Menu Close

වෙරළක සැඳෑව – Sunset Beach

ඉස්සර දවසක ලස්සන හවසක
රන්වන් මූදු වැලි තීරය දිගේ
ඔහේ ඇවිද ගිය කාලය මතක ද…
ඈත එපිට ආකාසෙ සිපගෙන
නිල් සයුර දිලිසෙන ලස්සන…
පෙරළි පෙරළි එන රළපෙළ
වෙරළට ගේන මුදු කිරිපෙන…
පාට සේළයෙන් සැරසී වලාපෙළ 
බැස යන හිරුට සමුදෙන ලස්සන…
දසත අඳුර පැතිරෙන ඇසිල්ලේ  
මියුරු හඬ දී පියාඹා යන සියොත් කැල…
ඈත දියඹේ මතුවෙන සැඟවෙන
පහන් සිළු පාවෙන ලස්සන…
මුසුකොට සරසන සුන්දර සැඳෑව…
නෙක වද විඳ බැටකන දවස අග
පුංචි ඉසිඹුව…
%d bloggers like this: