට,  එක්කෝ මෙය පරිගණක ප්‍රයෝගයක් මගින් කළ දෙයක් හෝ බාහිරින් සොයා ගත්  අංග කෙසල් කැනකට සුක්ෂම ලෙස අමුණා, ගන්නා ලද ඡායාරූපයකි
                                                                
මේ ගැන තවදුරටත් විමසිලිමත් වීමට පෙර, අප කවුරුත් හොඳට දැක පුරුදු ඇති කෙසෙල් ශාකයක බාහිර ලක්ෂණ සහ භ්‍යන්තර ව්‍යුහය පිලිබඳ සොයා බලමු.  
කෙසෙල් ශාකය, සාමාන්‍ය    ව්‍යවහාරයේදී  ගසක්ලෙස හැඳින්වූවත්,  එයට දැවමය කඳක් නොමැති නිසා එය ගසක් නොවේ. සාමාන්‍ය  ව්‍යවහාරයේ කෙසෙල් ‘අලය’ ලෙස දැක්වෙනුයේ කෙසෙල්  ශාකයේ  භූගත කඳ (underground stem )වේ. මෙම භූගත කඳ රයිසෝමයකි. (ඉඟුරු ශාකයක මෙනි) සාමාන්‍ය  ශාකයක වායව කඳක මෙන් මෙහිද, ත්‍ර  කක්ෂ (axils), ත්‍ර  (leaves),  කක්ෂීය අංකුර(axillary buds), පර්ව(internodes), ග්‍රස්ථ අංකුරය (terminal bud)  ආදී සියලුම ව්‍යුහ  ඉතාමත් සංයුක්ත (එකට බැඳී ඇති) ආකාරයකට රයිසෝමයේ  පිහිටයි.පොලොව යට තිබෙන නිසා ත්‍ර  පවතිනුයේ දුඹුරු පැහැති  ශල්ක ත්‍ර  (scale leaves) ලෙසටය. කෙසෙල් රයිසෝමයෙන්  සෑදෙන අංකුර නැතහොත් මොටෙය්යෝ කක්ෂීය අංකුර වේකෙසෙල් පැලයක් වැඩෙන විට, රයිසෝමයේ ඇති ග්‍රස්ථ අංකුරය වටා ඇති ශල්ක ත්‍ර  පොළොවෙන් උඩට වැඩී, ඒවායේ පටක වල ජලය රැස්කර මාංශල වී සියල්ල රවුමට එකකට එකක් පිටින් සිටින සේ සකස් වී, කෙසෙල්  කඳ සෑදෙයි. මේවායේ එකිනෙක ග්‍රයේ, ශක්තිමත් වෘන්තයක් (petiole) සහිත විශාල ත්‍ර  හටගනී. ආලෝකයට නිරාවරණය වන ත්‍ර  වල, ප්‍රභාසංස්ලේෂණය සඳහා හරිතප්‍ර තිබෙන නිසා කොළ පැහැයෙන් යුක්තය  මේ නිසා ඉඟුරු පැලයක් සහ කෙසෙල් පැලයක් ව්‍යුහය  අතින් බොහෝ දුරට සමාන වේ. මෙසේ මාංශල ගතියකින් යුක්ත කෙසෙල් ව්‍යා කඳ(pseudo-stem) නිසා ශාකය ඍජුව වැඩේ
කෙසෙල් ශාකය පරිණත වන විට, රයිසෝමයේ ඇති ග්‍රස්ථ අංකුරය, ත්‍ර  නිපදවීමේ ක්‍රියාවලිය වෙන අතකට හරවා, පුෂ්ප මංජරියක් සකස් කිරීමේ කෘතියක් ඉටු කරයි. මේ ආකාරයට කෙසල්කඳභ්‍යන්තරයේ ළදරුකෙසෙල් මුවයහටගනී. සමගම මුවයට පහලින් ඇති කොටස ඉතා ඉක්මණින්  වර්ධනය වීකෙසෙල් බඩය  ලෙස වේගයෙන් විකසනය වෙමින්  කෙසෙල් මුව ඉහලට තල්ලු කිරීමට පටන් ගනී. අවසානයේදී හොඳින් පරිණත වූ කෙසෙල් මුව ශාකයේ මුදුනින් එලියට පැමිණේ. සාමාන්‍ය  ව්‍යවහාරයේ කෙසෙල් ශාකය  ‘පීදීමලෙස හඳුන්වනුයේ මෙම ක්‍රියාවලියයි.    

  

                                              
කෙසෙල් මුවය,  විද්‍යාත්මකව, කෙසෙල් ශාකයේ පුෂ්ප මංජරියයි. කෙසල් මුවයේද සාමාන්‍ය කඳක  මෙන් ත්‍ර  කක්ෂ තිබේ. මෙම කක්ෂ වල හටගන්නා දුඹුරු පැහැයට හුරු විශාල ව්‍යුහ, නිපත්‍ර  (bracts) ලෙස හැඳින්වේකෙසෙල් මුවයේ නිපත්‍ර  අක්ෂ වල, පුෂ්ප තිරස් පොකුරු ලෙස හට ගනී. බොහෝවිට මෙසේ මුලින් හටගන්නා පුෂ්ප ද්විලිංගික වේ. පුෂ්ප පරාගණයෙන් පසු කෙසෙල් ඵල (ගෙඩි) සෑදී කෙසෙල් ඇවරි බවට පරිවර්තනය වේ.   

            

සාමාන්‍යයෙන් එක කෙසෙල් කැනක  ඇවරි  දහයක් දොළහක් පමණ හටගනී. මීට පසු පුෂ්ප මංජරී අක්ෂය බොහෝවිට මුවයත් සමග තවත් දිගට වැඩේ. පසුව හටගන්නා   පුෂ්ප පොකුරු වල ඇත්තේ   පුං (male) පුෂ්ප පමණකි. මේවායින් ගෙඩි හට නොගනී.  මෙම නටුවේ කිසිම අක්ෂයක, අක්ෂීය අංකුර නොමැති නිසා  අලුතෙන් මුවයක් හටගැනීම සිදුවිය නොහැකිය
දැන් ඉහත ඡායාරුපය දෙස බලමු. මෙහි පෙනෙන ආකාරයට, මුල් කෙසෙල් කැනෙහි කෙසෙල් ඇවරි  සකස් වූවාට  පසු තවත් අංකුර  නිපදවිය නොහැකි පුෂ්ප මංජරී අක්ෂයට, මුව සහිත මංජරී අක්ෂ රාශියක් කෘතීම ලෙස බද්ධ කර ඇති බව පැහැදිලිව පෙනේ.
මේ  නිසා මෙය  තාක්ෂණය   භාවිත කර, කියවන්නන් නොමග  යැවීමේ බොළඳ අදහසක් බව සඳහන් කළ  හැකියඑසේ නොමැතිනම්  පිටින් සොයාගත් කෙසෙල් මුව එයට අමුණා ලබාගත්  ඡායාරුපයක් විය හැකිය. කෙසේ වෙතත් තම දක්ෂතා සහ කාළය  නිරපරාදේ, වැඩකට නැති මෙවැනි දේ  සඳහා යොමු කිරීම කෙතරම් අපරාධයක්ද?    

%d bloggers like this: