Menu Close

පෑඩ් ගැන

ඔසප් වීම් ගැන පෑඩ් ගැන ගැහැණුන්ට අපහාසාත්මක ලෙස කතා කරන උන් මව්කුසකින් ආපු එවුන් වෙන්න බෑ. ප්‍රතිපත්තියට අකමැති නම් සජිත්ට බැනපල්ලා, ඒක දේශපාලනිකව විවේචනය කරපල්ලා. UNP එක පට්ට ගහපල්ලා.

අම්මලට, තමන්ගේ දුවලට, තමන්ගේ ගෑණිට අපහාස වෙන විදියේ කතා කියලා සමාජය කිළිටි කරන්න එපා.

උඹලා ඡන්දේ කාලෙට විතරයි පාක්ෂිකයෝ. ඒ නිසා පාක්ෂිකයෙක් විදියට විතරක් නෙවෙයි පුරවැසියෙක් , පුතෙක්, තාත්තෙක්, සහෝදරයෙක්, අඩුම ගාණේ යාළුවෙක් විදියටත් හැසිරියල්ලා.

ඉරිච්ච පාංකඩ රෙදි හෝද හෝද හැංගි හැංගි අඳින වේදනාවෙන් ඉන්න ගෑණියෙක් දැක්කොත් උන්ව තේරුම් ගන්න තරම් උඹලට සංවේදී භාවයක් තිබ්බ නම් ඔහොම කියන්නෙ නෑ.

පාක්ෂිකයෙක් වෙයන් සහාසිකයෙක් නොවී…

© පැතුම්.

%d bloggers like this: