Menu Close

භීෂණයට මුවාවූ තරුණ ඝාතන

රණසිංහ ප්‍රේමදාස පියාණෝගේ යුගයෙන්…..1

 භීෂණයට මුවාවූ තරුණ ඝාතන



1988-89 භීෂණය සමග ගමන් කරන නම් අතර රෝහණ විඡේවීර, ආරක්‍ෂක
ඇමැති රන්ජන් විඡේරත්න, ජනාධිපති ආර්. ප්‍රේමදාස තරමටම ඩග්ලස්‌ 

පීරිස්‌ නමැති පොලිස්‌ නිලධාරියා ද ජනතාව අතර සුප්‍රසිද්ධය.


භීෂණය පැවැති සමයේ පෑලියගොඩ පොලිස්‌ අධිකාරී වූයේ ඩග්ලස්‌ පීරිස්‌ය.  


බටලන්ද වධකාගාරය මේ රටේ ජනතාව අතර ප්‍රචලිත වූයේ යම් සේද 

ඊට  අනුබල දුන් රනිල් වික්‍රමසිංහ ඇතුළු දේශපාලනඥයන්ගේ මෙන්ම 

තව  අයගේ නම් ද තවමත් මේ රටේ ජනතාවට මතකය.


88-89 කාලය තරම් මේ රටේ මිනිසුන්ට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහිමි කළ
 කාලයක්‌ අපට නම් මතක නැත. භයානක භීෂණයක්‌ එකල මුළු රටම 
වෙලාගෙන තිබිණි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයා, පොලිස්‌ නිලධාරියා, ග්‍රාමසේවක, හමුදා 
සෙබළුන්ගේ පවුලේ උදවිය පමණක්‌ නොව තරුණ පරපුරම සිටියේ මරණය
එළිපත්තේය. පුංචි තුණ්‌ඩු කැබැල්ලකින් ඕනෑම දෙයක්‌ වෙනස්‌ කිරීමට
හැකියාව තිබූ එ කාලයේදී ප්‍රේමකීර්ති ද අල්විස්‌, විජය කුමාරතුංග, රිචඩ් ද 
සොයිසා වැනි රටක්‌ වටින අග්‍රගණ්‍ය මිනිසුන් ද නිරපරාදේ ඝාතනයට ලක්‌ වූහ.

එහෙව් ඝාතනයක්‌ පිළිබඳව ගම්පහ පළාත්බද මහාධිකරණයේ විභාග වූ 
නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් විය.


1989 ජුලි 07 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දී දෙල්ගොඩ, කඳුබොඩ
 “අඹසෙවන” නිවසේ පදිංචිව උන් උදයචන්ද්‍ර ලියනගේ සහ රත්නචන්ද්‍ර ලියනගේ
 යන එකම පවුලේ තරුණයින් දෙදෙනාගේ ඝාතනයට අදාළව මහාධිකරණය
 ලබාදුන් තීන්දුව භීෂණය නිර්මාණය කළ උන්ටත්, භීෂණයට මුවා වී පුද්ගලික 
පළිගැනීම් කළ පොලිස්‌ නිලධාරීන්ටත් හොඳ පාඩමක්‌ කියා දී තිබේ.


88-89 භීෂණයට මුවාවී මේ තරුණයන් දෙදෙනා ඝාතනය කිරීමේ අරමුණින් 
ඔවුන්ව රැගෙන ගිය පොලිස්‌ අධිකාරී ඩග්ලස්‌ පීරිස්‌ ඇතුළු පස්‌දෙනකුට 
බරපතල වැඩ සහිතව වසර පහක සිර දඬුවමක්‌ ලබාදීමට ගම්පහ පළාත්බද
 මහාධිකරණ විනිසුරු සමන් වික්‍රමාරච්චි මහතා දුන් තීන්දුව සාමය, සමගිය
ප්‍රජාතන්ත්‍රවාදය ඇගයීම පමණක්‌ නොව නීතිය සියල්ලටම ඉහළින් තිබෙන බව 
යළිත් තහවුරු කිරීමට තරම් වූ තීන්දුවක්‌ බවට පත්ව ඇත.


තීන්දුව ප්‍රකාශ කරමින් ගම්පහ පළාත්බද මහාධිකරණ විනිසුරු සමන් 
වික්‍රමාරච්චි මහතා කළ ප්‍රකාශයෙන් කොටසක්‌ උපුටා දැක්‌වීම වැදගත් යැයි 
සිතමි.



“නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින නිලධාරීන් නීතියට එකඟව ක්‍රියා කළ යුතුයි. 
උසස්‌වීම්, විවිධ වරප්‍රසාද, බලාපොරොත්තුවෙන් නීතියේ කඩතුරාවට, නිල 
ඇඳුමට මුවාවී නීතියට පටහැනිව ක්‍රියා කිරීමට කිසිවකුට නොහැකිය. අද 
ජාතික වීරයකු හෙට ජාති ද්‍රෝහියකු විය හැකියි. නිසා අප සියලු දෙනාම 
නීතියට අනුව සාධාරණව ක්‍රියා කළ යුතුයි.

අභියාචනාධිකරණය නියෝග නොකළා නම් මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ
 සිදු නොවන්නට ඉඩ තිබිණි. රටේ පැවති භීෂණයට විරුද්ධව භීෂණයක්‌ 
ක්‍රියාත්මක වී තිබූ නිසා දෙමාපියන්ට පැමිණිල්ලක්‌ කිරීමට නොහැකිව තිබුණා. 
අවසානයේදී දරුවා අහිමිවීමේ නඩු විභාගයට පෙර දෙමාපියන් මෙලොවින් 
සමුගෙන තිබුණා. රටක කැලෑ නීතියක්‌ ක්‍රියාත්මක විය යුතු නෑ. අධිකරණය රටේ
 සැමට සමාන විය යුතුයි. මෙම තීන්දුව යළි භීෂණයක්‌ ඇති නොවීමට 
පූර්වාදර්ශයක්‌ කරගත හැකියි.”
(උපුටා ගැනීම අන්තර්ජාලයෙනි)
%d bloggers like this: