
මම වෛද්‍ය සාෆිව දන්නේ නැත. ඔහු අයිසිස් ද බෝකෝ හරාම් ද තලෙබාන් කියාද නොදනිමි. නමුත් ඔහු සීසර් ශල්‍යකර්ම අතර තුරදී සිංහල කාන්තාවන් 4000 වඳ කලා යන්න මම නොපිලිගත්තෙමි. ඒ මන්ද යත් සීසර් ශල්‍යකර්ම කිරීමෙන් ලත් අත්දැකීම් නිසා හෙදියගේත් සහායක වෛද්‍යවරයාගෙත් ඇස් වසා පැලෝපීය නාලයට හානි කල නොහැකි බව මගේ තර්කානුකූල බුද්ධිය මට කීවේය.
සාෆිගේ වඳ කතාව එලියට ආ කාලයේදීම මම ප්‍රසිද්ධියේ මා දන්නා සත්‍ය කතා කලෙමි. පුවත්පත් සහ බ්ලොග් කීපයක් මගේ ලිපිය පළ කල අතර ඒ සඳහා මම බොහෝ දොස් / කුනුහරප ඇසුවෙමි. නමුත් මා මා දන්නා සහ විශ්වාස කරන සත්‍ය වෙනුවෙන් පෙනී සිටියෙමි.
වෛද්‍ය සාෆි සිංහල කාන්තාවන් 4000 වඳ කල බවට හිසේ අත තියා දිවුරමින් විශාල බොරුවක් සමාජගත කල රතන සහ ජයසුමන අද නිහඞය. ඔවුන් සමාජය නොමග යැව්වෝය. මෙවැනි දෙයක් සීලාචාර රාජ්‍යක සිදු වූයේ නම් රතන සහ ජයසුමන මේ වන විට නීතිය ඉදිරියේය.